දේවරාජ්‍යය දේශනා කිරීම අනගි වරප්‍රසාදයක්
1 ජීවිතය දිනපතා පවත්වාගෙන යෑමට යෙහෝවා දෙවි ත්‍යාගශීලීව දී තිබෙන දේවලින් පොළොවේ වෙසෙන සෑම කෙනෙක්ම ලබන්නේ ඉමහත් ප්‍රයෝජනයක්. (මතෙ. 5:45) දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීම මගින් මැවුම්කරුවාණන්ට කෘතගුණ පෙන්වීමට ලැබීම ඇත්තෙන්ම ඉමහත් වරප්‍රසාදයක් වුවත් එසේ කරන්නේ අතළොස්සක් පමණයි. (මතෙ. 24:14) ඔබ මෙම වරප්‍රසාදය කොතරම් ඉහළින් අගය කරනවාද?
2 දේවරාජ්‍යය ගැන දේශනා කිරීමෙන් දෙවිට මහත් ගෞරවයක් ලැබෙනවා. ඒ වගේම වර්තමානයේ අප අද්දකින අර්බුදකාරී තත්වයන්ගෙන් මහත් පීඩාවට ලක්ව සිටින ජනයාට බලාපොරොත්තුවක් සහ මානසික සාමයක්ද ඉන් ලබා දෙනවා. (හෙබ්‍රෙ. 13:15) යම් කෙනෙක් මෙම පණිවුඩය පිළිගන්නවා නම්, ඔහුට සදාකාල ජීවනයේ දොරටුව විවෘත වෙනවා. (යොහ. 17:3) කිසිම රැකියාවකින් හෝ කිසිම වෘත්තියකින් එවන් ප්‍රයෝජන ලබාගන්නට පුළුවන්ද? ප්‍රේරිත පාවුල් එය කරගෙන ගිය ආකාරයෙන් ඔහු එය කොතරම් අගය කළාද කියා අපට පේනවා. ඔහු තමා කළ සේවය සැලකුවේ නිධානයක් ලෙසටයි.—ක්‍රියා 20:20, 21, 24; 2 කොරි. 4:1, 7.
3 අප සතු අනගි වරප්‍රසාදය අගය කිරීම: දේශනා කිරීමේ වරප්‍රසාදය අපි අගය කරනවා නම්, එම සේවයේ ගුණාත්මකභාවය ගැන අපි සැලකිලිමත් වෙනවා. ජනයාගේ සිත්වලට කාවදින ලෙස කතා කිරීමට අප හොඳින් කාලය ගෙන සූදානම් වෙනවාද? බයිබල් පද යොදාගෙන ඒවා තර්කානුකූලව පහදා දීමේ කුසලතාව දියුණු කරගැනීම ගැන අපි සිතනවාද? අප වැඩ කරන ප්‍රදේශය මුළුමනින්ම ආවරණය කිරීමට අප උත්සාහ කරනවාද? බයිබල් පාඩම් ආරම්භ කිරීමටත් ඒවා පවත්වාගෙන යෑමටත් අපට හැකිද? එදා විසූ සහ අද වෙසෙන විශ්වාසවන්ත ක්‍රිස්තියානීන් මෙන් අපත් මෙම සේවය ගැන නිසි ආකල්පයකින් පෙලඹී ක්‍රියා කරනවා. ඒ වගේම මෙම වරප්‍රසාදය බොහෝ ඉහළින් අප අගය කරනවා.—මතෙ. 25:14-23.
4 අප වයස්ගත වී, අසනීපයෙන් හෝ වෙනත් දුෂ්කර තත්වයන්ට මුහුණ දෙමින් සිටින්නේ නම්, දේවසේවයේ සහභාගි වීමට අප දරන ප්රයත්නයද බොහෝ සෙයින් වටින බව දැනගැනීමට ලැබීම මහත් සැනසිල්ලට කාරණයක්. ඔබ කරන ඒ සේවය අනිත් අයට නොපෙනෙන්න පුළුවන්. නමුත් තමන්ට සේවය කරන අය දරන ප්රයත්නය යෙහෝවා බොහෝ සෙයින් අගය කරන බව බයිබලය අපට සහතික වෙනවා.—ලූක් 21:1-4.
5 දේවරාජ්‍යය ගැන දේශනා කිරීම තුළින් ලැබෙන්නේ මහත් ප්‍රීතියක්. වයස අවුරුදු 92ක් වූ සහෝදරියක් මෙහෙම පැවසුවා. “මම දෙවිට කැප වී අවුරුදු 80කට වඩා වැඩි කාලයක් සේවය කර තිබෙනවා. ඒ ගැන මම කවදාවත් පසුතැවෙන්නේ නැහැ. මට මගේ ජීවිතය ආයෙත් මුල ඉඳන් ගත කරන්න අවස්ථාවක් ලැබුණොත්, මම ඒ සේවයමයි කරන්නේ. ඔව්, ‘දෙවිගේ කරුණාව ජීවිතයට වඩා යහපත්’ බව මම අද්දැකලා තියෙනවා.” (ගීතා. 63:3) එසේනම් දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීමට අපට දෙවිගෙන් ලැබී තිබෙන මේ අනගි වරප්‍රසාදය අපි ඉහළින් අගය කරමු.