ප්රගතිශීලී බයිබල් පාඩම් පැවැත්වීම 12වන කොටස:
බයිබල් පාඩම් පැවැත්වීමට ශිෂ්‍යයන්ට උපකාර
1 අප සමඟ බයිබල් ශිෂ්‍යයන් ක්ෂේත්‍ර සේවයේ යෑම ආරම්භ කරන විට, ඔවුන් විසින්ම බයිබල් පාඩම් පටන්ගෙන ඒවා පවත්වාගෙන යා යුතුය යන අදහසට ඔවුන් භය වෙන්න පුළුවන්. බයිබල් පාඩම් පැවැත්වීම අපගේ දේවසේවයේ අත්‍යවශ්‍යම අංගයක්. එසේනම්, මෙය තමන්ට කළ හැකි දෙයක් බව පැහැදිලිව වටහාගැනීමට ඔවුන්ට උපකාර කිරීමට අපට හැක්කේ කොහොමද?—මතෙ. 24:14; 28:19, 20.
2 යම් බයිබල් ශිෂ්‍යයෙක් බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙක් නම්, ඔහු ඒ වන විටත් දිව්‍යාණ්ඩු සේවා පාසැලට ඇතුළත් වී සිටිනවා විය හැකියි. එහි ඉදිරිපත් කරන ශිෂ්‍ය පැවරුම්වලට ඔහු සූදානම් වෙන විටත් ඒවා ඉදිරිපත් කරන විටත් ඔහු ලබන්නේ කදිම පුහුණුවක්. මේ අනුව, මෙම පුහුණුව මගින් ඔහුට හැකියි, “සත්‍යයේ වචනය හරියාකාරව හසුරුවන, ලජ්ජා වීමට හේතුවක් නැති වැඩකාරයෙකු” බවට පත්වීමට.—2 තිමෝ. 2:15.
3 ඔබේ ආදර්ශයෙන් උගන්වන්න: යේසුස් තම ගෝලයන්ව පුහුණු කළේ ඔවුන්ට පැහැදිලි උපදෙස් දීමෙන් සහ ඔහුගේම ආදර්ශයෙන්. “සම්පූර්ණයෙන්ම උගන්වනු ලැබූ සෑම කෙනෙකුම තම ගුරුතුමා මෙන් වන්නේය” කියා ඔහු පැවසුවා. (ලූක් 6:40) ඔබ ඔබේ දේවසේවයේදී යේසුස් දුන් ආදර්ශය අනුගමනය කිරීම ඉතා වැදගත්. ඔබේ ශිෂ්‍යයා ඔබේ ආදර්ශය දකිද්දී, නැවත බැලීමේ මූලික අරමුණ බයිබල් පාඩම් ආරම්භ කිරීම බව ඔහු හොඳින් වටහාගන්නවා.
4 බයිබල් පාඩමක් පැවැත්වීම ගැන ගෙවැසියා සමඟ කතා කරන විට, සියලුම තොරතුරු ගැන විස්තර කිරීම අවශ්‍ය නැති බව ඔබේ ශිෂ්‍යයාට කියන්න. සමහරවිට හොඳම දේ වන්නේ පාඩම් කරන ප්රකාශනයකින් ඡේදයක් හෝ දෙකක් කියවා පාඩමක් කරන සැටි ඔහුට පෙන්වීමයි. මෙය කරන ආකාරය සඳහා යම් යම් යෝජනා මෙම කලාපයේ 8වන පිටුවේ සහ 2002 ජනවාරි අපගේ රාජ්‍ය සේවාවේ 6වන පිටුවේ දැකිය හැකියි.
5 ඔබ හෝ වෙනත් අය කරන බයිබල් පාඩම්වලට ඔබේ ශිෂ්‍යයාට සහභාගි වීමට ආරාධනා කරන්න. එවැනි පාඩමකදී ඡේදයක් ගැන හෝ බයිබල් පදයක් ගැන යම් අදහසක් දැක්වීමට ඔහුට පුළුවන්. ඔබ පාඩම කරන විදිහ දෙස බලා සිටීමෙන් ඔහුට බොහෝ දේ ඉගෙනගත හැකියි. (හිතෝ. 27:17; 2 තිමෝ. 2:2) ඒ බයිබල් පාඩමේදී ඔහු දැක්වූ අදහස් ගැන ඔහුට ප්‍රශංසා කරන්න. තවත් දියුණු විය හැකි පැති ඔහුට පෙන්වා දෙන්න.
6 දේවවචනය අන්‍යයන්ට ඉගැන්වීමට නව ප්‍රචාරකයන්ව අප විසින් පුහුණු කිරීම මගින් ඔවුන්ට ඔවුන්ගේම බයිබල් පාඩම් පටන්ගෙන ඒවා පැවැත්වීමට හැකිකම ලැබේවි. මෙය ඔවුන් විසින් කළ හැකි ‘යහපත් ක්‍රියාවක්’ හැටියට සලකන්න පුළුවන්. (2 තිමෝ. 3:17) එසේනම්, “කැමති කෙනෙක් ජීවන වතුර නොමිලේ ගනීවා” යන ප්‍රේමණීය ආරාධනය තවත් අයට ඉදිරිපත් කිරීමට ඔවුන් අප සමඟ හවුල් වීම කොතරම් තෘප්තිමත් අද්දැකීමක්ද!—එළි. 22:17.