ප්රගතිශීලී බයිබල් පාඩම් පැවැත්වීම 1වන කොටස:
බයිබල් පාඩමක් යනු කුමක්ද?
1 ලොව වටා, දෙවිගේ ජනයා විසින් සෑම මසකම බයිබල් පාඩම් මිලියන හයක් පමණ පවත්වනු ලැබේ. බලපෑමෙන් යුත් ඉගැන්වීමේ ක්‍රම යොදාගෙන, අපට මෙම බයිබල් ශිෂ්‍යයන්හට කැපවීම සහ බව්තීස්මය දක්වා පැමිණීමටත්, “අන් අයට ඉගැන්වීම සඳහා ප්‍රමාණවත් ලෙස සුදුසුකම්” ලබාගැනීමටත් උපකාර කළ හැකියි. (2 තිමෝ. 2:2, NW) එවන් ප්‍රගතියක් ලැබීමට ඔබ ඔබේ ශිෂ්‍යයාට උපකාර කිරීමට කැමතිද? මෙම කලාපය සමඟින්, අපගේ රාජ්‍ය සේවාව ලිපි මාලාවක් පළ කරනු ඇති අතර, ඒවායේ හුවා දැක්වෙනු ඇත්තේ ප්රගතිශීලී බයිබල් පාඩම් පැවැත්වීම සම්බන්ධව මූලික පැති කිහිපයක් ගැනයි.
2 බයිබල් පාඩමක් වාර්තා කළ හැකි අවස්ථාව: ඔබ නිතිපතා පිළිවෙළකට කෙටියෙන් වුවද, වෙනත් ප්රකාශනයක් සමඟින් බයිබලය යොදාගෙන බයිබල් සාකච්ඡා පවත්වන්නේ නම්, ඔබ පවත්වමින් සිටින්නේ බයිබල් පාඩමකි. එය පැවැත්වෙන්නේ නිවසක වුවත් දූරකථනයෙන් වුවත් එය බයිබල් පාඩමකි. පාඩම කරන අන්දම නිරූපණය කිරීමෙන් පසුව, එය දෙවතාවක් පවත්වා තිබේ නම්, එමෙන්ම දිගටම පාඩම කරගෙන යා හැකි බවට විශ්වාස කිරීමට යම් හේතුවක් තිබේ නම්, එය පාඩමක් ලෙසට වාර්තා කිරීමට හැකියාව තිබේ.
3 බොහෝ බයිබල් පාඩම් පැවැත්වීම සඳහා යොදාගැනෙන්නේ දැනුම පොත සහ ඕනෑ කරන්නේ විවරණිකාවයි. ඒවා පාඩම් කොට නිම කළ පසුව, පුද්ගලයෙක් යම් ප්‍රගතියක් දක්වන බව පෙනේ නම්, එය සෙමින් දක්වන ප්‍රගතියක් වුණත්, ඔහු තමන් ඉගෙනගන්නා දේ ගැන අගයක් වර්ධනය කරගනිමින් සිටී නම්, දෙවිට නමස්කාර කරන්න යන පොත පාඩම් කළ හැකියි. සීමිත අධ්‍යාපනයක් ලබා ඇති හෝ කියවීමේ යම් දුර්වලකම් ඇති අය සමඟ පාඩම් කිරීමට දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන් යන විවරණිකාව යොදාගත හැකියි.
4 මිලියන ගණනකට යේසුස් ක්‍රිස්තුස්ගේ සැබෑ ගෝලයන් බවට පත්වීම සඳහා උපකාර කිරීමට බයිබල් පාඩම් පැවැත්වීම ඵලදායක වී තිබේ. (මතෙ. 28:19, 20) මෙම ලිපි මාලාවේ මතුවට පළ වන ලිපිවල සඳහන් යෝජනා අදාළ කරගැනීම මගින්, ඔබට ප්රගතිශීලී බයිබල් පාඩමක් පැවැත්විය හැකියි.