එකිනෙකාව ගොඩනංවන්න
1 සෙසු සහෝදරයන්ව ගොඩනැංවීම අතින් පාවුල් හොඳ ආදර්ශයක් තබා තිබෙනවා. (ක්‍රියා 14:19-22) ඒ වගේම අපේ සහෝදරයනුත් යම් යම් දුෂ්කර තත්වයන්ට මුහුණ දෙන විට අපිටත් ඕනෑ ඔවුන්ට උපකාර කරන්නයි. වැඩිමහල්ලන්ගේ පමණක් නොවෙයි, මෙය සියලුදෙනාගේම වගකීමක්. (රෝම 15:1, 2) “දිගටම එකිනෙකාව සනසවමින්ද එකිනෙකාව ගොඩනංවමින්ද සිටින්න” යන ප්‍රේමණීය අවවාදය ක්‍රම දෙකකින් පිළිපදින්නේ කෙසේද කියා දැන් අපි සලකා බලමු.—1 තෙස. 5:11.
2 අනුන්ගේ අවශ්‍යතා තේරුම්ගන්න: දොර්කස් මේ අතින් කදිම ආදර්ශයක්. අවශ්‍යතා තිබෙන්නේ කාටදැයි තේරුම්ගෙන ඇය “යහපත් ක්‍රියා කිරීමේද දයාන්විත ලෙස පරිත්‍යාග කිරීමේද බොහෝ සේ නියැලී සිටියා” කියා බයිබලයේ වාර්තා වෙනවා. (ක්‍රියා 9:36, 39) ඔබත් එසේද? මහලු කෙනෙකුව ඔබේ වාහනයෙන් රැස්වීම්වලට ගෙන යන්න ඔබට පුළුවන්ද? පුරෝගාමියෙකු සමඟ දේවසේවයේ හවුල් වෙන්න ඔබට පුළුවන්ද? මේ විදිහට උදව් කරද්දී එය අනුන්ට කොතරම් සතුටක්ද! දිරිගැන්වීමක්ද!
3 ගොඩනංවන කතා බහ: කතාවෙන් එකිනෙකාව ගොඩනැංවීමත් අවශ්‍යයි. (එෆී. 4:29) එක්තරා පළපුරුදු වැඩිමහල්ලෙක් මෙසේ කීවා. “ඔබට කාව හරි දිරිගන්වන්න අවශ්‍ය නම්, දෙවිගේ නමස්කාරයට සම්බන්ධ දේවල් ගැන කතා කරන්න. උදාහරණයකට, ‘සත්‍යයට ආවේ කොහොමද?’ කියා අහන්න.” සභාවේ සිටින තරුණ අය ගැන උනන්දුවක් දක්වන්න. කලකිරී සිටින හෝ ලජ්ජාසහගත අය වෙතට ගොස් කතා කරන්න. (හිතෝ. 12:25) ගොඩනංවනසුලු අයුරින් කතා බහ කිරීම අතිවැදගත්. ක්‍රීඩා, විනෝදාංශ වැනි දේවල් ගැනම කතා කිරීමෙන් එකිනෙකාව ගොඩනැංවීමට හැකි නොවන බව මතක තබාගන්න.—රෝම 1:11, 12.
4 අනුන්ව ගොඩනැංවීම සඳහා කුමක් පවසන්න පුළුවන්ද? ඔබ පෞද්ගලිකව බයිබලය කියවන විට, යෙහෝවා කෙරෙහි ඔබේ අගය වැඩි වුණු යම් බයිබල් ප්‍රතිපත්තියක් ඔබේ මතකයේ රැඳී ඇති. මෑතකදී කළ මුරටැඹ සාකච්ඡාවක හෝ ප්‍රසිද්ධ කතාවක කරුණු ඔබට මතකද? එසේත් නැත්නම් එක්තරා අද්දැකීමක් ඔබේ සිතට තදින් කාවැදුණා විය හැකියි. ඔබ මේ වටිනා දේවල් ඔබේ සිතේ ගබඩා කරගෙන සිටිනවා නම්, ඔබ අනුන්ට ඒවා කියන විට ඔවුන්ව ගොඩනැංවෙනවා නියතයි.—හිතෝ. 2:1; ලූක් 6:45.
5 එසේනම්, අපි එකිනෙකාට ප්‍රායෝගිකව උපකාර කිරීමෙන් සහ අපේ කතා බහෙන් එකිනෙකාව ගොඩනංවමු.—හිතෝ. 12:18.