දෙවිට ‘මුළු සිතින්ම කීකරු වීමට’ අන්‍යයන්ව පෙලඹවීම
1. යෙහෝවා තම සේවකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද?
1 කීකරුකම යෙහෝවාගේ සේවකයන්ට අතිශයින්ම වැදගත් ගුණාංගයක්. (ද්වි. 12:28; 1 පේතෘ. 1:14-16) වැඩි කල් නොගොස්, දෙවිගේ විනිශ්චය ‘දෙවිව නොදන්නාවූද ශුභාරංචියට කීකරු නොවන්නාවූද අය’ වෙතට පැමිණීමට නියමිතයි. (2 තෙස. 1:8) එසේනම්, දෙවිට ‘මුළු සිතින්ම කීකරු වීමට’ වෙනත් අයට අප උදව් කරන්නේ කොහොමද?—රෝම 6:17.
2. ශක්තිමත් ඇදහිල්ලක් ගොඩනංවා ගැනීමට අප අන්‍යයන්ට උපකාර කිරීම වැදගත් ඇයි?
2 ඇදහිල්ල සහ ප්‍රේමය ගොඩනංවන්න: බයිබලයේ පවසන විදිහට දෙවිට කීකරු වීමට නම් ඇදහිල්ලක් තිබිය යුතුයි. “ඇදහිල්ල මාර්ගයෙන් කීකරුකම වැඩි කරන පිණිස, සදාකල් වසන දෙවිගේ ආඥාව” ගැන පාවුල් කතා කළා. (රෝම 16:26) හෙබ්‍රෙව් 11වන පරිච්ඡේදයෙත් මේ ගැන බොහෝ ආදර්ශ තිබෙනවා. මේ අයගෙන් බොහෝදෙනෙක් යෙහෝවාගේ කැමැත්තට අනුව ජීවත් වූ අය. (හෙබ්‍රෙ. 11:7, 8, 17) නමුත් කෙනෙක් අකීකරු වෙන්නේ ඇදහිල්ල නැති නිසයි. (යොහ. 3:36; හෙබ්‍රෙ. 3:18, 19) එසේනම් කීකරු වීමට යමෙකුව පොලඹවන ඇදහිල්ලක් ඔහු තුළ ඇති කිරීමට අප දේවවචනයෙන් දක්ෂ ලෙස ඔහුට ඉගැන්විය යුතුයි.—2 තිමෝ. 2:15; යාකො. 2:14, 17.
3. (අ) කීකරු වීම සහ ප්‍රේමය අතර ඇති සම්බන්ධය කුමක්ද? (ආ) යෙහෝවා කෙරෙහි ප්‍රේමයක් ගොඩනංවා ගැනීමට අපි ශිෂ්‍යයන්ට උපකාර කරන්නේ කෙසේද?
3 කීකරු වීමට අපට අවශ්‍ය තවත් දෙයක් වන්නේ දෙවිට තිබෙන ප්‍රේමයයි. (ද්වි. 5:10; 11:1, 22; 30:16) මේ ගැන 1 යොහන් 5:3හි මෙසේ කියනවා. “දෙවිට ප්‍රේම කිරීම යනු, අප විසින් ඔහුගේ ආඥා පැවැත්වීමය. ඔහුගේ ආඥා බරක් නොවේ.” යෙහෝවාට ප්‍රේම කිරීමට ශිෂ්‍යයන්ට උපකාර කළ හැක්කේ කෙසේද? ඔහුගේ ගුණාංග කෙරෙහි නිසි අගය කිරීමක් පාඩම තුළදී ගොඩනංවන්න. දෙවි ගැන ඔබට තිබෙන හැඟීම්ද පළ කරන්න. දෙවි සමඟ පෞද්ගලික සම්බන්ධතාවක් ඇති කරගන්නා ආකාරය ශිෂ්‍යයාට කියා දී, එසේ කිරීමට ඔහුව පොලඹවන්න. වෙන මොනයම් දේකටත් වඩා, දෙවිට කීකරු වීමට කෙනෙක් පෙලඹෙන්නේ ඔහු මුළු සිතින්ම දෙවිට ප්‍රේම කරනවා නම් පමණයි.—මතෙ. 22:37.
4. (අ) අපේ ආදර්ශය වැදගත් ඇයි? (ආ) මුළු සිතින් දෙවිට කීකරු වීමට අප කුමක් කළ යුතුද?
4 අපේ ආදර්ශයෙන්: අපගේ ආදර්ශය හරිම වැදගත්. ඒ තුළින් ශුභාරංචියට කීකරු වීමට අනුන්ව පෙලඹවිය හැකියි. නමුත් මුළු සිතින්ම කීකරු වීමට අපිත් නිතරම උත්සාහ කළ යුතුයි. (1 රාජා. 3:9; හිතෝ. 4:23) ඒ සඳහා නිතිපතා බයිබලය පාඩම් කරන්න. රැස්වීම්වලින් ලැබෙන තොරතුරුවලින් පෝෂණය වන්න. (ගීතා. 1:1, 2; හෙබ්‍රෙ. 10:24, 25) අප හා එක්සත්ව මුළු සිතින්ම දෙවිට නමස්කාර කරන අයවද ඇසුරු කරන්න. (හිතෝ. 13:20) මිනිසුන්ට උපකාර කිරීමේ අවංක ආශාවෙන් නිතිපතා සේවයේ යෙදෙන්න. මුළු සිතින්ම දෙවිට කීකරු වීම සඳහා ඔහුගේ උපකාරය පතා යාච්ඤා කරන්න. (ගීතා. 86:11) දුරාචාරමය, ප්‍රචණ්ඩකාරී දේවල් ප්‍රතික්ෂේප කරන්න. ඒවායින් ඔබේ සිත දූෂණය වෙන්න පුළුවන්. ඔබව දෙවිට ළං කරන, දෙවි සමඟ ඇති ඔබේ සම්බන්ධය ශක්තිමත් කරන දේවල් ගැන නිතරම සිතන්න.—යාකො. 4:7, 8.
5. කීකරු අය ආශීර්වාද ලබන්නේ කෙසේද?
5 තමාට මුළු සිතින් කීකරු වූවොත් මහත් ආශීර්වාද ලැබෙන බව යෙහෝවා සිය පුරාණ ජනතාවට පැවසුවා. (ද්වි. 28:1, 2) ඒ වගේම අදත් “පාලකයා හැටියට දෙවිට කීකරු වන සියල්ලන්ට” ඔහු බොහෝ සේ ආශීර්වාද කරනවා. (ක්‍රියා 5:32) ඒ නිසා මුළු සිතින් දෙවිට කීකරු වෙන්නට අප උගන්වන දෙයින් සහ අපේ ආදර්ශයෙන් අනුන්ව පොලඹවමු.