සාක්ෂි දැරීමට අවස්ථා පාදාගන්න
1 ක්‍රිස්තියානීන් වන අපි විවිධ තත්වයන් යටතේ සිටියත්, අපි හැමදෙනාගේම අධිෂ්ඨානය යෙහෝවා දෙවිට ප්‍රශංසා කිරීමයි. (ගීතා. 79:13) ලෙඩ දුක් අසනීප නිසා හෝ වෙනත් දුෂ්කරතා නිසා ශුභාරංචිය ගැන අන්‍යයන්ට පැවසීම යම් දුරකට සීමා වුණත් . සාක්ෂි දැරීම සඳහා අවස්ථා පාදාගන්න අපට කුමක් කළ හැකිද?
2 එදිනෙදා කටයුතුවලදී: යේසුස් එදිනෙදා කටයුතුවලදී සාක්ෂියක් දීමට අවස්ථාවල් පාදාගත්තා. ඔහු අයබදු කාර්යාලයක් පසුකර යන විට මතෙව්ටත්, පාරේ යන විට සාකේවුස්ටත්, ගිමන් හරිමින් සිටිද්දී සමරිතානු ස්ත්‍රියකටත් කතා කළා. (මතෙ. 9:9; ලූක් 19:1-5; යොහ. 4:6-10) ඒ වගේ අපටත් පුළුවන් සාමාන්‍යයෙන් කරන කතා බහක් ඔස්සේ දේවරාජ්‍යය ගැන සාක්ෂියක් දීමට. බයිබලයක්, පත්‍රිකා හෝ විවරණිකා ටිකක් ළඟ තබාගන්න. එතකොට අපේ බලාපොරොත්තුව ගැන කතා කරන්න හරිම ලෙහෙසියි.—1 පේතෘ. 3:15.
3 ඇවිදීමේ අපහසුකමක් නිසා ගෙයින් ගෙට සේවයේ යන්න ඔබට අමාරුද? එසේනම්, ප්‍රතිකාර සඳහා යන විට හෝ ඔබට හමුවන ඕනෑම කෙනෙකුට කතා කරන්න අවස්ථා පාදාගන්න. (ක්‍රියා 28:30, 31) ඔබ වැඩි වේලාවක් නිවසේම රැඳී සිටිනවා නම්, දුරකථනයෙන් හෝ ලිපියකින් සාක්ෂි දැරීමට උත්සාහ කළාද? එක් සහෝදරියක් සාක්ෂිකරුවන් නොවන තම නෑදෑයන්ට නිතරමලිපි ලියනවා. බයිබලයෙන් හොඳ අදහස් සහ සේවයේදී ලැබූ රසවත් අද්දැකීම් ඇය ඔවුන්ට කියනවා.
4 රැකියා ස්ථානයේදී හෝ පාසැලේදී: අපේ ආශාව යෙහෝවාට ප්‍රශංසා කිරීම නිසා මේ තැන්වලදී පුළුවන් තරම් සාක්ෂියක් දැරීමටයි අපි වෑයම් කරන්නේ. අවුරුදු අටක ප්‍රචාරකයෙක් සඳ ගැන පිබිදෙව්! සඟරාවෙන් කියැවූ දෙයක් පංතියේ ළමුන්ට කියා දුන්නා. ඒ බව දැන ගත් ගුරුවරයා පසුව නිතිපතා මුරටැඹ සහ පිබිදෙව්! කලාප ලබාගත්තා. රැකියා ස්ථානයේදී බයිබලයේ ඉගැන්වීම් පොතක් අනිත් අයට පේන තැනක තබාගන්න. එවිට කවුරු හරි ඒ පොත ගැන අසාවි. එවිට සාක්ෂියක් දරන්න.
5 මේ වගේ එදිනෙදා කටයුතුවලදී සාක්ෂියක් දීමට අවස්ථා පාදාගන්න ඔබට හිතන්න පුළුවන්ද? එහෙමනම්, අපි කොයි තත්වයක සිටියත් සෑම දිනකම “ප්‍රශංසාව නැති පූජාව නිතරම දෙවිට ඔප්පු කරමු.”—හෙබ්‍රෙ. 13:15.