දිනපතා යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න
1. දෙවිගේ සේවකයන් පෙලඹෙන්නේ කුමක් කිරීමටද? එයට හේතුව කුමක්ද?
1 දාවිත් රජ බොහෝ සේ කැමති වුණේ “දවස මුළුල්ලේ” පමණක් නොව සදාකාලයෙන් සදාකාලයටම දෙවිට ප්‍රශංසා කරන්නයි. (ගීතා. 145:2, 7, 21) දෙවිට ප්‍රශංසා කිරීමට අපටත් හේතු රැසක් තිබෙනවා.—ගීතා. 37:10; 145:14, 18; 2 පේතෘ. 3:13.
2. පවුලක් හැටියට දිනපතා දෙවිට ප්‍රශංසා කළ හැක්කේ කොහොමද?
2 නිවසේදී: දිනපදය සාකච්ඡා කරද්දී, පවුලේ නමස්කාරයට වෙන් කළ රාත්රියේදී නැතහොත් රැස්වීම්වලට සූදානම් වෙද්දී පවුලක් ලෙස අධ්‍යයනය කිරීම සඳහා ප්‍රයෝජනවත් පොත් පත් රැසක් අපට තිබෙනවා. දවසට එක කෑම වේලක්වත් පවුලක් හැටියට එකට ගැනීම බෙහෝ පවුල්වල පුරුද්දයි. නිදහසේ සිටින එවැනි අවස්ථා ඔවුන් යොදාගන්නේ කතා බහ කිරීමට පමණක් නොව දෙවිට ප්‍රශංසා කිරීමටයි. දෙමාපියන් මේ සඳහා ආදර්ශයක් තබන විට තම දරුවන්ට ‘දෙවි සිතන ආකාරයට සිතන්න ඉගැන්වීම’ ඔවුන්ට ඉතා පහසුයි.—එෆී. 6:4; ද්වි. 6:5-7.
3. සෙසු සහෝදරයන් සමඟ දෙවිට ප්‍රශංසා කළ හැක්කේ කොහොමද?
3 සෙසු සහෝදරයන් සමඟ: අප දේවසේවයේ යෙදෙන විට හා රැස්වීම්වලට සහභාගි වන විට අපේ සහෝදරයන් සමඟ යෙහෝවා දෙවිට ප්‍රශංසා කිරීම සඳහා ප්‍රස්තා උදා වෙනවා. (හිතෝ. 15:30; ෆිලි. 4:8; හෙබ්‍රෙ. 13:15) අප මෙන් ඔවුන්ද දෙවිට ප්‍රේම කරන නිසා එකිනෙකා සමඟ ආශ්‍රය කරන විට යෙහෝවා දෙවිට ප්‍රශංසා කිරීම පහසු දෙයක් වෙනවා.—ගීතා. 106:1.
4. දෙවිට ප්‍රශංසා කළ හැක්කේ තව කුමන අවස්ථාවලදීද?
4 අන් අය සමඟ කතා කරන විට: සෑම දවසකම දේශනා සේවයේ යෙදෙන්න අපිට අවස්ථාවන් නොලැබෙන්න පුළුවන්. එහෙත් රැකියා ස්ථානයේ, පාසැලේ හෝ වෙනත් ස්ථානයකදී අන් අය සමඟ සාක්ෂි දරන්න අපිට දිනපතා අවස්ථාව ලැබෙනවා. එසේ කිරීමෙන් එවැනි අයටත් අනාගතය සඳහා බලාපොරොත්තුවක් ඇති කරගත හැකියි. (ගීතා. 27:14; 1 පේතෘ. 3:15) එක සහෝදරියක් ගුවන් යානයකින් ගමන් කරන විට ඇය ළඟ සිටි ස්ත්‍රියකට සාක්ෂි දැරුවා. එම ස්ත්‍රිය තමන් ඇසූ දෙයින් කොපමණ සහනයක් ලැබුවාද කියනවා නම් එම සාක්ෂිකාරියට ඇගේ ලිපිනයත් දුරකථන අංකයත් ලබා දුන්නා. දිගටම බයිබලය ගැන සාකච්ඡා කරන්න ඇය කැමති වුණා. මේ සමාජයේ දුෂ්ටකම දිනෙන් දින වැඩි වන අතරේ සවන් දීමට කැමති සියලුදෙනාටම සාක්ෂිකරුවන් “යහපත ගැන ශුභාරංචි” පවසනවා. මෙය සාක්ෂි දැරීමක් පමණක් නොව යෙහෝවා දෙවිටත් කරන ප්‍රශංසාවක්!—යෙසා. 52:7; රෝම 15:11.
5. අපි දිනපතාම දෙවිට ප්‍රශංසා කිරීමෙන් ඉටු වන්නේ කුමක්ද?
5 තම සේවකයන් සෑම දවසකම තමාට ප්‍රශංසා කරන විට දෙවි මොන තරම් සතුටු වෙනවා ඇද්ද! දෙවිගේ සියලුම නිර්මාණ විවිධාකාර අන්දමින් ඔහුට ප්‍රශංසා කරනවා. ඒ හා සමානව, අපත් නිවසේ සිටිද්දී මෙන්ම සහෝදර සහෝදරයන් සමඟ හා වෙනත් අය සමඟ කතා කරද්දී දිනපතාම දෙවිට ප්‍රශංසා කරමු.—ගීතා. 19:1-4.