ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 2/06 5 පි.
  • ඉතා ළං වූ පිහිටක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඉතා ළං වූ පිහිටක්
  • 2006 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • ක්‍රිස්තියානි සභාව සැනසිල්ලේ උල්පතක්
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “වැඩිමහල්ලන්ගෙන් උදව් ඉල්ලන්න”
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ප්‍රශ්න පෙට්ටිය
    2000 අපගේ රාජ්‍ය සේවාව
  • උපකාර ඉල්ලන්න
    2000 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2006 අපගේ රාජ්‍ය සේවාව
km 2/06 5 පි.

ඉතා ළං වූ පිහිටක්

1. කෙනෙකුගේ ඇදහිල්ල දුර්වල විය හැක්කේ කොහොමද?

1 ඇදහිල්ලේ නොවන සැමියෙක් සිටි ඇනා නමැති සහෝදරියගේ රැකියාව ඉතා කාර්ය බහුල එකක්. ක්‍රිස්තියානි රැස්වීම්වලට, දේවසේවයේ සහභාගි වීමට සහ බයිබලය අධ්‍යයනය කිරීමට ඇය බලවත් උත්සාහයක් ගත්තා. ඇය තුළ යෙහෝවා කෙරෙහි තවමත් ප්‍රේමයක් තිබුණත් ඇය සිටියේ ඇදහිල්ලේ අක්‍රියාශීලී තත්වයකයි. එහෙත් ඇයට ප්‍රේමණීය වැඩිමහල්ලන්ගෙන් උපකාර ලැබුණා.

2. අනුන්ට ඉතා ළංවූ පිහිටක් වීමට අප සියල්ලන්ටම හැක්කේ කොහොමද?

2 යමෙක් ක්‍රිස්තියානි සභාවෙන් ලැබෙන උදව් පිළිගන්නවා නම්, ඉන් කියා පාන්නේ ඔහු යෙහෝවා කෙරෙහි රඳා සිටින බවයි. වැඩිමහල්ලන් ක්‍රිස්තුස්ගේ ආදර්ශය අනුව යමින් ඇදහිල්ල දුර්වලව සිටින අයට දිරිගැන්වීම සහ උපකාර දීමට යම් ක්‍රම සැලසුම් කරනවා. (1 තෙස. 5:14) බොහෝ විට, බයිබල් පදයක් හෝ දෙකකින් දිරිගැන්වීමක් දී කාරුණික වචනයක් කීම පමණයි අවශ්‍ය වෙන්නේ. තාවකාලික පසුබෑම්වලට ලක් වන අයව දිරිගැන්වීම වැඩිමහල්ලන් පමණක් කළ යුතු දෙයක් නොවේ. එය සියල්ලන්ටම කළ හැකියි. අපි හැමෝටම විටින් විට “නිසි කලට කී වචනයකින්” මහත් දිරියක් ලැබී තිබෙන බවට කිසිදු සැකයක් නැහැ.—හිතෝ. 25:11; යෙසා. 35:3, 4.

3, 4. වෙනත් අයට උපකාර කිරීමට ඇතුළත් වන්නේ මොනවාද? ඒවා කරන්නේ කෙසේද?

3 ඔබම මුල පුරන්න: උපකාර අවශ්‍ය අය කෙරෙහි කාරුණික සැලකිල්ලක් දැක්වීමට නම්, අනුකම්පාවෙන් යුතුව මුල් පියවර ගන්න අවශ්‍යයි. දාවිත් මානසිකව වැටී සිටි බව දැනගත් යොනාතාන් “නැඟිට . . . දාවිත් ළඟට ගොස් දෙවි කෙරෙහි ඔහුගේ අත සවි කළේය.” (1 සාමු. 23:15, 16) එලෙස මෘදු අන්දමින් කාරුණිකව වෙනත් අය ළඟට ගොස් උදව් කරන්න. අවංක සැලකිල්ලකින් කරුණාවෙන් කතා කරන විට මොන තරම් හොඳ ප්‍රතිඵල ලැබෙනවාද! එපමණක් නොව, සහෝදරයෙකුව දිනා ගැනීමේදී දැඩි ප්‍රයත්නයක් දැරීම අවශ්‍ය බව යේසුස් පෙන්වා දුන්නා. (ලූක් 15:4) එතරම් ඉක්මනින් දියුණුවක් නොදැක්වුවත් තවත් කෙනෙකුට උපකාර කිරීමට නොකඩවා දැඩි උනන්දුවක් දැක්වීම අවශ්‍යයි.

4 අප මුල් පියවර ගෙන වෙනත් අයට, සමහරවිට අපේ පොත් පාඩමේ සිටින අයට දේවසේවයේ හවුල් වීමට ආරාධනා කිරීම මොන තරම් දිරිගන්වනසුලුද! අපේ සහෝදරයෙකුට හෝ සහෝදරියකට දේවසේවයේ යෑමට සහය දෙද්දී අප කරන්නේ ඔහුව හෝ ඇයව තවත් ශක්තිමත් කිරීමයි. විශේෂයෙන්ම නමස්කාරයට මුල් තැන දෙමින් ජීවිතය සමබර කිරීමට උත්සාහ දරන අය සමඟ සේවයේ හවුල් වීම ලොකු ප්‍රීතියක් වගේම දිරිගැන්වීමක්.

5. යම් තත්වයන්හිදී, වැඩිමහල්ලන්ට පිහිට විය හැක්කේ කෙසේද?

5 ඉතා ප්‍රේමණීය සැලැස්මක්: දේශනා සේවයේ සහභාගි වී නැති හෝ යම් කලක් තිස්සේ සභාව සමඟ ඇසුරු නොකළ අයට තම ඇදහිල්ල ශක්තිමත් කිරීම සඳහා උපකාර අවශ්‍ය වේවි. බොහෝදුරට අවශ්‍ය වනුයේ එකම සැබෑ දෙවිට නමස්කාර කරන්න, යෙහෝවාට ළං වන්න හෝ බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොත්වලින් බයිබල් පාඩමක් කිරීම විය හැකියි. පුද්ගලයා දැනටමත් බව්තීස්ම වී සිටින බැවින්, දිගු කලක් පාඩමක් කිරීම අවශ්‍ය නැහැ. සභා සේවා කමිටුව මේ ගැන කල්පනාවෙන් සිට අවශ්‍ය අයට උපකාර දීමට කටයුතු කිරීම සුදුසුයි.—වර්ෂ 1998 නොවැම්බර් සහ 2000 නොවැම්බර් අපගේ රාජ්‍ය සේවාවේ ප්‍රශ්න පෙට්ටි බලන්න.

6. එක් සහෝදරියක් නැවත ශක්තිමත් වුණේ කොහොමද?

6 මීට ඉහත සඳහන් වූ ඇනාට වැඩිමහල්ලන් උපකාර කළා. ඒ, මේරූ සහෝදරියක් සමඟ ඇයට බයිබල් පාඩමක් පැවැත්වීමට කටයුතු සැලැස්වීමෙන්. නැවතත් යෙහෝවා වෙතට ළංවීමට ඇයට අවශ්‍ය වුණේ පාඩම් හතරක් පමණයි. ඇය රැස්වීම්වලට සහභාගි වෙන්න පටන් ගත්තා වගේම යෙහෝවා දෙවිට ප්‍රසිද්ධියේ ප්‍රශංසා කිරීමට ඇති ආශාව ඇගේ හදවතේ යළිත් දැල් වුණා. මේ සහෝදරිය ඇයව වෙනත් බයිබල් පාඩම්වලට රැගෙන ගියා. පසුව ඇයටත් හැකි වුණා ගෙයින් ගෙට සේවයේ හවුල් වීමට. ඇයට අවශ්‍ය වුණේ කවුරුහරි ඇයට අත දීමයි!

7. එකිනෙකාව ශක්තිමත් කිරීමෙන් ලැබෙන ආශීර්වාද මොනවාද?

7 අවශ්‍යතාව ඇති අයව ශක්තිමත් කිරීමෙන් සියල්ලන්ටම ආශීර්වාද ලැබෙනවා. මෙසේ උපකාර ලබන අය යෙහෝවාට ළංවී ඔහුගේ සංවිධානයේ ක්‍රියාශීලී පුද්ගලයන් ලෙස සතුටට පත් වෙනවා. එවන් අය දියුණු වෙනවා දැකීම වැඩිමහල්ලන්ටත් මහත් ප්‍රීතියක්. (ලූක් 15:5, 6) සභාව එක්සත් වෙනවා වගේම එකිනෙකා කෙරෙහි ප්‍රේමණීය සැලකිල්ලක් පෙන්වනවා. (කොලො. 3:12-14) ඇත්තෙන්ම අපට සැබවින්ම ළං වූ පිහිටක් වන යෙහෝවා දෙවිව අනුකරණය කිරීමට අපට මොන තරම් හොඳ හේතු තිබෙනවාද!—එෆී. 5:1.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න