සඟරා හඳුන්වා දිය හැකි අයුරු
පිබිදෙව්! අප්‍රි.
“අද තමන් ක්‍රිස්තියානි කියලා කියාගන්න හුඟදෙනෙක් ඉන්නවා. ඔයා හිතන විදිහට ක්‍රිස්තියානි කෙනෙක් කියන්නේ කාටද? [පිළිතුරට ඉඩ හරින්න.] යේසුස් මේ ගැන මොකක්ද කිව්වේ කියලා බලමු. [යොහන් 15:14 කියවන්න.] ක්‍රිස්තියානි කියන නම තිබුණට විතරක් මදි කියලා මේ ලිපියේ පෙන්වනවා.” සඟරාවේ 26වන පිටුවේ ඇති ලිපිය පෙන්වන්න.
මුරටැඹ මැයි 1
“තමන්ගේ දරුවෙකුගේ වියෝව දෙමාපියන්ට දැඩි වේදනාවක්. කාගෙන්ද ඔවුන්ට සැනසීමක් ලැබෙන්නේ? [පිළිතුරට ඉඩ හරින්න. රෝම 15:5 කියවන්න.] වේදනාවෙන් ඉන්න අයට දෙවි සැනසීමක් දෙන ක්‍රම ගැන මේ සඟරාවේ පැහැදිලි කරනවා.”
පිබිදෙව්! මැයි
“සමහරු හුඟක් පෝසත්. තවත් හුඟදෙනෙක් හරිම දුප්පත්. කවදාහරි දුප්පත් පෝසත් භේදය නැති වෙයිද? [පිළිතුරට ඉඩ හරින්න.] දෙවි දුප්පත් අයට සලකන ආකාරය බලමු. [ගීතාවලිය 22:24 කියවන්න.] දුප්පත් අයට බයිබලයේ දීලා තියෙන බලාපොරොත්තුව ගැන මේ සඟරාවේ පැහැදිලි කරනවා.”
මුරටැඹ මැයි 15
“මේ ප්‍රශ්නයට ඔයා මොන වගේ පිළිතුරක්ද දෙන්නේ? [කවරයේ ප්රශ්නය කියවන්න. පිළිතුරට ඉඩහරින්න.] හෙට දවස ගැන බලාපොරොත්තුවක් බයිබලයෙන් අපිට ලබා දෙනවා. [මතෙව් 6:9, 10 කියවන්න.] දෙවිගේ රාජ්‍යය මගින් ඔහුගේ කැමැත්ත පොළොවේ සිදු වෙන විදිහ මේ සඟරාවේ පැහැදිලි කරනවා.”