සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ පෙබරවාරි 1
“දෙවියන් මොන වගේ කෙනෙක් කියලද ඔබ හිතන්නේ? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] ඒ ගැන සඳහන් වෙලා තියෙන ලිපියක් මා ළඟ තියෙනවා.” දහසය වන පිටුවේ ඇති දෙවෙනි ප්රශ්නය සහ ඊට අදාළ බයිබල් පදයක් කියවා සාකච්ඡා කරන්න. ඉන්පසු සඟරාව ඉදිරිපත් කර තුන්වන ප්රශ්නය සාකච්ඡා කිරීමට වෙනත් දවසක් යොදාගන්න.
පිබිදෙව්! පෙබරවාරි
“බයිබලය හුඟක් පැරණි පොතක් නිසා ඒක නවීන විද්‍යාවට එකඟ නැහැ කියලා සමහරු හිතනවා. ඔබට මොකක්ද හිතෙන්නේ? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] බයිබලයේ තියෙන මේ අදහස ගැන හුඟදෙනෙක් පුදුම වෙනවා. [යෙසායා 40:22 කියවන්න.] මේ සඟරාවේ, විද්‍යාව බයිබලයට ගැළපෙනවාද යන ලිපියේ ඒ ගැන කතා කරනවා. [22වන පිටුවේ ලිපිය පෙන්වන්න.]”
මුරටැඹ මාර්තු 1
“යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගෙයින් ගෙට ගිහින් ශුභාරංචිය ප්‍රකාශ කරන බව කවුරුත් දන්නවා. අපි මෙහෙම යන්නේ ඇයි කියලා ඔබ දන්නවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මෙතන කියන දේ බලන්න. [මතෙව් 24:14 කියවන්න.] මේ සඟරාවේ මේ ප්‍රශ්නවලට උත්තර තියෙනවා. ශුභාරංචිය කියන්නේ මොකක්ද? දෙවිගේ රාජ්‍ය කියන්නේ මොකක්ද? අන්තිමය කියන්නේ මොකක්ද?”
පිබිදෙව්! මාර්තු
“අද හුඟදෙනෙක් විවිධ අසනීපවලින් පීඩා විඳිනවා. [යෙසායා 33:24 කියවන්න.] මේ අනාවැකිය ඉටු වෙද්දී මිනිසුන්ගේ ජීවිත මොන වගේ වෙයිද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] දෙවියන් ඒ වගේ කාලයක් ගෙනෙන තුරු අපේ සෞඛ්‍ය රැකගන්න ගන්න පුළුවන් මූලික පියවර කිහිපයක් ගැන මේ සඟරාවේ තියෙනවා.”