සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ මාර්තු 1
“යේසුස් ගැන අද මිනිස්සු එක එක මත දරනවා. ඔබ හිතන්නෙ යේසුස් දෙවිගේ පුත්‍රයා කියලද නැත්නම් මේ ලෝකෙ හිටපු හොඳ මනුෂ්‍යයෙක් කියලද?” ප්‍රතිචාරයට ඉඩහරින්න. පසුව 16-17 දක්වා පිටුවල සඳහන් තද කළු අකුරෙන් ඇති ප්‍රශ්නයක් තෝරාගෙන එහි ඇති තොරතුරු නිවැසියාට පෙන්වා, ඔහුට ඇසෙන සේ කියවා එහි ඇති බයිබල් පදයක් සාකච්ඡා කරන්න. ඉන්පසු සඟරාව ඉදිරිපත් කර ඊළඟ ප්රශ්නය සලකා බැලීමට නැවත දවසක් සැලසුම් කරන්න.
පිබිදෙව්! මාර්තු
ඔබට යෞවනයෙකුව මුණගැසුණොත් මෙම සඟරාවේ 26වන පිටුවේ තිබෙන උපමාතෘකාව පෙන්වා මෙසේ අසන්න. “ඔබ හිතන විදිහට මෙතන තියෙන අදහස් හරිද වැරදිද? [ප්‍රතිචාරයට ඉඩහැර 2 කොරින්ති 7:1 කියවන්න.] දුම්පානය ගැන ඔබ දැනගන්න අවශ්‍යම කරුණු කිහිපයක් වගේම ඒක නතර කරන විදිහ ගැනත් මේ සඟරාවේ තියෙනවා.”
මුරටැඹ අප්‍රියෙල් 1
“අද බොහෝදෙනෙකුට යේසුස් ගැන තියෙන්නේ විවිධ විශ්වාසයන්. නමුත් ඔබ හිතන්නේ නැද්ද යේසුස් ගැන ඇත්ත තොරතුරු දැනගන්න එක වැදගත් කියලා? [ප්‍රතිචාරයට ඉඩහැර යොහන් 17:3 කියවන්න.] යේසුස් ආවේ කොහෙන්ද, ඔහු මේ පොළොවේ ජීවත් වුණේ කොහොමද, ඔහු මිය ගියේ ඇයි කියන ප්‍රශ්නවලට බයිබලයේ සඳහන් උත්තර මේ සඟරාවේ පැහැදිලි කරනවා.”
පිබිදෙව්! අප්‍රියෙල්
“අපි ජීවිතේ මුහුණ දෙන අමාරුම අද්දැකීම තමයි අපි ආදරේ කරපු කෙනෙක් මිය යන එක කියල ඔබ හිතන්නේ නැද්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] බයිබලයේ තියෙන මේ අදහස හුඟක් අයට ලොකු සහනයක් වෙලා තියෙනවා. [ගීතාවලිය 55:22 කියවන්න.] අපිට දැනෙන වියෝ දුක දරාගන්න උදව් වෙන හොඳ යෝජනා කිහිපයක් වගේම දුක දරාගන්න දෙවි අපිට උපකාර කරන ආකාරය මේකෙ තියෙනවා.”