සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ පෙබරවාරි 1
“අපි හුඟදෙනෙක්ට ආගමක් තියෙනවා. ඒත් අපිට ඕන ඕන විදිහට දෙවියන්ට නමස්කාර කළොත් දෙවියන් ඒකට කැමති වෙයිද? [ප්‍රතිචාරයට ඉඩහැර මතෙව් 15:9 කියවන්න.] සැබෑ නමස්කාරයේ ලක්ෂණ ගැන යේසුස් කතා කළා. ඉන් හතරක් මේ ලිපියේ පෙන්වනවා.” සඟරාවේ 16වන පිටුවේ තිබෙන ලිපිය පෙන්වන්න.
පිබිදෙව්! පෙබරවාරි
“සමහරු නිර්මාතෘවරයෙක් සිටිනවා කියලා විශ්වාස කරනවා. තවත් අය හිතන්නේ එවැනි විශ්වාසයක් විද්‍යාවට එකඟ නැහැ කියලයි. ඔබේ අදහස මොකක්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] බයිබලයට අනුව සැබෑ විශ්වාසයක් ඇති වෙන්නේ සාක්ෂි මතයි. [හෙබ්‍රෙව් 11:1 කියවන්න.]” මේ ලිපියේ නිර්මාතෘවරයෙක් ඉන්න බව පෙන්නුම් කරන සාක්ෂි කීපයක් ගැන සාකච්ඡා කරනවා. සඟරාවේ 22වන පිටුවේ තිබෙන ලිපිය පෙන්වන්න.
මුරටැඹ මාර්තු 1
“ඔබ බයිබලය දෙවිගේ වචනය හැටියට පිළිගන්නවාද? එහෙම නැත්නම් ඒක නිකම්ම නිකම් වටිනා පොතක් විතරයි කියලද හිතන්නේ? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] බයිබලයේම කියන දේ බලන්න. [2 තිමෝති 3:16, 17 කියවන්න.] බයිබලයේ තියෙන්නේ දෙවිගේ අදහස් කියලා විශ්වාස කරන එක මොන තරම් වැදගත්ද කියලා මේ සඟරාවේ පැහැදිලි කරලා තියෙනවා.”
පිබිදෙව්! මාර්තු
“හුඟදෙනෙක් කරනවා වගේ ඔබත් අප අවට ඇති පරිසරයේ අලංකාරය අගය කරනවා ඇති. [ප්‍රතිචාරයට ඉඩහරින්න. ඉන්පසු ගීතාවලිය 104:24 කියවන්න.] අවට ලෝකයේ තිබෙන විවිධ නිර්මාණ ගැන කදිම උදාහරණ මේ සඟරාවේ පෙන්නුම් කරලා තියෙනවා.”