සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ ජනවාරි 1
“පරිසර විනාශයට දෙවි හැමදාම ඉඩහරියි කියා ඔබ හිතනවාද? [ප්‍රතිචාරයට ඉඩහැර එළිදරව් 11:18 කියවන්න.] පෘථිවියේ අනාගතය ගැන සුබවාදීව හිතන්න තිබෙන හොඳ හේතු ගැන බයිබලයේ සඳහන් වෙනවා. ඒ ගැන මේ ලිපියේ සඳහන් වෙනවා.” දහඅටවන පිටුවේ ඇති ලිපිය පෙන්වන්න.
පිබිදෙව්! ජනවාරි
“තමන් දුක් කරදරවලට මුහුණ දෙන්නේ තමන් කර තිබෙන වරදකට දෙවි දඬුවම් කරන නිසාදෝ කියා සමහරු හිතනවා. ඔබටත් එහෙම හිතිලා තියෙනවාද? [ප්‍රතිචාරයට ඉඩහැර යාකොබ් 1:13 කියවන්න.] අපේ ගැටලුවලට ප්‍රධාන හේතුව ගැනත් දුක් කරදර ඉක්මනින් අවසන් වන බව විශ්වාස කරන්න තිබෙන හේතු ගැනත් මේ ලිපියේ පැහැදිලි කරනවා.” විසිඅටවන පිටුවේ ඇති ලිපිය පෙන්වන්න.
මුරටැඹ පෙබරවාරි 1
“දෙවි හැම ආගමක්ම පිළිගන්නවා කියා ඔබ හිතනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මේ ගැන යේසුස් කී දෙය බලන්න. [මතෙව් 15:8, 9 කියවන්න.] දෙවි සියලුම ආගම් පිළිගන්නවාද කියා මේ ලිපියේ පෙන්වා දෙනවා. නවවන පිටුවේ ඇති ලිපිය පෙන්වන්න.
පිබිදෙව්! පෙබරවාරි
“අප අවට තිබෙන සෑම දෙයක්ම ජීවීන්ගේ පැවැත්මට අත්‍යවශ්‍යයයි. ඔබ හිතන්නේ මේ දේවල් නිර්මාතෘවරයෙක් විසින් සාදා තිබෙනවා කියාද නැත්නම් ඉබේ ඇති වුණා කියාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මේ බයිබල් පදයේ ඇති දෙයට බොහෝදෙනෙක් එකඟ වෙනවා. [ගීතාවලිය 104:24 කියවන්න.] නිර්මාතෘවරයෙක් සිටින බවට තිබෙන විද්‍යාත්මක හේතු සහ බයිබලයේ සඳහන් සාක්ෂි මේ සඟරාවේ සඳහන් වෙනවා.”