සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ ජනවාරි 1
“හැමෝම මේ බයිබල් ප්‍රතිපත්තියට අනුව ජීවත් වුණොත් මේ ලෝකය මීට වඩා හොඳ තැනක් වෙයි කියලා ඔබ හිතනවාද? [රෝම 12:18 කියවන්න. ඉන්පසු ප්‍රතිචාරයට ඉඩහරින්න.] ඒත් අතීතයේදී දෙවි මිනිසුන්ට යුද්ධ කරන්න අවසර දුන්නේ ඇයි කියලා කල්පනා කරලා තියෙනවාද? බයිබලයේ දෙන පැහැදිලි පිළිතුර මේ ලිපියේ තියෙනවා.” එහි 13වන පිටුවේ ඇති ලිපිය පෙන්වන්න.
පිබිදෙව්! ජනවාරි
ක්‍රියා 17:31අ කියවන්න. ඉන්පසු මෙසේ පවසන්න. “විනිශ්චය දවස කියද්දී හුඟදෙනෙක්ට හැඟෙන්නේ ඒක භයානක දවසක් කියලා. ඔබට හැඟෙන්නේ කොහොමද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] විනිශ්චය දවසේදී පොළොවට ආශීර්වාද බොහොමයක් ලැබෙනවා කියලා බයිබලයේ පෙන්වනවා. ඒ ගැන මේ ලිපියේ පැහැදිලි කරලා තියෙනවා.” දහවන පිටුවේ තිබෙන ලිපිය පෙන්වන්න.
මුරටැඹ පෙබරවාරි 1
“මැරුණට පස්සේ ස්වර්ගයට යන්නයි හුඟදෙනෙක්ගේ බලාපොරොත්තුව. ඔයාගේ බලාපොරොත්තුවත් ඒකද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] යහපත් අයගෙන් වැඩිදෙනෙක්ට ලැබෙන ආශීර්වාදය ගැන බයිබලයේ මෙහෙම කියනවා. [ගීතාවලිය 37:29 කියවන්න.] ස්වර්ගයට යන්නේ කවුද, එහෙදී ඔවුන් මොනවද කරන්නේ කියලා බයිබලයේ තිබෙන අදහස මේ සඟරාවේ පැහැදිලි කරලා තියෙනවා.”
පිබිදෙව්! පෙබරවාරි
“අද විවාහකයන් දික්කසාද වෙන එක සාමාන්‍ය දෙයක් වෙලා. ඒත් දික්කසාද වෙන්න කලින් ඒ සඳහා බලපෑව හැම ප්‍රශ්නයක් ගැනම ඔවුන් සාකච්ඡා කරනවා කියලා ඔබ හිතනවද? [ප්‍රතිචාරයට ඉඩහරින්න. ඉන්පසු හිතෝපදේශ 14:15 කියවන්න.] දික්කසාද වෙන්න කලින් සලකා බැලිය යුතු වැදගත් කරුණු හතරක් මේ සඟරාවේ පෙන්වනවා.”