සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ ජනවාරි 1
උත්පත්ති 2:16, 17 කියවා මෙසේ අසන්න. “සමහර අය හිතනවා ආදම් සහ ඒව පව් කරනවා කියලා දෙවි කලින්ම දැනගෙන හිටියා කියලා. තවත් අය හිතන්නේ ඒක දැනගෙන දෙවි අනතුරු ඇඟෙව්වා නම් ඒක කුහක ක්‍රියාවක් කියලයි. ඒ ගැන ඔබ මොකක්ද හිතන්නේ? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] අනාගතය ගැන දැනගන්න දෙවි ඔහුගේ හැකියාව පාවිච්චි කරන්නේ කොහොමද මේ ලිපියේ සඳහන් වෙනවා. [13වන පිටුවේ ඇති ලිපිය පෙන්වන්න.]”
පිබිදෙව්! ජනවාරි
“සමහර අය හිතන්නේ ආගමක් විශ්වාස කරන්න පදනමක් ඕනෙ නැහැ කියලයි. ඔබ හිතන්නේ මොකක්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] බයිබලයේ කියලා තියෙන්නේ අපි විශ්වාස කරන දෙයට හොඳ පදනමක් තියෙන්න ඕනෙ කියලයි. [1 යොහන් 4:1 කියවන්න.] අපේ විශ්වාසය පිහිටල තියෙන්නේ හොඳ පදනමක් මතද කියල සහතික කරගන්න මේ ලිපිය උපකාරවත් වෙනවා. [28වන පිටුවේ ලිපිය පෙන්වන්න.]”
මුරටැඹ පෙබරවාරි 1
“අද දික්කසාදය සාමාන්‍යය දෙයක් වෙලා. ඒකට ප්‍රධාන හේතුව මොකක් කියලද ඔබ හිතන්නේ? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] බලන්න මේ උපදෙස. මේක විවාහකයන් බොහෝදෙනෙකුට හුඟක් ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. [1 කොරින්ති 10:24 කියවන්න.] සාමාන්‍යයෙන් ස්වාමිපුරුෂයන් සහ භාර්යාවන් නිතරම දොස් නඟාගන්නා කාරණා හයක් ගැනත් ඒවා විසඳාගන්න බයිබල් මඟ පෙන්වීම් උපකාර වෙන්නේ කොහොමද කියලත් මේ සඟරාවේ කතා කරනවා.”
පිබිදෙව්! පෙබරවාරි
“ලේ උරා බොන අද්භූත ජීවීන් සහ මායාබන්ධන ක්‍රියා වැනි දේවල් ගැන අද මිනිසුන් තුළ ලොකු උනන්දුවක් තියෙනවා. ඒ වගේ අද්භූත දේවල්වල හවුල් වෙන එකේ හානියක් නැහැ කියලා ඔබ හිතනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] එදා සිටි ඊශ්‍රායෙල්වරුන්ට දෙවි ඒ ගැන අනතුරු ඇඟෙව්වා. [ද්විතීය කතාව 18:10-12 කියවන්න.] අද්භූත ක්‍රියා ගැන බයිබලයේ තියෙන දේ මේ සඟරාවේ පෙන්නලා දෙනවා.”