සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ අප්රියෙල් 1
“බයිබලේ කියන විදිහට යේසු මැරුණේ නැහැ යේසු විවාහ වෙලා දරුවොත් හිටියා කියලා සමහර පොත්වල ලියලා තියෙනවා. ඔබ ඒ වගේ දෙයක් අහලා තියෙනවද? [ප්රතිචාරයට ඉඩහරින්න.] ඇත්ත දැනගන්න එක වටිනවා. [යොහන් 17:3 කියවන්න.] යේසු ගැන බයිබලේ කියන දේ විශ්වාස කරන්න පුළුවන් හේතු මේ ලිපියේ තියෙනවා.” සඟරාවේ 26වන පිටුවේ තිබෙන ලිපිය පෙන්වන්න.
පිබිදෙව්! අප්රියෙල්
ගීතාවලිය 37:9-11 දක්වා කියවා මෙසේ අසන්න. “මේ අනාවැකිය ඉටු වෙද්දී මේ ලෝකෙ මොන වගේ තැනක් වෙයිද? [ප්රතිචාරයට ඉඩහරින්න.] මේ ලිපියේ ඒ ගැන කතා කරනවා. ඒ වගේම අද මෙච්චර නරක දේවල් සිද්ධ වෙන්නේ ඇයි කියලත් පැහැදිලි කරලා තියෙනවා.” සඟරාවේ 20වන පිටුවේ තිබෙන ලිපිය පෙන්වන්න.
මුරටැඹ මැයි 1
“දෙවි අපිට දුක් විඳින්න ඉඩහරින්නේ ඇයි කියලා ඔබ කවදා හරි හිතලා තියෙනවද? [ප්රතිචාරයට ඉඩහරින්න.] හුඟදෙනෙක් අහලා තියෙන ඒ ප්රශ්නයම බයිබල් ලේඛකයෙකුත් අහලා තියෙනවා. [ගීතාවලිය 10:1 කියවන්න.] දෙවි දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි කියලත් එයින් අපිව මුදවගන්න ඔහු කරන්නේ මොනවද කියලත් මේ සඟරාවේ පෙන්වනවා.”
පිබිදෙව්! මැයි
“දුම්බීම අත්හරින්න හුඟදෙනෙක් කැමති වුණත් ඔවුන්ට ඒක නතර කරගන්න බැහැ. ඒ වගේ කෙනෙක් ගැන ඔබ දන්නවද? [ප්රතිචාරයට ඉඩහරින්න.] යාළුවන්ගෙන් සහ පවුලේ අයගෙන් ලැබෙන උපකාර සමහරුන්ට ප්රයෝජනවත් වෙලා තියෙනවා. [දේශනාකාරයා 4:12අ කියවන්න.] දුම්බීමේ පුරුද්ද අත්හරින්න හොඳ යෝජනා කීපයක් මේ සඟරාවේ දීලා තියෙනවා.”