සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ මාර්තු 1
“හරි දෙය කිරීම සෑහෙන අමාරු දෙයක්. සමහරවිට වෙනත් අයගේ බලපෑම් නිසා අපි වැරදි දේවල් කරන්න ඉඩ තිබෙනවා. එවැනි තත්වයකට පත් නොවෙන්න අපිට උපකාරවත් වන්නේ මොනවද? [ප්‍රතිචාරයට ඉඩහරින්න. ඉන්පසු හිතෝපදේශ 29:25 කියවන්න.] මිනිසුන්ට බිය නොවී දෙවිව සතුටු කළ හැකි හේතු පහක් මේ ලිපියේ විස්තර කරනවා.” සඟරාවේ 12වන පිටුවේ තිබෙන ලිපිය පෙන්වන්න.
පිබිදෙව්! මාර්තු
“අපි කවුරුත් කැමතියි හොඳ යාළුවෝ අපිට ඉන්නවාට. ඔබ හිතන විදිහට යාළුවෙක්ගේ තියෙන්න ඕනෙ මොන වගේ ගුණාංගද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මේ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද කියල බලන්න. [ඉන්පසු හිතෝපදේශ 17:17 කියවන්න.] හොඳ යාළුවන්ව තෝරාගන්නත් අන් අයට හොඳ යාළුවෙක් වෙන්නත් අවශ්‍ය කදිම යෝජනා මේ ලිපියේ පෙන්වා දෙනවා.” දහඅටවෙනි පිටුවෙන් පටන්ගන්න ලිපිය පෙන්වන්න.
මුරටැඹ අප්‍රියෙල් 1
“යේසුස් කියූ මේ දෙය ගැන ඔබ මොනවාද හිතන්නේ? [යොහන් 3:3 කියවන්න.] මෙතැන උපතක් ගැන කතා කරනවා. ඔබ මොකක්ද ඒ ගැන හිතන්නේ? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] යේසුස් පැවසූ මේ වචනවල අර්ථය නිවැරදිව දැන සිටීම ඉතාම වැදගත්. මොකද අපේ ජීවිතයටත් අනාගත බලාපොරොත්තුවලටත් එය බලපානවා.” ඒකට හේතුව මේ සඟරාවේ පැහැදිලි කරනවා.
පිබිදෙව්! අප්‍රියෙල්
“පාසැල් යන ළමුන් හුඟදෙනෙක් අද ලොකු පීඩනයකට මුහුණ දෙනවා. ඔබ පාසැල් ගිය කාලෙට වඩා අද දේවල් හුඟාක් වෙනස් වෙලා නේද? ඔබ මොකක්ද ඒ ගැන හිතන්නේ? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] දරුවන් අධික පීඩනයකට ලක් වීමෙන් හානිකර ප්‍රතිඵල ඇති වෙනවා. [දේශනාකාරයා 7:7අ කියවන්න.] දරුවන්ට උදව් කරන්න වැඩිහිටියන්ට පුළුවන් කොහොමද කියලා මේ සඟරාවේ පෙන්වා දෙනවා.”