සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ මැයි 1
“යේසුස් කිව්ව විදිහට හැමෝම ජීවත් වුණොත් මේ ලෝකෙ මොන වගේ තැනක් වෙයිද? [මතෙව් 7:12 කියවා ප්රතිචාරයට ඉඩහරින්න.] යේසුස්ගේ අනුගාමිකයෙකු වීමට අප කළ යුතු දේවල් කීපයක් ගැන මේ ලිපියේ පැහැදිලි කරනවා.” සඟරාවේ 16වන පිටුවේ තිබෙන ලිපිය පෙන්වන්න.
පිබිදෙව්! මැයි
“දැන් තියෙන ආර්ථික තත්වය ළඟදීම හොඳ අතට හැරෙයි කියලා ඔබ හිතනවාද? [ප්රතිචාරයට ඉඩහරින්න.] එවැනි ප්රශ්න මැද වුණත් බයිබලයෙන් සහනයක් ලබාගන්න පුළුවන් බව හුඟදෙනෙක් දන්නේ නැහැ. [ලිපියේ ඇති බයිබල් පදයක් කියවන්න.] ආර්ථිකව වැටිලා ඉන්න අවස්ථාවලදී පවා ඒකට හොඳින් මූණ දෙන්න බයිබලයේ තිබෙන උපදෙස් උපකාර වෙන හැටි මේ ලිපියේ කතා කරනවා.” සඟරාවේ 18වන පිටුවේ තිබෙන ලිපිය පෙන්වන්න.
මුරටැඹ ජූනි 1
“ඉස්සර වගේ දැන් හුඟක් පල්ලිවල පාපය ගැන වැඩිය කතා කරන්නේ නැහැ. පාපය කියන්නේ යල් පැනපු ඉගැන්වීමක්ද? පාපය අපිට බලපාන විදිහ ගැන ඔබ හිතලා තියෙනවාද? [ප්රතිචාරයට ඉඩහරින්න. ඉන්පසු රෝම 5:12 කියවන්න.] පාපය ගැන බයිබලයේ කියන්නේ මොකක්ද කියලා මේ සඟරාවේ තියෙනවා.”
පිබිදෙව්! ජූනි
“අද මිනිස්සුන්ගේ මානසික පීඩනය එන්න එන්නම වැඩි වෙනවා. ඔබ ඒකට එකඟ වෙන්නේ නැද්ද? [ප්රතිචාරයට ඉඩහරින්න.] හුඟදෙනෙක් හිතනවා ඒකට එක හේතුවක් මෙන්න මේකයි කියලා. [2 තිමෝති 3:1 කියවන්න.] මානසික පීඩනය අපිට බලපාන විදිහ ගැන මේ සඟරාවේ විස්තර කරනවා. මානසික පීඩනය පාලනය කරගන්න හොඳ යෝජනා කීපයක්ම මේකෙ තියෙනවා.”