සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මාර්තු 1
“හුඟදෙනෙක් මේ අදහසට එකඟ වෙනවා. [නික්මයාම 20:15 කියවන්න.] නමුත් සමහර අය හිතන්නේ බැරිම තත්වයක් උදා වුණොත් හොරකමක් හෝ වංචාවක් කළාට වරදක් නැහැ කියලයි. ඔබේ අදහස මොකක්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] හැම වෙලාවෙම අවංක වීමෙන් ප්‍රයෝජන ලැබෙන ආකාරය මේ ලිපියේ විස්තර කරනවා.” සඟරාවේ 12වන පිටුවේ තිබෙන ලිපිය පෙන්වන්න.
පිබිදෙව්! මාර්තු
“හුඟක් අය බයිබලය ගැන ගෞරවයෙන් කතා කරනවා. ඒත් ඒකෙ තියෙන හුඟක් දේවල් අපේ නවීන ලෝකෙට ඒ තරම් ගැළපෙන්නේ නැහැ කියලා හිතනවා. ඔබ හිතන්නේ මොකක්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න. රෝම 15:4 කියවන්න.] බයිබලේ ඈත අතීතයේ සඳහන් කරපු දේවල් පවා අද කාලෙට උචිත බව මේ ලිපියේ පැහැදිලි කරලා තියෙනවා.” සඟරාවේ 28වන පිටුවේ තිබෙන ලිපිය පෙන්වන්න.
මුරටැඹ අප්‍රියෙල් 1
“අතීතයේ හිටිය මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන්න පුළුවන් වුණු කෙනෙක් ගැන සඳහන් කරන්න කියද්දී හුඟදෙනෙක් යේසුස් කියලා කියනවා. ඔබේ අදහසත් ඒකමද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] ඔහු ගැන විවිධ අදහස් තියෙන නිසා ඔහු පිළිබඳ සත්‍යය ඉගෙනගන්න එක වැදගත්. [යොහන් 17:3 කියවන්න.] මේ විශේෂ මුරටැඹ කලාපයේ යේසුස් සහ ඔහුගේ ඉගැන්වීම් ගැන බයිබලේ කියන්නේ මොකක්ද කියලා පෙන්වනවා.”
පිබිදෙව්! අප්‍රියෙල්
“අපි කැමති හැම දේම කරන්න අපිට කාලේ නැහැ. ඔබ ඊට එකඟ වෙන්නේ නැද්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] හුඟදෙනෙක්ට මේ උපදෙස උපකාර වෙලා තියෙනවා. [ෆිලිප්පි 1:10 කියවන්න.] මේ සඟරාවේ අපේ කාලය ප්‍රයෝජනවත්ව පාවිච්චි කරන්න පුළුවන් විදිහ ගැන හොඳ යෝජනා කීපයක් දීලා තියෙනවා.”