සඟරා හඳුන්වා දිය හැකි අයුරු මුරටැඹ ජූනි 1
“කොයි ආගමෙනුත් කරන්නේ මිනිස්සුන්ව දෙවියන් වෙත යොමු කරන එකයිනේ කියලා හුඟදෙනෙක් හිතනවා. ඔබ ඒ ගැන හිතන්නේ මොකක්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] බයිබලයේ මෙහෙම කියනවා. [යොෂුවා 24:15 කියවන්න.] කෙනෙකුගේ ආගම සැබෑ දෙවියන් වෙත යොමු කරනවද නැද්ද කියලා දැනගන්න පුළුවන් ක්‍රම ගැන මේ ලිපියේ පෙන්නනවා.” සඟරාවේ 12වන පිටුවේ තිබෙන ලිපිය පෙන්වන්න.
පිබිදෙව්! ජූනි
“සමහරු මළ ගිය අයට භයයි. මොකක් හරි හානියක් කරයි කියලා ඔවුන් හිතනවා. ඔබේ අදහස මොකක්ද? අපි මළවුන්ට භය වෙන්න ඕනද? [ප්‍රතිචාරයට ඉඩහරින්න. ඉන්පසු දේශනාකාරයා 9:5, 6 කියවන්න.] මේ ලිපිය කතා කරන්නේ ඒ ගැනයි. ඒකෙන් සහනයක් ලබාගන්න ඔබට පුළුවන් වෙයි.” සඟරාවේ 22වන පිටුවේ තිබෙන ලිපිය පෙන්වන්න.
මුරටැඹ ජූලි 1
“බයිබලයේ තියෙන දේවල් තේරුම්ගන්න අමාරුයි කියලා සමහරුන්ට හැඟෙනවා. ඔබටත් ඒ වගේ හැඟිලා තියෙනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] බයිබලය ලියන්න බලය දුන් තැනැත්තාණන් කැමති අපි බයිබලය කියවලා තේරුම්ගන්නවටයි. බලන්න ඔහු කියන දේ. [ගීතාවලිය 119:130 කියවන්න.] බයිබලයේ තියෙන දේවල් තේරුම්ගන්න උපකාර වන යෝජනා තුනක් මේ සඟරාවේ තියෙනවා.”
පිබිදෙව්! ජූලි
“අද හුඟදෙනෙක් මානසික අවපීඩනයෙන් පෙළෙනවා. එවැනි අය ගැන දෙවි සැලකිල්ලක් දක්වන්නේ නැහැ කියලා ඔබ හිතනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න. ඉන්පසු ගීතාවලිය 34:18 කියවන්න.] ඒ අයට වෛද්‍ය ප්‍රතිකාර ගන්න සිද්ධ වුණත් දෙවි ඔවුන්ට උපකාර කරන විදිහ ගැන මේ සඟරාවේ පැහැදිලි කරනවා. ඔවුන්ව සැනසිය හැකි යෝජනා කීපයක් මේකෙ තියෙනවා.”