සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ ජූලි 1
“ගැටලු පිරුණු ලෝකයක ජීවත් වෙන අපිට සැනසීමක් ලැබෙයි කියලා ඔබ හිතනවාද? [ප්රතිචාරයට ඉඩහරින්න.] බයිබලයේ මෙහෙම කියනවා. [ෆිලිප්පි 4:6, 7 කියවන්න.] දෙවි අපිට දෙන සැනසීම ගැන මේ ලිපියේ පැහැදිලි කරලා තියෙනවා.” සඟරාවේ 10වන පිටුවේ තිබෙන ලිපිය පෙන්වන්න.
පිබිදෙව්! ජූලි
“අපි පොඩි කාලේ දෙමාපියන් උගන්නපු ආගම ගැන අපිම යම් සෝදිසියක් කරන එකෙන් දෙමව්පියන්ට මදිපුංචිකමක් වෙනවයි කියලා ඔබ හිතනවාද? [ප්රතිචාරයට ඉඩහරින්න. ඉන්පසු 1 යොහන් 4:1 කියවන්න.] තමන් අදහන දේ හරිද වැරදිද කියලා තමන්ම සෝදිසි කර බලන එක කොයි තරම් වැදගත්ද කියලා මේ ලිපියේ පෙන්වනවා.” සඟරාවේ 28වන පිටුවේ තිබෙන ලිපිය පෙන්වන්න.
මුරටැඹ අගෝස්තු 1
“හැම ආගමක්ම එකම දෙවියන් ළඟට යන්න තියෙන විවිධ පාරවල් කියලා සමහරු කියනවා. හැම ආගමක්ම හොඳයි කියල ඔබ හිතනවද? [ප්රතිචාරයට ඉඩහරින්න. ඉන්පසු මතෙව් 7:13, 14 කියවන්න.]” හොඳ ආගමකින් කෙරෙන්න ඕන විශේෂ දේවල් තුනක් ගැන මේ සඟරාවේ තියෙනවා.”
පිබිදෙව්! අගෝස්තු
“අපිව පහත් කරලා සලකන අවස්ථාවලට අපිට මූණ දෙන්න සිද්ධ වෙනවා. කෙනෙක් තව කෙනෙක්ව පහත් කරද්දී දෙවිට ඒ ගැන හැඟෙන්නේ කොහොමද? [ප්රතිචාරයට ඉඩහරින්න. ඉන්පසු ක්රියා 10:34, 35 කියවන්න.] ඒ වගේ අවස්ථාවකට මූණ දෙද්දී කරන්න ඕන මොකක්ද කියලා බයිබලයේ කියලා තියෙනවා. ඒ වගේම අපිත් එහෙම නොවී ඉන්න බයිබලයේ මඟ පෙන්වීම් දීලා තියෙනවා. මේ සඟරාවේ ඒ දේවල් ගැන හොඳින් පැහැදිලි කරලා තියෙනවා.”