සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ සැප්තැම්බර් 1
“ආදම් සහ ඒව ගැන උත්පත්ති පොතේ සඳහන් වෙනවා. හුඟදෙනෙක් හිතන්නේ ඒ වාර්තාව ගොතපු කතාවක් කියලයි. ඔබේ අදහස මොකක්ද? [ප්රතිචාරයට ඉඩහරින්න.] යේසුස් ඔවුන් ගැන කිව්ව දේ මම පෙන්වන්නම්. [මාක් 10:6-9 කියවන්න.] අපි විශ්වාස කරන දේට සාක්ෂි මේ ලිපියේ පෙන්වනවා.” සඟරාවේ 12වන පිටුවේ තිබෙන ලිපිය පෙන්වන්න.
පිබිදෙව්! සැප්තැම්බර්
මුලින්ම 1 යොහන් 4:8 කියවන්න. ඉන්පසු මෙසේ පවසන්න. “සමහරු හිතන්නේ දෙවි නරක අයව නිරයට දාලා සදහටම වධ දෙනවා කියලයි. ඒත් අපි දැන් කියවපු පදයට අනුව දෙවි එහෙම කරන කෙනෙක් නෙමෙයි කියලා තවත් අයට හැඟෙනවා. ඔබ හිතන්නේ මොකක්ද? [ප්රතිචාරයට ඉඩහරින්න.] මේ ගැන බයිබලයේ සඳහන් දේ මේ ලිපියේ තියෙනවා.” සඟරාවේ 10වන පිටුවේ තිබෙන ලිපිය පෙන්වන්න.
මුරටැඹ ඔක්තෝබර් 1
“අපි හැමෝම ප්රශ්නවලට මූණ දෙනවා. [ප්රදේශයට බලපාන දෙයක් ගැන සඳහන් කරන්න.] දෙවිගෙන් උපකාරයක් ලබාගන්න පුළුවන් වෙයි කියලා ඔබ හිතනවාද? [ප්රතිචාරයට ඉඩහැර ලූක් 11:13 කියවන්න.] ඒ පදයේ කියන විදිහට යේසුස් පෙන්නුවේ දෙවි අපිට උපකාර කරන එක විදිහක් ගැනයි. දෙවිගේ බලය කියන්නේ මොකක්ද? ඒකෙන් අපිට මොන වගේ උපකාරද ලැබෙන්නේ කියලා මේ සඟරාවේ විස්තර කරනවා.”
පිබිදෙව්! ඔක්තෝබර්
“හැම පවුලකටම මොන ප්රශ්නෙකට හරි මූණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට හොඳ උපදෙස් ලබාගන්න පුළුවන් කොහෙන්ද? [ප්රතිචාරයට ඉඩහැර ගීතාවලිය 32:8 කියවන්න.] මේ විශේෂ පිබිදෙව්! සඟරාවේ ඔබේ පවුලේ අයටත් ප්රයෝජනවත් වෙන බයිබල් ප්රතිපත්ති කීපයක් ගැන සඳහන් වෙනවා. මේවා පිළිපැදීමෙන් ප්රයෝජනයක් ලැබෙනවා.”