සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ සැප්තැම්බර් 1
“සමහර අය වැරදි ආගමික විශ්වාසයන්ට රැවටිලා වැරදි දේවල් කරනවා. ඔයා හිතන විදිහට ඇයි මිනිසුන් ඒවාට රැවටෙන්නේ? [ප්රතිචාරයට ඉඩහරින්න.] බයිබලයේ අපි හැමෝටම මේ වගේ දෙයක් කරන්න උනන්දු කරනවා. [1 යොහන් 4:1 කියවන්න.] අපි විශ්වාස කරන දේ බයිබලයට එකඟද කියලා බලන්න ඕන ඇයි කියන එක මේ සඟරාවේ කතා කරනවා.” එහි 10වන පිටුවේ ඇති ලිපිය පෙන්වන්න.
පිබිදෙව්! සැප්තැම්බර්
මතෙව් 5:39 කියවන්න. ඉන්පසු මෙසේ අසන්න. “යේසුස් එතනදී අදහස් කළේ අපිට අනික් අය මොන අනතුරක් කළත් කිසිම ආරක්ෂිත පියවරක් ගන්නේ නැතුව නිශ්ශබ්දව ඉන්න කියන එකද? [ප්රතිචාරයට ඉඩහරින්න.] තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් සහ නීතියෙන් ගන්න පුළුවන් පියවර මේ සඟරාවේ සඳහන් වෙනවා.” එහි 10වන පිටුවේ ඇති ලිපිය පෙන්වන්න.
මුරටැඹ ඔක්තෝබර් 1
“අද ගොඩක් අය දෙවියන්ට යාච්ඤා කරනවා නේද? දෙවියන් ඒවා අහලා ඒවාට උත්තර දෙනවා කියලා ඔයා හිතනවාද? [ප්රතිචාරයට ඉඩහරින්න.] යාච්ඤා කරන්න කියලා බයිබලයේ අපට උනන්දු කරනවා. [ෆිලිප්පි 4:6, 7 කියවන්න.] යාච්ඤාව ගැන ගොඩක් අයට තියෙන ප්රශ්න හතකට බයිබලයේ තියෙන උත්තර මේ සඟරාවේ තියෙනවා.”
පිබිදෙව්! ඔක්තෝබර්
“අද විවාහකයන් අතර වගේම මිනිසුන්ට දේශපාලඥයන් ගැන තියෙන විශ්වාසය කඩ වෙලා තියෙනවා. ඔයා හිතන්නේ අපිට විශ්වාස කරන්න පුළුවන් කවුරුවත්ම නැහැ කියලද? [ප්රතිචාරයට ඉඩහරින්න.] මේ බයිබල් අනාවැකිය අද ඉටු වෙනවා කියලා හුඟදෙනෙකුට පැහැදිලියි. [2 තිමෝති 3:1-5 කියවන්න.] අපිට විශ්වාස කරන්න පුළුවන් පිරිසක් ගැන මේ සඟරාවේ සඳහන් වෙනවා.”