මුරටැඹ සඟරාවේ නව වෙනස්කම්
1 මුරටැඹ සඟරාව එකිනෙකට වෙනස් කලාප දෙකක් ලෙස 2008 ජනවාරි පටන් ප්‍රකාශයට පත් කරන්න යන බව මේ අවුරුද්ද මුලදී සියලුම සභාවන්ට දැනගන්න ලැබුණා. එක කලාපයක් මහජනයා සඳහාද අනෙක් කලාපය සාක්ෂිකරුවන් සඳහාද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඒ නිවේදනයෙන් පසු ඔබ මෙසේ කල්පනා කරන්න ඇති. ‘මේ කලාප දෙකේ තියෙන වෙනස මොකක්ද? එකිනෙකට වෙනස් කලාප දෙකක් තිබීමේ ප්‍රයෝජන මොනවාද? අලුතින් හඳුන්වා දෙන ලිපි තියේවිද?’
2 වෙනස්කම්: මාසයේ පළමු වන කලාපය හඳුන්වන්නේ පොදු කලාපය කියායි. මේ කලාපයේ සියලුම ලිපි සකස් කරනු ලබන්නේ මහජනයා සඳහායි. සෑම මාසයකම 15වෙනිදා කලාපය පාඩම් කලාපය කියා හඳුන්වන අතර එය ක්ෂේත්‍ර සේවයේදී බෙදාහරින්නේ නැහැ. මාසයකට අවශ්‍ය පාඩම් ලිපි සියල්ලම එහි අඩංගු වන අතර කැප වී සිටින අයට ප්‍රයෝජනවත් වන අමතර ලිපිද එහි දැකිය හැකියි. මුරටැඹ සඟරාවේ පොදු කලාපය සාක්ෂිකරුවන්ගේ පමණක් නොව, විශේෂයෙන්ම බයිබලය ගැන දැනගැනීමට කැමති සාක්ෂිකරුවන් නොවන අයගේද සිත් ගනීවි. පිබිදෙව්! සඟරාව දෙවි කෙනෙකුව විශ්වාස නොකරන හා ක්‍රිස්තියානි නොවන අයද ඇතුළුව විශාල පාඨක පිරිසක් ඉලක්ක කරගෙන පිළියෙල කරනු ලබනවා.
3 ප්‍රයෝජන: පාඩම් කලාපයේදී “පුරෝගාමි” වැනි යෙදුම් විස්තර කරන්න අවශ්‍ය නැහැ. එවැනි වචන සාක්ෂිකරුවන්ට හුරුයි. විශේෂයෙන් සාක්ෂිකරුවන්ට හා බයිබලය පාඩම් කරමින් සත්‍යය තුළ වර්ධනය වන අයට අදාළ වන ලිපි පාඩම් කලාපයේ ඇතුළත් වෙනවා. පොදු කලාපයේ තිබෙන්නේ මොනවාද? මේ කලාපයේ සඳහන් ලිපි තෝරාගෙන තිබෙන්නෙත් ඒවා ලියා තිබෙන්නෙත් මහජනයා සඳහා නිසා සාක්ෂිකරුවන් නොවන අය මේ කලාපය පිටුවෙන් පිටුව මහත් ආශාවෙන් කියවයි කියා සිතිය හැකියි. මේ කලාප දෙකම කියවීමෙන් හැම සාක්ෂිකරුවෙකුටම ප්‍රයෝජන ලැබෙන බවට කිසිම සැකයක් නැහැ. අපි ජනවාරි සිට සෑම මාසයකම සේවයේදී ඉදිරිපත් කරන්නේ එක මුරටැඹ කලාපයක් සහ පිබිදෙව්! කලාපයක් නිසා බලපෑමෙන් යුත් ඉදිරිපත් කිරීම් කිහිපයක් මාසයක් පුරා යොදාගන්න අවස්ථාව ලැබෙනවා.
4 නව අංග: මුරටැඹ සඟරාවේ පොදු කලාපයට අලුත් අංග කිහිපයක් එක් කිරීමට නියමිතයි. මින් එක් අංගයක් වන්නේ බයිබලයේ සඳහන් මූලික ඉගැන්වීම් ඉතා පැහැදිලිව හා සරලව සාකච්ඡා කරන ලිපි ඇතුළත් වීමයි. පවුල්වලට බයිබලය උපකාරවත් වන අයුරු පෙන්වා දෙන ලිපිද ඇතුළත් වෙනවා. යෞවන පාඨකයන් සඳහා බයිබලය අධ්‍යයන කිරීමේ ව්‍යාපෘති පොදු කලාපයේ දැකිය හැකි වෙයි. බයිබලයේ කොටස් ඇසුරෙන් පිළියෙල කරන ලිපියක්ද පළවීමට නියමිතයි. යෙහෝවා දෙවිව හොඳින් දැනහඳුනා ගන්න ඒ ලිපිය උපකාරවත් වෙනවාට සැකයක් නැහැ.
5 මුරටැඹ සඟරාවේ කිරීමට නියමිත මේ නව වෙනසට යෙහෝවා දෙවිගේ ආශීර්වාද ඉල්ලා යාච්ඤා කරන්න අපිට පුළුවන්. අපේ ආශාව නම් සුදුස්සන් බොහෝදෙනෙකුට මුරටැඹ සහ පිබිදෙව්! යන සඟරා දෙකම ශුභාරංචිය දැනගැනීමට උපකාරවත් වෙනවා දැකීමයි.—මතෙ. 10:11.