ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w12 1/15 3 පි.
  • නව මුහුණුවරක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නව මුහුණුවරක්!
  • 2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • මුරටැඹ සඟරාවේ අලුත් පාඩම් කලාපය
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මුරටැඹ සඟරාවේ නව වෙනස්කම්
    2007 අපගේ රාජ්‍ය සේවාව
  • සරල කරන ලද ඉංග්‍රීසි සඟරාව
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සරලයි, ප්‍රයෝජන ගොඩයි!
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w12 1/15 3 පි.

නව මුහුණුවරක්!

මුරටැඹ සඟරාව පොදු කලාපය හා පාඩම් කලාපය ලෙස වෙන වෙනම පළ කරන්න පටන්ගෙන දැනට අවුරුදු හතරක් වෙනවා. මේ අවුරුද්දේ සිට පාඩම් කලාපයට අපි අලුත් මුහුණුවරක් ලබා දී තිබෙනවා. එසේ කර තිබෙන්නේ දෙවිගේ වචනය අධ්‍යයනය කිරීමට තිබෙන ඔබේ ආශාව තව වැඩි කිරීමටයි.—ගීතා. 1:2; 119:97.

මුල්ම පාඩම් කලාපය පළ වූ අවස්ථාවේදී කාලයක් පුරා දෙවිට සේවය කළ සහෝදරයෙක් මෙසේ පැවසුවා. “බයිබලයේ ගැඹුරු කාරණා විස්තර කරලා තිබුණු විදිහ මගේ හිතට තදින් කාවැදුණා. අපි වෙනුවෙන්ම මේ වගේ පාඩම් කලාපයක් පළ කළාට බොහොම ස්තුතියි.” තවත් සහෝදරයෙක් මෙහෙම කිව්වා. “පාඩම් කලාපය අධ්‍යයනය කරන්නත් ඒ ගමන්ම බයිබල් පද පෙරළලා බලන්නත් මං බලාගෙන ඉන්නේ ගොඩාක් ආසාවෙන්.” ඔබටත් එලෙසම හැඟෙන්න ඇති.

වර්ෂ 1879 සිට අවුරුදු 133ක් පුරා එක දිගට මුරටැඹ සඟරාව පළ කර තිබෙනවා. දෙවිගේ බලයේ උපකාරය නොතිබෙන්න එසේ කිරීමට හැකි වෙන්නේ නැහැ. (සෙක. 4:6) එදා මෙදා තුර මුරටැඹ සඟරාවේ විටින් විට වෙනස්කම් සිදු කළා. මෙතැන් පටන් සිදු කර තිබෙන වෙනස්කම් මොනවාද? වර්ෂ 2012දී පළ වන සෑම කලාපයකම මුල් පිටුවේ අපේ සහෝදරයන් දේශනා කරද්දී ගත් ඡායාරූපයක් චිත්‍රයට නඟා තිබෙනවා. එම චිත්‍රයෙන් සාක්ෂි දැරීම සඳහා දෙවි අපට දී ඇති පැවරුම මතක් කර දෙනවා. (ක්‍රියා 28:23) දෙවන පිටුවේ එම ඡායාරූපයත් ඒ ගැන කෙටි විස්තරයකුත් තිබෙනවා. මේ අවුරුද්ද තුළ එම චිත්‍රවලින් අපේ මතකයේ රඳවන්න උත්සාහ කරන්නේ “ජනාවාස වූ මුළු පොළොව පුරාම” දෙවිගේ සෙනඟ දේශනා කරන ආකාරයයි.—මතෙ. 24:14.

මෙහි සිදු කර තිබෙන තවත් වෙනසක් නම් පුනරීක්ෂණ කොටුව සෑම පාඩම් ලිපියකම මුල් පිටුවට ගෙන ඒමයි. ලිපිය අධ්‍යයනය කරද්දී ප්‍රධාන කරුණු මොනවාද කියා කලින්ම තේරුම්ගැනීමට එය ඔබට උපකාරයක් වෙයි. කොහොමවුණත් මුරටැඹ මෙහෙයවන සහෝදරයා පුනරීක්ෂණ ප්‍රශ්න සලකා බලන්නේ පාඩමෙන් පසුවයි. ලිපිය දෙපස ඇති තීරුවල ඉඩ ප්‍රමාණයත් ටිකක් වැඩි කර තිබෙන අතර ඡේදවල හා පිටුවල අංකත් විශාල කර තිබෙනවා.

මෙම කලාපයේ සිට “අතීතයෙන් බිඳක්” යන ලිපිය පළ වෙයි. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ මෑත ඉතිහාසයේදී සිදු වූ වැදගත් දේවල් එහි සඳහන් වෙනවා. ඒ වගේම “ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා” යන තේමාව යටතේ විවිධ අයගේ ජීවිත කතාද විටින් විට පළ වෙයි. දේවසේවකයන්ගේ වැඩි අවශ්‍යතාවක් ඇති ප්‍රදේශවලට ගොස් සේවය කිරීමෙන් ලැබූ ප්‍රීතිය හා තෘප්තිය ගැන එම ලිපිවලින් අපට දැනගත හැකියි.

බයිබලය අධ්‍යයනය කිරීමට මෙම සඟරාව ඔබට මහත් උපකාරයක් වේවි. එමගින් ඔබ ඉමහත් සතුටක් ලබයි.

ප්‍රකාශකයෝ

[3වන පිටුවේ පින්තූරය]

1879

[3වන පිටුවේ පින්තූරය]

1895

[3වන පිටුවේ පින්තූරය]

1931

[3වන පිටුවේ පින්තූරය]

1950

[3වන පිටුවේ පින්තූරය]

1974

[3වන පිටුවේ පින්තූරය]

2008

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න