ප්‍රශ්න පෙට්ටිය
◼ බයිබල් ශිෂ්‍යයන් සමඟ පාඩම් කළ යුතු පොත් දෙක කුමක්ද?
බයිබල් පාඩම් පටන්ගැනීමටත් ඒවා දිගටම පැවැත්වීමටත් අපි යොදාගන්න ප්‍රධානතම පොත වන්නේ බයිබලයේ ඉගැන්වීම් නමැති පොතයි. යෝග්‍ය පත්‍රිකාවකින් හෝ වෙනත් ප්‍රකාශනයකින් බයිබල් පාඩමක් පටන්ගත්තත් හැකි විගස බයිබලයේ ඉගැන්වීම් පොතට මාරුවීමට කටයුතු කළ යුතුයි. පාඩම් පටන්ගැනීමට බයිබලයේ ඉගැන්වීම් පොත යොදාගැනීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබී තිබෙනවා.
ශිෂ්‍යයා බයිබලයේ ඉගැන්වීම් පොත පාඩම් කර අවසන් නම් ඔහු සත්‍යය තුළ ප්‍රගතියක් ලබමින් සිටී නම් දෙවිට නමස්කාර කරන්න නමැති පොත පාඩම් කළ යුතුයි. (කොලො. 2:7) මේ පොතේ අරමුණ එහි 2වන පිටුවේ මෙසේ විස්තර කර තිබෙනවා. ‘දෙවිට ප්‍රේම කරන සැමගෙන් බයිබලය උදක්ම ඉල්ලා සිටින්නේ දෙවිගේ අනර්ඝ සත්‍යතාවන්හි ‘උස හා ගැඹුර අවබෝධ කරගන්න’ කියායි. (එෆීස 3:18) මේ පොත සකස් කර තිබෙන්නේ ඒ අරමුණ පෙරදැරි කරගෙනයි. ඔබට සත්‍යය තුළ වැඩෙන්ටත් දෙවිගේ ධර්මිෂ්ඨ නව ලෝකයේ තිබෙන ජීවනයට යන පටු පාරෙහි ගමන් කිරීමට ඔබව හොඳින් සූදානම් කිරීමටත් මේ පොතට හැකි වේවා යනු අපේ පැතුමයි!’
මේ පොත් දෙකම සම්පූර්ණ කිරීමට කලින් ශිෂ්‍යයා බව්තීස්ම වුණත් දෙවන පොත සම්පූර්ණ වන තෙක් පාඩම දිගටම කළ යුතුයි. ඔහුගේ බව්තීස්මයෙන් පසුව පවා කරන පාඩම සඳහා යොදවන කාලය, නැවත බැලීම හා බයිබල් පාඩම වාර්තා කළ හැකියි. පාඩම පවත්වන්නා සමඟ ඊට හවුල් වන ප්‍රචාරකයාටද කාලය වාර්තා කළ හැකියි.