බයිබල් පාඩම් සඳහා දෙවිට නමස්කාර කරන්න පොත දිගටම යොදාගන්න
1. “දෙවිගේ ප්‍රේමය” නමැති පොතේ අරමුණ කුමක්ද?
1 පසුගිය දිස්ත්‍රික් සමුළුවේදී “දිගටම දෙවිගේ ප්‍රේමය ලබන්න” නමැති අලුත් පොත (ඉංග්‍රීසියෙන්) මුදාහැරීම ගැන අපි සතුටු වුණා. එකම සැබෑ දෙවිට නමස්කාර කරන්න නමැති පොතේ මෙන් ඒ පොතේද අරමුණ වන්නේ බයිබලයේ මූලික ඉගැන්වීම් පහදා දීම නොව අපේ ජීවිතයට දෙවිගේ ප්‍රතිපත්ති අදාළ කරගන්නා ආකාරය ගැන දැනුවත් කර ඒවා කෙරෙහි ඇල්මක් අප තුළ ඇති කිරීමයි. අපි මේ පොත සේවයේදී ඉදිරිපත් කරන්නේ නැහැ.
2. දෙවිට නමස්කාර කරන්න පොත හෝ “දෙවිගේ ප්‍රේමය” නමැති පොත අප පාඩම් සඳහා යොදාගත යුත්තේ කෙසේද? එමෙන්ම කා සමඟද?
2 “දිගටම දෙවිගේ ප්‍රේමය ලබන්න” නමැති පොත සිංහල හා දෙමළ භාෂාවලින් ලැබෙන තෙක් බයිබලයේ ඉගැන්වීම් පොත සම්පූර්ණ කිරීමෙන් පසු ශිෂ්‍යයන් සමඟ දෙවන පොත ලෙස පාඩම් කරන්නේ එකම සැබෑ දෙවිට නමස්කාර කරන්න නමැති පොතයි. බයිබලයෙන් ඉගෙනගන්න දේවල් අදාළ කරගැනීමට ගත වන කාලය ශිෂ්‍යයාගෙන් ශිෂ්‍යයාට වෙනස් බව මතක තබාගන්න. පාඩම කරන කාලය හා ආකාරය තීරණය කළ යුත්තේ ශිෂ්‍යයාගේ මට්ටම අනුවයි. සාකච්ඡා කරන කරුණු ශිෂ්‍යයා තේරුම්ගන්නවාද කියා බලන්න. පසුගිය කාලයේ පොත් කිහිපයක් පාඩම් කර තිබුණත් සමහරු රැස්වීම්වලට පැමිණෙන්නේවත් බයිබලයෙන් ඉගෙනගත් දේවලට එකඟව තම ජීවිතය වෙනස් කරගැනීමට උත්සාහ කරන්නේවත් නැහැ. එවැනි අය සමඟ දෙවිට නමස්කාර කරන්න පොත හෝ “දෙවිගේ ප්‍රේමය” නමැති පොත අප පාඩම් කරන්නේ නැහැ.
3. අලුත් පොත ලැබෙන විට ඔබ පාඩම් කරමින් සිටින්නේ දෙවිට නමස්කාර කරන්න පොත නම් කළ යුත්තේ කුමක්ද?
3 අලුත් පොත ලැබුණායින් පසු එය ශිෂ්‍යයන් සමඟ පාඩම් කරන්න පටන්ගන්නේ කුමන අවස්ථාවේද කියා සමහරුන් කල්පනා කළ හැකියි. ඔබ දැනටමත් දෙවිට නමස්කාර කරන්න පොතේ අවසාන පරිච්ඡේද කිහිපය ශිෂ්‍යයෙක් සමඟ පාඩම් කරමින් සිටිනවා නම් එම පොත සම්පූර්ණ කළ හැකියි. “දෙවිගේ ප්‍රේමය” නමැති පොත ලැබුණ විට පෞද්ගලිකව එය කියවන්න කියා ඔහුට දිරිගැන්විය හැකියි. නමුත් එය ලැබෙන විට සාකච්ඡා කරමින් සිටින්නේ දෙවිට නමස්කාර කරන්න පොතේ මුල් පරිච්ඡේද කිහිපය නම් හොඳම දෙය වන්නේ එය නතර කර අලුත් පොත පටන්ගැනීමයි. බයිබලයේ ඉගැන්වීම් පොතේ මෙන් අලුත් පොතේද උපග්‍රන්ථය සාකච්ඡා කරනවාද නැද්ද කියා ඔබට තීරණය කළ හැකියි.
4. බයිබලයේ ඉගැන්වීම් පොත හා දෙවිට නමස්කාර කරන්න පොත හෝ “දෙවිගේ ප්‍රේමය” නමැති පොත සම්පූර්ණ කිරීමට පෙර ශිෂ්‍යයා බව්තීස්ම වුණොත් කළ යුත්තේ කුමක්ද?
4 පොත් දෙකම සම්පූර්ණ කිරීමට කලින් ශිෂ්‍යයා බව්තීස්ම වුණත් දෙවන පොත අවසන් වන තෙක් පාඩම දිගටම කරගෙන යා යුතුයි. ශිෂ්‍යයා බව්තීස්ම වී සිටියත් ඔහු සමඟ පාඩම් කරන කාලය, නැවත බැලීම හා පාඩම වාර්තා කළ හැකියි. ඔබ සමඟ පාඩමට යන ප්‍රචාරකයා පාඩමට සහභාගි වෙනවා නම් ඔහුට කාලය පමණක් වාර්තා කළ හැකියි.
5. යම් කාලයක් දේවසේවයේ හවුල් වී නොමැති ප්‍රචාරකයෙකුට උපකාර කිරීම සඳහා දෙවිට නමස්කාර කරන්න පොත හෝ “දෙවිගේ ප්‍රේමය” නමැති පොත යොදාගත හැක්කේ කෙසේද?
5 දේවසේවයේ හවුල් නොවන අක්‍රියාශීලී ප්‍රචාරකයෙකු සමඟ දෙවිට නමස්කාර කරන්න පොතෙන් යම් පරිච්ඡේද කිහිපයක් සාකච්ඡා කරමින් බයිබල් පාඩමක් පවත්වන්න කියා සභා සේවා කමිටුවේ සාමාජිකයෙක් ඔබෙන් ඉල්ලා සිටිය හැකියි. එවැනි කෙනෙකු සමඟ දිගු කාලයක් පාඩම් කරන්න අවශ්‍ය නැහැ. විවිධ පරීක්ෂා හා පීඩන මැද වුවද දෙවි කෙරෙහි තිබෙන විශ්වාසය රැකගනිමින් නිර්මල නමස්කාරයේ දිගටම නියැලීමට මේ පොත අපිට උපකාර වෙනවා නිසැකයි.––යොහ. 4:24.