සිහි කිරීම ගැන මතක් කිරීම්
සිහි කිරීමට සූදානම් වීමේදී වැඩිමහල්ලන් පහත සඳහන් කාරණාවලට අවධානය දිය යුතුයි.
◼ සංකේත අතිනත යැවිය යුත්තේ හිරු බැස යෑමෙන් පසුව පමණක් බව සලකන්න.
◼ සුදුසු ආකාරයේ රොටි සහ වයින් සූදානම් කරගත යුතුයි.—2003 පෙබරවාරි 15 මුරටැඹ සඟරාවේ 14-15 දක්වා පිටු බලන්න.
◼ පිඟන්, වයින් වීදුරු, සුදුසු මේසයක් හා මේස රෙද්දක් කල් ඇතිව සූදානම් කළ යුතුයි.
◼ සිහි කිරීම පවත්වන්නේ රාජ්ය ශාලාවේ හෝ වෙනත් ස්ථානයක නම් කල් වේලා ඇතිව එය හොඳින් පිරිසිදු කළ යුතුයි.
◼ පරිවාරකයන් හා සංකේත අතිනත යවන අයව කලින්ම සූදානම් කර ඔවුන්ගේ වගකීම් ගැන දැනුවත් කළ යුතුයි. ඒ වගේම ගෞරවනීය ලෙස ඇඳ පැළඳගෙන එන ලෙසත් ඔවුන්ට මතක් කළ යුතුයි.
◼ ආබාධිත හෝ පැමිණීමට නොහැකි යම් අභිෂේක ලත් සාමාජිකයෙක් සිටී නම් ඔහුට හෝ ඇයට සංකේතවලට පංගුකාරයන් වීමට කටයුතු සැලසුම් කළ යුතුයි.
◼ සභා කිහිපයක් එකම රාජ්ය ශාලාව භාවිත කරන්නේ නම් රාජ්ය ශාලා භූමියේ හා වාහන නවත්වන ස්ථානවල තදබදයක් ඇති නොවන පරිදි සිහි කිරීමේ රැස්වීම් හොඳින් සංවිධානය කළ යුතුයි.
◼ සිහි කිරීම පවත්වන්නේ වෙනත් ස්ථානයක නම් සියලුදෙනාටම කතාව හොඳින් ඇසෙන පරිදි ශබ්ද විකාශන සැලසුම් කරන්න.