සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ ජූනි 1
“හැම ආගමක්ම දෙවි පිළිගන්නවා කියලා ඔබ හිතනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] පුරාණයේ සිටි ඊශ්‍රායෙල්වරුන් වෙනත් ආගම්වල චාරිත්‍ර වාරිත්‍ර හා උත්සව පැවැත් වූ විට දෙවිට ඒ ගැන හැඟුණේ කොහොමද කියලා බලන්න. [එසකියෙල් 6:6 කියවන්න.] ‘මට කැමති ආකාරයට දෙවිට නමස්කාර කරන්න බැරිද?’ කියන ප්‍රශ්නයට මේ ලිපියේ පිළිතුරු දෙනවා.” නවවන පිටුවේ තිබෙන ලිපිය පෙන්වන්න.
පිබිදෙව්! ජූනි
දරුවන් යොවුන් වියට පා තබන කාලයේදී දරුවන් වගේම දෙමාපියනුත් විවිධ අභියෝගයන්ට මුහුණ දෙනවා. බයිබලයේ තියෙන මේ උපදේශය පිළිපැදීම දෙමාපියන්ට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද? [යාකොබ් 1:19 කියවා ප්‍රතිචාරයට ඉඩහරින්න.] ඔබේ දරුවන්ව හදාවඩා ගනිද්දී මේ සඟරාවේ සඳහන් බයිබලයෙන් රැගෙන තියෙන අදහස් ඔබට හුඟාක් ප්‍රයෝජනවත් වෙයි.”
මුරටැඹ ජූලි 1
“අපි ආදරය කරන කෙනෙක් මිය ගිය විට දැනෙන වේදනාව අපි හැම කෙනෙක්ම වගේ අද්දැකල තියෙනවා. ඒ වගේ අවස්ථාවකදී බයිබලයෙන් අපිට සැනසිල්ලක් ලබාගන්න පුළුවන්ද? [ප්‍රතිචාරයට ඉඩහැර, ගීතාවලිය 55:22 කියවන්න.] වියෝ දුක දරාගන්න උපකාරවත් වන තොරතුරු මේ සඟරාවේ තියෙනවා.”
පිබිදෙව්! ජූලි
“අද හුඟාක් විවාහක යුවළයන් ලොකු පීඩනයක් අද්දකිනවා. සමහර විවාහයන් දික්කසාදයෙන් අවසන් වෙනවා. බයිබලයේ තියෙන මේ උපදෙස පිළිපැදීමෙන් විවාහ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් කියලා ඔබ හිතනවාද? [හිතෝපදේශ 12:18 කියවා, ප්‍රතිචාරයට ඉඩහරින්න.] විවාහ ජීවිතය රැකගන්න උපකාරවත් වන බයිබල් ප්‍රතිපත්ති ගැන මේ සඟරාවේ පැහැදිලි කරනවා.”