ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 7/08 1 පි.
  • අපි බලකොටු බිඳ හෙළමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපි බලකොටු බිඳ හෙළමු
  • 2008 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • ඔබේ විශ්වාසයන් පදනම් වන්නේ කුමක් මතද?
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • විශ්වාස කරන දෙයට පදනමක් අවශ්‍යද?
    2011 පිබිදෙව්!
  • දේවවචනය නමැති කඩුව දක්ෂ ලෙස භාවිත කරන්න
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නම්මාගැනීමේ කලාවෙන් හෘද වෙත ළඟාවීම
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2008 අපගේ රාජ්‍ය සේවාව
km 7/08 1 පි.

අපි බලකොටු බිඳ හෙළමු

1 සාතන් සියවස් ගණනාවක් පුරා බොහෝදෙනෙකුව නොමඟ යවා තිබෙන්නේ අසත්‍ය ඉගැන්වීම් මගිනුයි. ත්‍රිත්වය, අමරණීය ආත්මය හා නිරාගින්න වැනි බොරු ඉගැන්වීම් පතුරුවා තිබෙන්නේ ඔහුයි. මැවුම්කරුවෙකු පිළිබඳ මෙන්ම බයිබලයේ කර්තෘවරයා පිළිබඳව මිනිසුන් තුළ සැක ඇති කර තිබෙන්නේද ඔහුයි. ජනයා සත්‍යය පිළි නොගැනීමට ඉහත කී කාරණා මෙන්ම ජාතිවාදී හැඟීම්ද හේතු වී තිබෙනවා. (2 කොරි. 4:4) ගැඹුරට මුල් බැස තිබෙන බලකොටු වැනි විශ්වාසයන් අප බිඳ හෙළන්නේ කෙසේද?—2 කොරි. 10:4, 5.

2 හැඟීම් තේරුම්ගන්න: යම් කෙනෙක් අසත්‍ය ඉගැන්වීමක් විශ්වාස කරන්නේ කුඩා කල සිටම නම් එය ඔහුගේ සිතේ තදින්ම කෙටී තිබෙනවා විය හැකියි. ඉන් මිදීමට එවැනි අයට උපකාර කළ හැකි වන්නේ අප ඔවුන්ගේ අදහස්වලට ගරු කරන ආකාරයෙන් කතා කරනවා නම් පමණයි.—1 පේතෘ. 3:15.

3 ඔවුන්ට ගෞරවය පෙන්විය හැකි එක් ආකාරයක් නම් ඔවුන් විශ්වාස කරන දෙයත් එසේ විශ්වාස කිරීමට හේතුවත් පැවසීමට අවස්ථාව දීමයි. (යාකො. 1:19) සමහරවිට කෙනෙකු අමරණීය ආත්මයක් තිබෙන බව විශ්වාස කරන්නේ මිය ගොස් සිටින ඔහු ප්‍රේම කළ කෙනෙකුව නැවත දැකගැනීමට තිබෙන ආශාව නිසා විය හැකියි. කෙනෙකු ආගමික නිවාඩු දින සමරන්නේ පවුලේ සියලුදෙනාම එකතු වන්නේ එවැනි අවස්ථාවලදී නිසා විය හැකියි. අප ඔවුන්ගේ අදහස්වලට සවන් දෙනවා නම් ඔවුන්ගේ හැඟීම් තේරුම්ගෙන ඔවුන්ගේ සිතට දැනෙන ආකාරයට කතා කිරීමට අපට හැකි වෙනවා.—හිතෝ. 16:23.

4 යේසුස්ගෙන් වටිනා පාඩමක්: නීතිය ගැන මනා දැනුමක් තිබූ මිනිසෙක් ඇසූ ප්‍රශ්නයකට යේසුස් ප්‍රතිචාරය දැක්වූ ආකාරයෙන් අපට වටිනා පාඩමක් ඉගෙනගත හැකියි. එම මිනිසා ඇසූ ප්‍රශ්නයට යේසුස් කෙළින්ම පිළිතුරක් දුන්නේ නැහැ. යේසුස් එසේ පිළිතුරක් දුන්නා නම් ඔහු කාලයක් පුරා විශ්වාස කළ දේවල් අත්හැරීමට අකමැති වෙන්න ඉඩ තිබුණා. එමනිසා යේසුස් එම මිනිසාගේ අවධානය ශුද්ධ ලියවිල්ල වෙතට යොමු කර ඒ ගැන ඔහුගේ අදහස විමසුවා. ඔහු ඊට පිළිතුරු දුන් පසු එය වඩාත් පහසුවෙන් තේරුම්ගැනීම සඳහා යේසුස් උපමාවක් යොදාගත්තා.—ලූක් 10:25-37.

5 දෙවිගේ වචනය යොදාගෙන අසත්‍ය ඉගැන්වීම්වල ග්‍රහණයෙන් මිදෙන්න ජනයාට උපකාර කිරීමට අපට හැකියි. (හෙබ්‍රෙ. 4:12) ජනයාගේ සිතට දැනෙන ආකාරයට ඉවසිලිවන්තව කතා කරමු. එවිට අසත්‍ය ඉගැන්වීම් ප්‍රතික්ෂේප කර දෙවි පිළිබඳ සත්‍යය ඉගෙනගැනීමට ඔවුන්ට උපකාර කිරීමට අපට හැකි වෙයි.—යොහ. 8:32.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න