ශාඛා කාර්යාලයෙන් ලැබුණු ලිපිය
ප්‍රිය ප්‍රචාරකයෙනි:
“එක්සත් ජනපදයේ මුලසුන භාර අවේක්ෂකයන් පසුගිය සති අන්තයේදී පැටසන්හි පිහිටි අපගේ කාර්යාලයට පැමිණියා. ඔවුන් සභා වැඩිමහල්ලන් සඳහා පවත්වන පළමුවන පන්තියට සහභාගි වීමට සූදානම්” කියා 2008 පෙබරවාරි 4 වන සඳුදා ලෝක මූලස්ථානයේ සිටින බෙතෙල් පවුලට නිවේදනය කළා. උදෑසන නමස්කාරයේදී ඉදිරිපත් කළ එම නිවේදනයට සවන් දුන් ඒ සාමාජිකයන් අත්පොළසන් දුන්නේ මහත් සතුටකින්. ශ්‍රී ලංකාවේ සිටින වැඩිමහල්ලන්ටද එවැනි පාසැලකට සහභාගි වීමට සමහරවිට අවස්ථාවක් ලැබෙයි. ශුභාරංචිය දේශනා කරන්නන්, එඬේරුන් හා ගුරුවරුන් ලෙස වගකීම් උසුලන වැඩිමහල්ලන්ට එම පාසැල මහත් උපකාරයක් වනවා නිසැකයි. එම වටිනා අවස්ථාව ලැබෙන තුරු අප බලා සිටින්නේ ඉමහත් ආශාවෙන්.
තවත් සේවා වසරක් අවසන් වූ නිසා ශ්‍රී ලංකාවේ හා වෙනත් රටවල සිටින අපගේ සහෝදරයන් කර තිබෙන සේවය ගැන දිරිගන්වනසුලු තොරතුරු දැනගැනීමට අප ආශාවෙන් සිටිනවා. ශ්‍රී ලංකාවේ දේවසේවය හා සම්බන්ධ කටයුතුවල විශාල දියුණුවක් 2008 සේවා වසරේදී දකින්න තිබුණා. ප්‍රචාරකයන් 4,400කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා කළා. මේ රටේ ප්‍රචාරකයන් 400කට වඩා අඩුවෙන් සිටි කාලය සමහර අයට තවම මතකයි. “දෙවිගේ මඟ පෙන්වීමට යටත් වෙමු” නමැති දිස්ත්‍රික් සමුළුවෙන්ද අප මහත් දිරිගැන්වීමක් ලැබුවා. පසුගිය වසරේ දිස්ත්‍රික් සමුළුවට පැමිණි සංඛ්‍යාව 7,662යි. මෙවර පැමිණි සංඛ්‍යාව ඊට වඩා වැඩි බව අපට සහතිකයි. එමෙන්ම යේසුස්ගේ මරණය සිහි කිරීමට 12,038දෙනෙකු පැමිණීම මොන තරම් සතුටට කරුණක්ද! මේ සෑම දෙයකින්ම පෙනී යන්නේ ඔබ සේවය වෙනුවෙන් කොතරම් වෙහෙසී තිබෙනවාද යන්නයි. එය හද පත්ලෙන්ම අගය කරන අප දිගටම එසේ කිරීමට ඔබව දිරිගන්වනවා!
දේවසේවයේ යෙදෙන විට සමහරෙකු පීඩාවලට මෙන්ම පහර කෑම්වලට මුහුණ දී තිබෙනවා. මුල් සියවසේදීත් ශුභාරංචියට විරුද්ධව දරුණු පීඩා පැමිණියා. “තමාට ඇත්තේ කෙටි කාල පරිච්ඡේදයක්” බව දන්නා සාතන් අපටද පීඩා කරයි කියා අපේක්ෂා කළ යුතුයි. (එළි. 12:12) නමුත් ‘සියලු ආකාර මිනිසුන්ව ගලවාගැනීම’ සඳහා අපට උපකාර කිරීමට දෙවි අප සමඟ සිටින බව මතක තබාගනිමු. (1 තිමෝ. 2:4) සහෝදරයෙනි, ඔබ වෙහෙස වී කරන සේවයට යෙහෝවා දෙවි ආශීර්වාද කරන බවට නිසැක වන්න.
ඔබේ සහෝදරයෝ,
ශ්‍රී ලංකා ශාඛා කාර්යාලය