සිහි කිරීමට හොඳින් සූදානම් වන්න
සැබෑ අනුගාමිකයන් වන අපට යේසුස්ගේ මරණය සිහි කරන රාත්‍රිය සඳහා හොඳින් සූදානම් වීමට කාලය පැමිණ තිබෙනවා. එය මොන තරම් ප්‍රීතිමත් මෙන්ම ගෞරවනීය ප්‍රස්තාවක්ද! (ලූක් 22:19) සිහි කිරීමට සූදානම් වීම සඳහා අප කළ යුතු දේවල් සමහරක් මොනවාද?
◼ වේලාව සහ ස්ථානය: සිහි කිරීම පවත්වනු ලබන වේලාව සහ ස්ථානය සෑම කෙනෙක්ම දැන සිටිය යුතුයි. ඇතැම් රාජ්‍ය ශාලාවල සභා දෙකක් සිහි කිරීමේ උත්සවය පැවැත්විය හැකියි. එවැනි අවස්ථාවලදී ඊළඟ සිහි කිරීම පටන්ගැනීමට තිබෙන්නේ සීමිත කාලයක් නිසා නියමිත වේලාවට සිහි කිරීමට පැමිණෙන්න. අවසන් වූ පසු ශාලාවේද ප්‍රධාන දොරටු අසලද රථ ගාලේ හා මහ මාර්ගයේද තදබදයක් ඇති නොවන ආකාරයෙන් පිට වී යන්න.
◼ ආරාධනා කිරීම: ප්‍රචාරකයන්ට දිය යුතු ආරාධනා පත්‍ර සියලුම ප්‍රචාරකයන්ට ලැබී තිබෙනවාද? ඔවුන් එහි තොරතුරු හොඳින් දැන සිටිනවාද? ආරාධනා පත්‍ර ඉදිරිපත් කරන ආකාරය ඔබ සූදානම් වී සිටිනවාද? ඔබ ආරාධනා කරන්නේ කාටද? ඔබට ලැබී තිබෙන සියලුම ආරාධනා පත්‍ර බෙදා දීමට වෑයම් කළ යුතුයි.
◼ ප්රවාහණය: උනන්දුව දක්වන සමහර අයට මෙන්ම ඇතැම් සහෝදර සහෝදරියන්ට ප්‍රවාහණ පහසුකම් හෝ වෙනත් ආකාරයේ උපකාරයක් අවශ්‍ය විය හැකියි. එවැනි අයට උපකාර කිරීමට කර තිබෙන සැලසුම් මොනවාද?
◼ සංකේත: හිරු බැස යෑමෙන් පසුව පමණක් අතිනත යවන්න. සිහි කිරීමට පැමිණිය නොහැකි ආබාධිත අභිෂේක ලත් ක්‍රිස්තියානියෙකු සිටී නම් ඔහුට සංකේත ලබා දීමට කටයුතු කළ යුතුයි. සුදුසු වයින් වර්ගයක් සහ රොටි සපයාගත යුතු අතර ඒවා සිහි කිරීම පටන්ගැනීමට කලින් සූදානම් කරගත යුතුයි.—වර්ෂ 2003 පෙබරවාරි 15 මුරටැඹ සඟරාවේ 14-15වන පිටුවල 14-17 දක්වා ඡේද බලන්න.
◼ රාජ්‍ය ශාලාව: කල් වේලා ඇතුව ශාලාව හොඳින් පිරිසිදු කර තැබිය යුතුයි. රොටි තබන පිඟන්, වයින් වීදුරු හා අවස්ථාවට ගැළපෙන මේසයක් හා මේස රෙද්දක් කල් වේලා ඇතුව ශාලාවට ගෙනැවිත් තැබිය යුතුයි. රාජ්‍ය ශාලාව හැර වෙනත් තැනක සිහි කිරීම පවත්වන්නේ නම් පැමිණ සිටින සියලුදෙනාටම කතාවට හොඳින් සවන් දිය හැකි වන ලෙස ශබ්ද විකාශන සකස් කළ යුතුයි. පරිවාරකයන්ව හා සංකේත අතිනත යවන සහෝදරයන්ව තෝරාගෙන ඔවුන්ට අයත් කාර්යයන්ද ඒවා ඉටු කළ යුතු නිසි පිළිවෙළ ගැනද කලින්ම ඔවුන්ව දැනුවත් කළ යුතුයි. ගෞරවාන්විත ලෙස ඇඳ පැළඳ සිටීමේ වැදගත්කමද ඔවුන්ට පෙන්වා දිය යුතුයි.
යේසුස්ගේ මරණය සිහි කිරීමේ අතිවැදගත් අවස්ථාවට පෞද්ගලිකව මෙන්ම සභාවක් හැටියට අපි සූදානම් විය යුතුයි. යෙහෝවා දෙවි ඔහුගේ ප්‍රේමණීය පුත්‍රයා මාර්ගයෙන් මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් කර තිබෙන දේවල් මුළු හදින් අගය කරන සියලුදෙනාටම යෙහෝවා දෙවි ආශීර්වාද කරනවා නිසැකයි.