ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 8/09 3-4 පි.
  • පුරුෂයන්ට දේශනා කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පුරුෂයන්ට දේශනා කරන්න
  • 2009 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • සත්‍යය පිළිගන්න පමා වුණත් බලා සිටින්න
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔවුන්ට ළං වන්න ඔබටත් හැකිද?
    2010 අපගේ රාජ්‍ය සේවාව
  • “මා ආවේ කඩුවක් දීමට මිස සාමය දීමට නොවෙයි”
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • විවාහ ජීවිතය සාර්ථක කරගැනීමට නැණවත් උපදෙස්
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2009 අපගේ රාජ්‍ය සේවාව
km 8/09 3-4 පි.

පුරුෂයන්ට දේශනා කරන්න

1. සභාවේ වගකීම් දැරීමට අවශ්‍ය වන්නේ කාවද?

1 මේ අවසාන දවස්වල සභාවේ කටයුතුවල පෙරමුණ ගැනීමට සුදුසුකම් ලත් පුරුෂයන් අවශ්‍යයි. (මාක් 4:30-32; ක්‍රියා 20:28; 1 තිමෝ. 3:1-13) එහෙත් සමහර ප්‍රදේශවල දෙවි ගැන ඉගෙනගන්න වැඩි කැමැත්තක් දක්වන්නේ කාන්තාවන්. තවත් සමහර ප්‍රදේශවල දරුවන්ට ආගම දහම ඉගැන්වීමේ වගකීම පියවරුන් මව්වරුන්ට භාර දෙනවා. එසේනම් දෙවි ගැන ඉගෙනගන්න පුරුෂයන් තුළ ආශාවක් ඇති කරන්නේ කෙසේද?

2. පාවුල් හා පේතෘස් පුරුෂයන්ට දේශනා කළ විට ඇති වූ ප්‍රතිඵලය කුමක්ද?

2 පුරුෂයන්ට දේශනා කරන්න: ගෘහ මූලිකයෙක් සත්‍යය පිළිගන්නා විට බොහෝදුරට පවුලේ අනිත් අයත් සත්‍යය පිළිගන්න පෙලඹෙනවා. උදාහරණයකට පාවුල් හා සීලස් සිරගෙයි සිටින විට එහි භාරකරුවෙකුට සාක්ෂි දැරුවා. ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ මුළු පවුලම බව්තීස්ම වුණා. (ක්‍රියා 16:25-34) පාවුල් කොරින්තියේ සාක්ෂි දැරූ අවස්ථාවේදී ‘සිනගෝගය භාර නිලධාරියා වූ ක්‍රිස්පස්ද ඔහුගේ සියලු ගෙයි වැසියෝද ස්වාමීන් තුළ ඇදහිලිවන්තයන් වුණා.’ (ක්‍රියා 18:8) කොර්නේලියස් ‘දෙවි කෙරෙහි භය ඇති භක්තිවන්ත මිනිසෙක්.’ පේතෘස් ඔහුට දේශනා කළ පසු ඔහු සමඟ ඔහුගේ පවුලේ සියලුදෙනාත් කිට්ටු මිත්‍රයනුත් බව්තීස්ම වුණා.—ක්‍රියා 10:1-48.

3. ෆිලිප් මෙන් මොන වගේ “උසස් තනතුරු දරන” පුරුෂයන්ට දේශනා කරන්න ඔබට හැකිද?

3 “උසස් තනතුරු දරන” පුරුෂයන්ට දේශනා කිරීමෙන් හොඳ ප්‍රතිඵල ඇති විය හැකියි. (1 තිමෝ. 2:1, 2) ඉතියෝපියාවේ රැජිණගේ මුළු වස්තු භාරව සිටි “බලය ලත්” නිලධාරියෙකුට දේශනා කිරීම සඳහා දේවදූතයෙක් ෆිලිප්ට මඟ පෙන්නුවා. ඒ පුද්ගලයා “අනාගතවක්තෘ යෙසායාගේ ලියවිල්ල” කියවමින් සිටි අවස්ථාවේදී ෆිලිප් ඔහුව මුණගැසී යේසුස් ගැන දේශනා කළා. මේ නිලධාරියා සත්‍යය පිළිගත්තා. ඔහු නැවත තම රටට ගමන් කරන විටත් පසුව එහි ගිය විට රැජිණට හා වෙනත් උසස් නිලධාරීන්ටත් සාක්ෂි දැරුවා කියා විශ්වාස කළ හැකියි.—ක්‍රියා 8:26-39.

4. පුරුෂයන්ව හමු වී දේශනා කිරීමට අවස්ථා උදා කරගත හැක්කේ කෙසේද?

4 පුරුෂයන්ව හමු වීමට අවස්ථා: බොහෝ පුරුෂයන් රැකියාවල යෙදෙන නිසා ඔවුන්ව හමු වීමට සැන්දෑ වරුවේ, සති අන්තවල හෝ නිවාඩු දිනවල සේවයේ යෙදෙන්න ඔබට හැකිද? ඒ වගේම ව්‍යාපාරික ස්ථානවල නිතර සේවයේ යෙදීමෙන් බොහෝවිට නිවෙස්වලදී හමු නොවන පුරුෂයන්ව හමු විය හැකියි. රැකියා කරන සහෝදරයන්ට තමන් සමඟ වැඩ කරන වෙනත් පුරුෂයන්ට සාක්ෂි දැරීමටත් වෑයම් කළ හැකියි. නිතර සේවයේ යෙදෙන ප්‍රදේශවල සේවය කරද්දී කෙළින්ම ගෘහ මූලිකයාට කතා කිරීමට අවස්ථාවක් සලසාගැනීමටත් සහෝදරයන්ට හැකියි.

5. ශුභාරංචියට කැමැත්තක් දක්වන පුරුෂයෙකුව මුණගැසෙන විට සහෝදරියකට කුමක් කළ හැකිද?

5 ශුභාරංචියට කැමැත්තක් දක්වන පුරුෂයෙකුව සහෝදරියකට මුණගැසුණොත් නැවත බැලීමට ඇය තනිවම නොයා යුතුයි. ඒ සඳහා තම ස්වාමිපුරුෂයා හෝ වෙනත් ප්‍රචාරකයෙක් සමඟ යෑමට ඇයට හැකියි. උනන්දුව දක්වන පුරුෂයා ප්‍රගතියක් ලබයි නම් නැවත බැලීම සහෝදරයෙකුට භාර දීම වඩාත් යෝග්‍යයි.

6. පාවුල් මෙන් ‘හැකි තරම් පිරිසක් දිනාගැනීමට’ අපි කළ යුත්තේ කුමක්ද?

6 ඔවුන් කැමති මාතෘකාවක් තෝරගන්න: පාවුල් කැමති වුණේ ‘හැකි තරම් පිරිසක් දිනාගන්නයි.’ (1 කොරි. 9:19-23) ඒ නිසා ඔහු තමන්ට සවන් දෙන අය ගැන සැලකිලිමත් වී ඔවුන් කැමති මාතෘකාවක් තෝරගත්තා. පුරුෂයන්ට දේශනා කරන විට අපත් පාවුල් මෙන් විය යුතුයි. බොහෝවිට පුරුෂයන් ආර්ථික ප්‍රශ්න, රැකියාව හා පවුලේ ආරක්ෂාව ගැන කල්පනා කරනවා. ඒ වගේම ඔවුන් ජීවිතයේ අරමුණ ගැනත් අනාගතය ගැනත් එමෙන්ම දෙවි දුෂ්ටකම්වලට ඉඩහැර තිබෙන්නේ ඇයි කියාත් සිතනවා. අපි සූදානම් වී ඔවුන් කැමති මාතෘකාවක් ඔස්සේ කතා කළොත් අපේ පණිවිඩය පිළිගන්න ඔවුන් කැමති වෙයි.—හිතෝ. 16:23.

7. සාක්ෂිකරුවෙකු නොවන ස්වාමිපුරුෂයෙක් රැස්වීමකට පැමිණි විට සභාවේ අයට කුමක් කළ හැකිද?

7 සාක්ෂිකරුවන් නොවන ස්වාමිපුරුෂයන්: ක්‍රිස්තියානි සහෝදරියන්ගේ යහපත් හැසිරීම එම ස්වාමිපුරුෂයන්ගේ සිත් දිනාගැනීමට ඉවහල් වී තිබෙනවා. (1 පේතෘ. 3:1-4) එවැනි අයට උපකාර කරන්න සභාවේ සෙසු අයට හැක්කේ කෙසේද? එවැනි කෙනෙක් රැස්වීමට පැමිණි විට ඔහුව ප්‍රේමයෙන් පිළිගැනීමෙන් එසේ කළ හැකියි. ඔහු රැස්වීමකට පැමිණෙන්නේ ඔහුට සත්‍යය ගැන යම් උනන්දුවක් තිබෙන නිසයි. සමහරවිට බයිබල් පාඩමක් කරන්නත් ඔහු කැමති විය හැකියි.

8. සත්‍යයට එතරම් උනන්දුවක් නොදක්වන ස්වාමිපුරුෂයන්ට උපකාර කරන්න සහෝදරයන්ට කුමක් කළ හැකිද?

8 තවත් සමහර ස්වාමිපුරුෂයන් මුලින්ම බයිබලය ගැන වැඩි උනන්දුවක් නොදැක්වුවත් පසු කලක තමන්ට හිතවත් සහෝදරයෙක් සමඟ ඒ ගැන කතා කරන්න කැමති විය හැකියි. සාක්ෂිකරුවෙකු නොවන ස්වාමිපුරුෂයෙක් සිටින සහෝදරියකව බලන්න යන අවස්ථාවල ඇගේ ස්වාමිපුරුෂයා කැමති විෂයක් ගැන ඔහු සමඟ කතා කරන්න එක සභාවක සහෝදරයන් තීරණය කළා. පසුව ඔහු බයිබලය ගැන සාකච්ඡා කරන්න කැමති වුණා. ඔහු දැන් බව්තීස්ම ලත් සහෝදරයෙක්. වෙනත් අවස්ථාවක සහෝදරයෙක් සාක්ෂිකරුවෙකු නොවන ස්වාමිපුරුෂයෙකුට ගෙවත්තේ වැට බඳින්න උදව් කළා. දැක්වූ සැලකිල්ල නිසා ඒ පුරුෂයා සමඟ බයිබල් පාඩමක් ආරම්භ කරන්න හැකි වුණා. (ගලා. 6:10; ෆිලි. 2:4) ඔබ සහෝදරයෙක් නම් මෙවැනි පුරුෂයන්ට උදව් කරන්න වෑයමක් දරන්න.

9. පුරුෂයන්ට දෙවි ලබා දෙන පුහුණුවෙන් ඇති වන ප්‍රතිඵල මොනවද?

9 සභාවට ආශීර්වාදයක්: සත්‍යය පිළිගෙන දෙවිගෙන් පුහුණුවක් ලබන මෙවැනි පුරුෂයන් අනාගතයේදී සභාව වෙනුවෙන් තම හැකියාවන් හා ශ්‍රමය වැය කරන ‘තෑගි වශයෙන් දුන් පුරුෂයන්’ බවට පත් වීමට ඉඩ තිබෙනවා. (එෆී. 4:8; ගීතා. 68:18) ඔවුන් දෙවිගේ රැළ කැමැත්තෙන් හා ආශාවෙන් බලාගනීවි. (1 පේතෘ. 5:2, 3) මෙවැනි පුරුෂයන් අප සියලුදෙනාට කොතරම් අශීර්වාදයක් වේවිද!

10. අනනියස් පාවුල්ට උපකාර කිරීම නිසා බොහෝදෙනෙක් ප්‍රයෝජන ලබන්නේ කෙසේද?

10 ඊට එක් උදාහරණයක් පාවුල්. ඔහු කලින් ක්‍රිස්තියානීන්ට බොහෝ පීඩා කළත් පසු කලක සත්‍යය පිළිගෙන ‘අන්‍යජාතීන්ට ප්‍රේරිතයෙක්’ වුණා. (රෝම 11:13) සාවුල් ලෙස සිටි කාලයේදී ඔහු දරුණු කෙනෙක් වූ නිසා ඔහුට දේශනා කරන්න අනනියස් කැමති වුණේ නැතත් දෙවිගේ මඟ පෙන්වීම පිළිගත් පසු අනනියස් ඔහුට දේශනා කළා. පසු කාලයේදී දහස් ගණන් ජනයා පාවුල්ගේ දේවසේවයෙන් ප්‍රයෝජන ලැබුවා. ඒ වගේම බයිබලයේ සඳහන් ඔහුගේ ලිපි කියවන මිලියන ගණන් ජනයා අදත් ඉන් ප්‍රයෝජන ලබනවා.—ක්‍රියා 9:3-19; 2 තිමෝ. 3:16, 17.

11. පුරුෂයන්ට දේශනා කිරීම සඳහා අපි සූදානම්ව සිටිය යුත්තේ ඇයි?

11 සමහරවිට පුරුෂයන්ට දේශනා කිරීම අභියෝගයක් විය හැකියි. ඒ නිසා අපි ඊට සූදානමින් සිටිමු. අපි එසේ කරනවා නම් සභාවේ දියුණුව වෙනුවෙන් අපි දරන වෙහෙසට යෙහෝවා දෙවි ආශීර්වාද කරයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න