සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ අගෝස්තු 1
“ඔබ හිතන විදිහට සන්තෝෂය ලබාගන්න නම් අපි මොනවද කරන්න ඕනෙ? [ප්රතිචාරයට ඉඩහැර, මතෙව් 5:3 කියවන්න.] සන්තෝෂය ලබාගැනීම ගැන යේසුස් කියපු එක දෙයක් විතරයි මේ. සන්තෝෂය අත් කරගන්න අපිට යේසුස්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවද කියල මේ ලිපියේ කියල තියෙනවා.” සඟරාවේ 16වන පිටුවේ තිබෙන ලිපිය පෙන්වන්න.
පිබිදෙව්! අගෝස්තු
“අද ගොඩක් චිත්රපටවල භූතයන්, මායාකාරයන් හා අද්භූත ක්රියාවන් පෙන්වනවා. ඔබ හිතන විදිහට ඇත්තටම භූතයන් ඉන්නවද? [ප්රතිචාරයට ඉඩහැර, 1 කොරින්ති 10:20 කියවන්න.] භූතයන් කියන්නේ කාටද, අපි ඔවුන්ගෙන් ආරක්ෂා වෙන්නේ කොහොමද කියල බයිබලයේ සඳහන් දේ ගැන මේ ලිපියේ සාකච්ඡා කරනවා.” සඟරාවේ 20වන පිටුවේ තිබෙන ලිපිය පෙන්වන්න.
මුරටැඹ සැප්තැම්බර් 1
ප්රදේශයේ හෝ රටේ සිදු වූ කම්පා කරවන සිදු වීමක් සඳහන් කර මෙසේ අසන්න. “මිනිස්සු මේ තරම් දුෂ්ට දේවල් කරන්නෙ ඇයි කියල ඔබ කල්පනා කරල තියෙනවද? [ප්රතිචාරයට ඉඩහරින්න.] අනාගතය ගැන හොඳ බලාපොරොත්තුවක් තබාගන්න පුළුවන් බව මේ බයිබල් පදයෙන් පැහැදිලි වෙනවා. [2 පේතෘස් 3:13 කියවන්න.] දුෂ්ටකම්වලට මුල මොකක්ද කියලත් දෙවි ළඟදීම දුෂ්ට දේවල් නැති කරන්නේ කොහොමද කියලත් මේ සඟරාවේ සඳහන් වෙනවා.”
පිබිදෙව්! සැප්තැම්බර්
“ජංගම දුරකථන, ඊ-මේල්, කතා කුටි වගේ දේවල් මිනිසුන්ගෙ තනිකම අඩු කරල තියෙනවද වැඩි කරල තියෙනවද? ඔබ මොකක්ද ඒ ගැන හිතන්නෙ? [ප්රතිචාරයට ඉඩහරින්න.] තනිකමෙන් ගොඩ එන්න පුළුවන් විදිහක් ගැන මෙතන යෝජනාවක් තියෙනවා. [ක්රියා 20:35 කියවන්න.] බයිබලයේ තියෙන අමතර උපදෙස් කිහිපයක් මේ සඟරාවේ සඳහන් වෙනවා.”