සේවා රැස්වීමේ කොටස් මෙහෙවීම සම්බන්ධ උපදෙස්
“සේවා රැස්වීමට සූදානම් වන්නේ මෙහෙමයි!” නමැති ලිපිය 2009 මැයි මාසයේ රාජ්‍ය සේවාවේ පළ වුණා ඔබට මතක ඇති. එහි සඳහන් වූ තොරතුරුවල යම් වෙනස්කම් කර තිබෙන අතර ඒවා මේ මාසයේ රාජ්‍ය සේවාවේ සිට ක්‍රියාත්මක වෙයි.
◼ කතාවක්: මෙම කොටසේදී සබයෙන් අදහස් විමසන්නේ නැහැ. සබයට වඩාත් ප්‍රයෝජනවත් කරුණු ගැන කථිකයා වැඩි අවධානයක් දෙයි.
◼ ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්: කෙටි හැඳින්වීමකින් හා කෙටි අවසානයකින් සමන්විත මෙම කොටස බොහෝදුරට මෙහෙයවන්නේ මුරටැඹ පාඩම මෙහෙයවන ආකාරයටයි. සෑම ඡේදයකටම අදාළ ප්‍රශ්න අසයි. මෙහෙයවන්නා ප්‍රමාණය ඉක්මවා අදහස් නොදැක්විය යුතුයි. කාලය තිබෙන පරිදි ප්‍රධාන බයිබල් පද කියවිය හැකියි. ඡේද කියවිය යුත්තේ ඒ සඳහා මඟ පෙන්වා ඇති අවස්ථාවලදී පමණයි.
◼ සබය සමඟ සාකච්ඡාවක්: විටින් විට සබයේ සහභාගිත්වය ඇතුව ඉදිරිපත් කරන කතාවක්.
◼ නිරූපණ හා සම්මුඛ සාකච්ඡා: නිරූපණය කරන්න කියා මඟ පෙන්වා තිබෙන විට එය සැලසුම් කිරීමේ වගකීම පැවරෙන්නේ එම කොටස මෙහෙයවන සහෝදරයාටයි. ඔහුම නිරූපණ ඉදිරිපත් කිරීම අවශ්‍ය නැහැ. ඊට සහභාගි කරගන්නා අය ආදර්ශවත් මෙන්ම සලකා බලන කරුණු හොඳින් නිරූපණය කළ හැකි අය විය යුතුයි. කල් ඇතුව එය පුහුණු වීම වැදගත්. කෙනෙකුට අවස්ථාවක් දිය යුතුයි කියා සිතා අද්දැකීම් අඩු නවක ප්‍රචාරකයන්ව ඒ සඳහා යොදාගැනීම යෝග්‍ය නොවිය හැකියි. නමුත් එවැනි අයව ගේහිමියා ලෙස යොදාගත හැකියි. නිරූපණ ඉදිරිපත් කරන අය සබය දෙසට මුහුණ ලා සිටිය යුතුයි. සම්මුඛ සාකච්ඡා ඉදිරිපත් කරන අය තම අසුන්වල සිට අදහස් දක්වනවා වෙනුවට වේදිකාවේ සිට ඒවා ඉදිරිපත් කිරීම සුදුසුයි. නිරූපණ සහ සම්මුඛ සාකච්ඡා පෙරහුරු කළ යුතුයි. රැස්වීමේ කොටස්වල කාලය ඉක්මවා ගොස් ඇත්නම් සූදානම් කර ඇති නිරූපණ හා සම්මුඛ සාකච්ඡා බැහැර කරනවා වෙනුවට ඔහුගේ කතාවේ කරුණු අඩු කළ යුතුයි. සහයක සේවකයන් නිරූපණ සඳහා යම් අයව තෝරාගැනීමට පෙර සම්බන්ධීකාරකගෙන් හෝ වෙනත් වැඩිමහල්ලෙකුගෙන් විමසීම සුදුසුයි.
විශේෂ කොටසක් මෙහෙයවද්දී ඒ සඳහා දී ඇති උපදෙස් අනුගමනය කරන්න. ඉහත සඳහන් මඟ පෙන්වීම්වලට අනුව සහෝදරයන් කොටස් මෙහෙයවන විට සේවා රැස්වීම “ඔබිනා ලෙසත් පිළිවෙළකටත්” පැවැත්වීමට හැකි වෙයි.—1 කොරි. 14:40.