ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 1/11 3-6 පි.
  • පවුල්වලට දෙවිගෙන් තෑග්ගක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පවුල්වලට දෙවිගෙන් තෑග්ගක්
  • 2011 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • පවුලේ නමස්කාරය රසවත් අද්දැකීමක් කරගන්න
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පවුලක් ලෙස ‘සූදානමින් සිටින්න’
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පවුලක් වශයෙන් නිතිපතා දෙවිගේ වචනය අධ්‍යයනය කරන්න
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පවුල් සාමාජිකයෙනි, දෙවිගේ සභාවේ කොටසක් වශයෙන් ඔහුට ප්‍රශංසා කරන්න
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2011 අපගේ රාජ්‍ය සේවාව
km 1/11 3-6 පි.

පවුල්වලට දෙවිගෙන් තෑග්ගක්

1. සතිපතා සබත පැවැත්වීම ඊශ්‍රායෙල් පවුල්වලට ප්‍රයෝජනවත් වුණේ කොහොමද?

1 සබත පැවැත්වීම යෙහෝවා දෙවිගෙන් ලද ප්‍රේමණීය සැපයුමක් වූ අතර එදා සිටි ඊශ්‍රායෙල් පවුල් එමගින් බොහෝ ප්‍රයෝජන ලැබුවා. සබත් දිනයේදී ඔවුන් එදිනෙදා කාර්යයන්ගෙන් විවේක ගෙන යෙහෝවා දෙවි ඔවුන් වෙනුවෙන් කළ යහපත් ක්‍රියා ගැනත් ඔවුන්ට දෙවි සමඟ ඇති මිත්‍රත්වය ගැනත් ගැඹුරින් කල්පනා කළා. තම දරුවන්ගේ හදවත් තුළ දෙවිගේ නීති පැළපදියම් කිරීමට දෙමාපියන්ට එමගින් අවස්ථාව ලැබුණා. (ද්වි. 6:6, 7) ඒ අනුව සෑම සතියකම සබත් දිනයේදී දෙවි සමඟ තිබෙන බැඳීම තවත් ශක්තිමත් කරගැනීම සඳහා වැඩි අවධානයක් දීමට ඔවුන්ට හැකි වුණා.

2. සබත් නීතියෙන් දෙවි ගැන අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

2 අද දින සබත පැවැත්වීම යෙහෝවා දෙවි අපගෙන් බලාපොරොත්තු වන්නේ නැහැ. නමුත් සබත් නීතියෙන් අපට දෙවි ගැන යමක් ඉගෙනගත හැකියි. එනම් තම සෙනඟ තමන් සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගෙන ඉන් ප්‍රයෝජන ලබනවාට දෙවි ඉතා ආශාවෙන් සිටින බවයි. (යෙසා. 48:17, 18) පවුලේ නමස්කාරය සඳහා රාත්‍රියක් වෙන් කර දීමෙන් අද දිනත් දෙවිගේ ආශාව එය බව පැහැදිලියි.

3. පවුලේ නමස්කාරය සඳහා වෙන් කළ රාත්‍රියේ අරමුණ කුමක්ද?

3 පවුලේ නමස්කාරය සඳහා වෙන් කළ රාත්‍රියේ අරමුණ කුමක්ද? වර්ෂ 2009 ජනවාරි මාසයේ සිට සේවා පාසැල සහ සේවා රැස්වීම පවත්වන දිනයේම පොත් පාඩම පැවැත්වීමට පටන්ගත්තා. ඊට එක් හේතුවක් වුණේ පවුලේ නමස්කාරය සඳහා සෑම සතියකම එක් රාත්‍රියක් වෙන් කර, පවුලක් ලෙස යෙහෝවා දෙවි සමඟ තිබෙන බැඳීම ශක්තිමත් කරගැනීමට අවස්ථාවක් දීමයි. හැකි නම් එම අවස්ථාව කලින් පොත් පාඩම පැවැත්වූ දිනයටම යොදාගන්න කියා සෑම පවුලකටම දිරිගැන්නුවා. එමෙන්ම බයිබලය මත පදනම් තොරතුරු සාකච්ඡා කිරීමට අවශ්‍ය තරම් කාලයක් ගන්නත් පවුලේ අවශ්‍යතාවන්ට අනුව එය සකස් කරගන්නත් උනන්දු කළා.

4. පවුලේ නමස්කාරය පැයකට සීමා කළ යුතුද? පැහැදිලි කරන්න.

4 පොත් පාඩම පැයක රැස්වීමක් වුණත් ඊට සහභාගි වීම සඳහා ඇඳ පැළඳ ගැනීම, යෑම ඒම වැනි දේවලට අපෙන් බොහෝදෙනෙකුට සවස් වරුවෙන් වැඩි කාලයක් ගත වුණා. නමුත් රැස්වීම්වල කළ සකස් කිරීම නිසා එක් රාත්‍රියකදී පවුලක් ලෙස යෙහෝවා දෙවිට නමස්කාර කිරීමට අවස්ථාව උදා වුණා. ඒ නිසා එම අවස්ථාව පැයකට සීමා කරන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට කාලය තීරණය කිරීමේදී පවුලේ අවශ්‍යතා හා එකිනෙකාගේ සීමාවන් සැලකිල්ලට ගත යුතුයි.

5. මුළු කාලයම පවුලක් ලෙස සාකච්ඡා කළ යුතුද? පැහැදිලි කරන්න.

5 මුළු කාලයම පවුලක් ලෙස සාකච්ඡා කළ යුතුද? විවාහක යුවළයන් සහ දරුවන් සිටින පවුල් බයිබලයේ තොරතුරු ගැන සාකච්ඡා කරද්දී එකිනෙකා දිරිගැන්වෙනවා. (රෝම 1:12) ඉන් පවුලේ බැඳීමද වැඩි වෙනවා. එමනිසා පවුලේ නමස්කාරය සඳහා වෙන් කළ රාත්‍රියේදී කරන සාකච්ඡාව මූලිකවම පදනම් විය යුත්තේ බයිබලය මතයි. කෙසේවෙතත් පවුලේ එක් එක් සාමාජිකයන්ට පෞද්ගලික අධ්‍යයනයේ යෙදීමටද එය අවස්ථාවක් කරගත හැකියි. උදාහරණයකට පවුලේ සාකච්ඡාවෙන් පසුව එම ස්ථානයේම රැඳී ඔවුන්ට වෙන වෙනම අධ්‍යයනයේ යෙදෙන්න පුළුවන්. සමහරවිට එවැනි අවස්ථාවලදී තනි තනිවම රැස්වීම්වලට සූදානම් වීමට හෝ සඟරාවක් කියවීමට හැකියි. ඒ සඳහා සමහර පවුල් එදින සවස් වරුවම රූපවාහිනිය නොබලා සිටීමට තීරණය කර තිබෙනවා.

6. පවුලේ නමස්කාරය මෙහෙයවන්න පුළුවන් කොහොමද?

6 එය මෙහෙයවන්න පුළුවන් කොහොමද? එය සෑමවිටම ප්‍රශ්නෝත්තර ක්‍රමයට කළ යුතු නැහැ. පවුලේ නමස්කාරය ප්‍රාණවත්ව හා උනන්දුව ඇති කරවන ආකාරයෙන් පැවැත්වීම සඳහා බොහෝ පවුල් සතියේ මැද රැස්වීම් පවත්වන ආකාරය අනුකරණය කරනවා. එනම් ඔවුන් එය කොටස් කිහිපයකට බෙදා විවිධාකාරයට මෙහෙයවනවා. උදාහරණයකට එකට බයිබලය කියවීම, රැස්වීමේ කොටසකට සූදානම් වීම, දේවසේවයේ හවුල් වීම සඳහා පෙරහුරු කිරීම වැනි දේවල් ඔවුන් කරනවා. තවත් යෝජනා හයවෙනි පිටුවේ තිබෙනවා.

7. පවුලේ නමස්කාරය අතරතුර කුමන වාතාවරණයක් පවත්වාගැනීමට දෙමාපියන් උත්සාහ කළ යුතුද?

7 පවුලේ නමස්කාරය අතරතුර කුමන වාතාවරණයක් පවත්වාගැනීමට දෙමාපියන් උත්සාහ කළ යුතුද? ඔබේ පවුලේ සාමාජිකයන් ඉගෙනගැනීමට වැඩි නැඹුරුවාවක් දක්වන්නේ ප්‍රේමණීය මෙන්ම ඔවුන්ව අපහසුතාවට පත් නොකරන වාතාවරණයක් යටතේයි. පවුලේ නමස්කාරය නිවසෙන් පිටතදී වුණත් පැවැත්විය හැකියි. සාකච්ඡාව අතරතුරදී විටින් විට කෙටි විවේකයක් ගන්නත් ඔබට පුළුවන්. සමහර පවුල් නමස්කාරයෙන් පසුව රසවත් කෑමක් භුක්ති විඳින්නත් සැලසුම් කරනවා. පවුලේ නමස්කාරය අතරතුර දරුවන්ට බැණවැදීමෙන් හෝ හික්මවීමෙන් දෙමාපියන් වැළකිය යුතුයි. නමුත් ඔවුන්ගේ අවධානයට ලක් වූ යම් වැරදි නැඹුරුවාවක් හෝ ගැටලුවක් ගැන දරුවන් සමඟ කතා කිරීමට එය අවස්ථාවක් කරගත හැකියි. කෙසේවෙතත් දරුවෙකු සමඟ පෞද්ගලික කාරණයක් ගැන කතා කිරීමට සිදු වන විට එය අනික් දරුවන් ඉදිරියේ කතා කිරීමෙන් ඔහු අපහසුතාවට පත් වෙයි නම් සතියේ වෙනත් දවසක ඔහු සමඟ ඒ ගැන පෞද්ගලිකව කතා කිරීම සුදුසුම දෙයයි. පවුලේ නමස්කාරය සඳහා වෙන් කළ රාත්‍රිය ඒකාකාරී, නිරස එකක් නොව ප්‍රීතිමත් අවස්ථාවක් විය යුතුයි. එමගින් අප පෙන්වන්නේ අපේ ප්‍රීතිමත් දෙවිව අප ආදර්ශයට ගන්නා බවයි.—1 තිමෝ. 1:11.

8, 9. පවුලේ මූලිකයාට නමස්කාරය සඳහා සූදානම් වෙන්න පුළුවන් කොහොමද?

8 පවුලේ මූලිකයාට නමස්කාරය සඳහා සූදානම් වෙන්න පුළුවන් කොහොමද? පවුලේ නමස්කාරය සඳහා සාකච්ඡා කළ යුත්තේ මොනවාද සහ ඒවා ඉදිරිපත් කළ යුතු හොඳම ආකාරය කුමක්ද යන්න සිතේ තබාගෙන ඊට කල්තියා සූදානම් වන විට පවුලේ අයට ඉන් බොහෝ ප්‍රයෝජන ලැබෙයි. (හිතෝ. 21:5) සාකච්ඡා කරන තොරතුරු සම්බන්ධයෙන් භාර්යාවගේ අදහස් විමසීමද සුදුසුයි. (හිතෝ. 15:22) පවුල් මූලිකයෙනි, එම සාකච්ඡාව සඳහා විටින් විට ඔබේ දරුවන්ගේ අදහස් සහ යෝජනා ලබාගැනීම සුදුසු දෙයක් නොවෙයිද? එසේ කිරීමෙන් ඔවුන් උනන්දු වන දේවල් සහ මුහුණ දෙන විවිධ තත්වයන් ගැන හොඳ අවබෝධයක් ඔබට ලබාගත හැකියි.

9 පවුල් මූලිකයාට නමස්කාර රාත්‍රිය සඳහා සමහර සතිවල බොහෝ කාලයක් වැය කරමින් සූදානම් වීමට සිදු වුණත් සෑම සතියකම එසේ කිරීම අවශ්‍ය නැහැ. බයිබලය කියවීම වැනි පවුලේ නමස්කාරයේ අනිවාර්යය අංගවලින් පවුලේ අය සතුටක් ලබනවා විය හැකි නිසා සෑම සතියකම අලුත් වැඩසටහනක් සූදානම් කිරීමට අවශ්‍ය නැහැ. සාකච්ඡාව අතරතුර පවුලේ අවශ්‍යතාවක් ගැන ඔහුගේ අවධානයට යොමු වීමට ඉඩ තිබෙනවා. සාකච්ඡාව අවසන් වූ විගස එම කාරණය අමතක වීමට පෙර ඊට සූදානම් වීම ප්‍රයෝජනවත් බව ඔහු තේරුම්ගත හැකියි. සමහර පවුල් මූලිකයන් ඊළඟ සතියේ සාකච්ඡා කරන විෂයන් ගැන සටහනක් පවුලේ අයට පහසුවෙන් දැකගත හැකි ස්ථානයක තබයි. එමගින් පවුලේ අනික් අය තුළ ඒ සඳහා උනන්දුවක් ඇති වන අතර අවශ්‍ය අවස්ථාවලදී ඊට සූදානම් වීමටද අවස්ථාව ලැබෙයි.

10. පවුලේ සාමාජිකයන් දෙවිට නමස්කාර නොකරන හෝ තනිකඩ අයට එම රාත්‍රිය යොදාගත හැක්කේ කොහොමද?

10 දෙවිට නමස්කාර කරන්නේ මම පමණක් නම් හෝ මම තනිකඩයෙක් නම් කුමක් කළ හැකිද? එවැනි අයට පවුලේ නමස්කාරය සඳහා වෙන් කළ රාත්‍රිය පෞද්ගලික අධ්‍යයනය සඳහා යොදාගත හැකියි. හොඳ පෞද්ගලික අධ්‍යයනයක් සඳහා මූලිකවම බයිබලය කියවීම, රැස්වීම්වලට සූදානම් වීම සහ මුරටැඹ සහ පිබිදෙව්! සඟරා කියවීම ඇතුළත් විය යුතුයි. සමහරුන් ඊට අමතරව යම් යම් විෂයන් ගැන ගැඹුරට අධ්‍යයනය කරනවා. එමෙන්ම තවත් අය ඉඳහිට ශුද්ධ ලියවිල්ල පදනම් කරගත් ගොඩනංවනසුළු සාකච්ඡා සඳහා වෙනත් ප්‍රචාරකයෙකුට හෝ පවුලකට ආරාධනා කරනවා.

11, 12. නොකඩවා පවුලේ නමස්කාරයේ හවුල් වීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

11 නොකඩවා පවුලේ නමස්කාරයේ හවුල් වීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද? යෙහෝවා දෙවිට මුළු හදවතින්ම නමස්කාර කරන අය දෙවිට තව තවත් ළං වෙනවා. ඊට අමතරව පවුලේ අය අතර ඇති බැඳීමද ඉන් තවත් ශක්තිමත් වෙනවා. විවාහක යුවළක් ඉන් ලැබූ ආශීර්වාද ගැන මෙසේ පැවසුවා. “පුරෝගාමි යුවළක් වන අපිට දරුවන් නැති වුණත් පවුලේ නමස්කාරයට වෙන් කළ දවස එනකල් අපි බලන් ඉන්නේ හරිම ආසාවෙන්. අපි එකිනෙකාටත් යෙහෝවා දෙවිටත් ළං වෙනවා කියලා අපිට දැනෙනවා. පවුලේ නමස්කාරය සඳහා තියෙන දවස පටන්ගද්දී අපි දෙන්නට දෙන්නා මෙහෙම කියාගන්නවා. ‘මතකද අද දවස මොකක්ද කියලා? අද අපේ පවුලේ නමස්කාරයට වෙන් කළ දවස.’”

12 කාර්යබහුල ජීවිතයක් ගත කරන පවුල්වලටද පවුලේ නමස්කාරය සඳහා ඇති කර තිබෙන සැලැස්ම ප්‍රයෝජනවත් වී තිබෙනවා. තනිවම පුතුන් දෙදෙනෙකු හදා වඩා ගන්නා ස්ථාවර පුරෝගාමි සහෝදරියක් වරක් මෙසේ පැවසුවා. “ඒ දවස්වල අපේ පවුලේ පාඩම කෙරුණෙම නැති තරම්. ඒකට හේතුව මට හුඟක් මහන්සි දැණුන නිසයි. ඒකට වෙලාවක් හොයාගන්න බැරුවයි මම හිටියේ. පවුලේ නමස්කාරයට මේ වගේ සැලැස්මක් ඇති කෙරුවට ඔබට බොහොම ස්තුතියි. දැන් අපි වරද්දන්නේ නැතුව දිගටම පවුලේ පාඩම කරනවා. ඒකෙන් ගොඩක් ප්‍රයෝජනත් ලබමින් ඉන්නවා.”

13. ඔබේ පවුලට යෙහෝවා දෙවි සමඟ තිබෙන බැඳීම ශක්තිමත් වීම රඳා පවතින්නේ කුමක් මතද?

13 එදා සබත් නීතිය මෙන් අද දින පවුලේ නමස්කාරය සඳහා අපගේ පියාණන් ඇති කර තිබෙන සැලැස්ම පවුල්වලට මොන තරම් ප්‍රයෝජනවත්ද! (යාකො. 1:17) ඊශ්‍රායෙල් පවුල් සබත පැවැත්වීමෙන් ප්‍රයෝජන ගත් තරමටම ඔවුන්ට දෙවි සමඟ තිබූ බැඳීම ශක්තිමත් වුණා. ඒ හා සමානව යෙහෝවා දෙවි සමඟ අපට ඇති බැඳීම ශක්තිමත් වන්නේ අපි පවුලේ නමස්කාරය සඳහා වෙන් කළ රාත්‍රියෙන් ප්‍රයෝජන ගන්නා තරමටයි. (2 කොරි. 9:6; ගලා. 6:7, 8; කොලො. 3:23, 24) එම සැලැස්මෙන් උපරිම ප්‍රයෝජන ගැනීමෙන් අපටත් අපේ පවුලේ අයටත් ගීතිකාකරුගේ මෙම වදන් පැවසිය හැකියි. ‘දෙවිට ළං වී සිටීම මට යහපතකි. විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මාගේ රක්ෂස්ථානයය.’—ගීතා. 73:28.

[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

පවුලේ නමස්කාරය සඳහා වෙන් කළ රාත්‍රිය ඒකාකාරී, නිරස එකක් නොව ප්‍රීතිමත් අවස්ථාවක් විය යුතුයි. එමගින් අප පෙන්වන්නේ අපේ ප්‍රීතිමත් දෙවිව අප ආදර්ශයට ගන්නා බවයි

[6වන පිටුවේ කොටුව]

ළඟ තබාගන්න

පවුලේ නමස්කාරය සඳහා යෝජනා කිහිපයක්

බයිබලය:

• සතියට නියමිත බයිබල් කියවීමෙන් කොටසක් කියවන්න. දෙබස් ආකාරයෙන් තිබෙන කොටස්වලදී පසුබිම් කතනය හා එක් එක් චරිත බෙදාගෙන කියවන්න.

• බයිබල් කියවීමේ සඳහන් තොරතුරු රඟ දක්වන්න.

• කලින්ම එක් එක් සාමාජිකයාට පරිච්ඡේද කිහිපයක් කියවීමට පවරා ඒ හා සම්බන්ධ ප්‍රශ්නයක් හෝ දෙකක් සටහන් කරගැනීමට ආරාධනා කරන්න. ඉන්පසු ඒ ප්‍රශ්න ගැන පවුලක් ලෙස ගවේෂණය කරන්න.

• සෑම සතියකම කාඩ්පතක බයිබල් පදයක් ලියා එය මතකයෙන් කියා විස්තර කරන්න. එලෙස සති කිහිපයක් පුරා සාදාගත් කාඩ්පත් එකතු කර බයිබල් පද කොපමණ සංඛ්‍යාවක් ඔබට කටපාඩමින් පැවසිය හැකිද කියා බලන්න.

• පටිගත කළ බයිබල් කියවීමකට සවන් දෙන අතරතුර එය ඔබේ බයිබලයෙන්ද බලන්න.

රැස්වීම්:

• පවුලක් ලෙස රැස්වීම්වල කොටසකට සූදානම් වන්න.

• ඊළඟ සතියේ රැස්වීම්වල ගායනා කරන ගීතිකා පෙරහුරු කරන්න.

• පවුලේ සාමාජිකයෙකුට සේවා පාසැලේ කතාවක් හෝ සේවා රැස්වීමේ නිරූපණයක් තිබෙනවා නම් එය ඉදිරිපත් කරන ආකාරය ගැන සාකච්ඡා කරන්න. නැත්නම් එය නිරූපණය කරන්න.

පවුලේ අවශ්‍යතා:

• යෞවන අය අසති හෝ උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු යන ප්‍රකාශනවල සඳහන් තොරතුරු සලකා බලන්න.

• පාසැලේදී මතු විය හැකි අභියෝගයකට මුහුණ දෙන ආකාරය පුහුණු වන්න.

• දෙමාපියන් දරුවන් ලෙසත් දරුවන් දෙමාපියන් ලෙසත් චරිත මාරු කරගන්න. දරුවන් යම් විෂයක් ගැන ගවේෂණය කර දෙමාපියන් මෙන් එය තර්කානුකූලව පැහැදිලි කරන ආකාරය රඟ දක්වන්න.

දේවසේවය:

• සති අන්තයේ දේවසේවයේ ගොස් නිවැසියන්ට කතා කරන ආකාරය පෙරහුරු කරන්න.

• සිහි කිරීමේ කාලයේදී හා පාසැල් නිවාඩු කාලයේදී ඔවුන්ගේ සේවය වැඩි කරගැනීමට උපකාරවත් වන ඉලක්ක ගැන සාකච්ඡා කරන්න.

• දේවසේවයේදී පැනනැඟිය හැකි විවිධ ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා විනාඩි කිහිපයක් ගවේෂණය කිරීමට හා පසුව ඒවා පෙරහුරු කිරීමට සෑම සාමාජිකයෙකුටම අවස්ථාව දෙන්න.

අමතර යෝජනා:

• අලුත්ම සඟරාවකින් ලිපියක් තෝරාගෙන පවුලක් ලෙස එකට කියවන්න.

• අලුත් සඟරාවක තමන්ගේ සිත්ගත් ලිපියක් කලින්ම කියවා ඒ පිළිබඳ කෙටි විස්තරයක් කිරීමට සෑම සාමාජිකයෙකුටම පවරන්න.

• ඉඳහිට ප්‍රචාරකයෙකුට හෝ යුවළකට ආරාධනා කරන්න. ඔවුන්ගේ අද්දැකීම් විමසන්නත් ඔබට හැකියි.

• සංවිධානයේ DVD තැටි නරඹා සාකච්ඡා කරන්න.

• පිබිදෙව්! සඟරාවල පළ වන “යෞවන අය අසති” හෝ “පවුලේ සැමට” යන ලිපි සාකච්ඡා කරන්න.

• මුරටැඹ කලාපවල පළ වන “ඔබේ දරුවන්ට උගන්වන්න” හෝ “යොවුන් ඔබට” යන ලිපි සාකච්ඡා කරන්න.

• අලුත් වාර්ෂික පොතේ යම් කොටසක් හෝ දිස්ත්‍රික් සමුළුවේ මුදාහැරිය පොතක කොටසක් කියවා සාකච්ඡා කරන්න.

• දිස්ත්‍රික් සමුළුවකින් හෝ එක්රැස්වීමකින් ඉගෙනගත් කරුණු නැවත සලකා බලන්න.

• අවට පරිසරයේ ඇති යෙහෝවා දෙවිගේ නිර්මාණ නිරීක්ෂණය කර ඒවායින් දෙවි ගැන ඉගෙනගන්න පුළුවන් දේවල් සාකච්ඡා කරන්න.

• එකට එකතු වී බයිබලයේ සඳහන් යම් දේවල්වල ආකෘති, සිතියම් හා වගු සකස් කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න