අත්හදා බැලීමට යෝජනා
ජූනි මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කරමු
“මරණය අපට නුහුරු දෙයක් නෙවෙයි. අපි හැමෝගෙම වගේ පවුලේ කෙනෙක් හරි යාළුවෙක් හරි මිය ගිහිල්ලා තියෙනවා. ඔබ හිතන්නෙ මොකක්ද? ඒ කෙනාව ආයෙ දකින්න ලැබෙයිද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මෙතන කියලා තියෙන දෙයින් අපිට ලොකු සැනසීමක් ලැබෙන්නෙ නැද්ද කියලා බලන්න.” පසුව ජූනි 1 මුරටැඹ සඟරාවේ 16වන පිටුවේ මුල් ප්‍රශ්නය යටතේ ඇති තොරතුරු නිවැසියාට පෙන්වා ඔහුට ඇසෙන සේ එය කියවා, එහි ඇති බයිබල් පදයක් ඔහු සමඟ සාකච්ඡා කරන්න. ඉන්පසු සඟරා ඉදිරිපත් කර ඊළඟ ප්‍රශ්නය සලකා බැලීමට තවත් දවසක් සැලසුම් කරගන්න.
මුරටැඹ ජූනි 1
“අද හුඟක් අය ජීවිතය ගැටගහගන්නේ හරිම අමාරුවෙන්. සමහරුන්ට එදා වේලවත් හොයාගන්න විදිහක් නැහැ. එහෙම තියෙද්දි දුප්පතුන් නැති කාලයක් එයි කියලා ඔබට හිතන්න පුළුවන්ද? [ප්‍රතිචාරයට ඉඩහැර ගීතාවලිය 9:18 කියවන්න.] මිනිස්සු දුප්පත් වෙන්නේ ඇයි කියලත් දුප්පත්කමට විසඳුම මොකක්ද කියලත් මේ සඟරාවේ සඳහන් වෙනවා.”
පිබිදෙව්! ජූනි
“හුඟක් රටවල්වල ත්‍රස්තවාදය ලොකු ප්‍රශ්නයක් වෙලා. ඔබ හිතන විදිහට ඒකට හේතුව මොකක්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] ඉදිරියේදී අපි හැමෝටම බලාපොරොත්තු වෙන්න පුළුවන් දෙයක් ගැන බයිබලයේ කියලා තියෙනවා. [ගීතාවලිය 72:7, 14 කියවන්න.] ඒක අපට සහනයක් නෙවෙයිද? ත්‍රස්තවාදයට මුල් වෙලා තියෙන හේතු කීපයක් ගැන මේ සඟරාවේ පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ කවදාද කියලත් ඒක වෙන්නේ කොහොමද කියලත් පැහැදිලි කරලා තියෙනවා.”