අත්හදා බැලීමට යෝජනා
ජූනි මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කරමු
“ඔයා දැනගෙන හිටියාද දෙවිට නමක් තියෙනවා කියලා?” යෙසායා 42:8 මුල් කොටස පමණක් කියවන්න. “ඒ නම දැනගෙන ඉන්න එක වැදගත් කියලා ඔයා හිතනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මේ සඟරාවේ ඒ ගැන කියන දේ බලන්න.” ජූනි පළමුවෙනිදා මුරටැඹ සඟරාව ඔහුට දී 16වන පිටුවේ ඇති පළමු උපමාතෘකාවට අදාළ මුල් ඡේදය සාකච්ඡා කරන්න. ඊළඟ ප්‍රශ්නය සාකච්ඡා කිරීම සඳහා දිනයක් සැලසුම් කරගන්න. මාසෙට අදාළ පිබිදෙව්! සඟරාවත් දෙන්න.
මුරටැඹ ජූනි 1
“මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න කැමතියි. ‘බයිබලය මොන වගේ පොතක්ද’ කියලා ඔයාගෙන් ඇහුවොත්, මේ කරුණු හතරෙන් මොන කරුණද ඔයා තෝරන්නේ? [3වන පිටුවේ ඇති කරුණු ටික පෙන්වා, ප්‍රතිචාරයට ඉඩහරින්න.] අපි බලමුද බයිබලයෙන්ම ඒ ගැන මොකක්ද කියන්නේ කියලා? [රෝම 15:4 කියවන්න.] බයිබලය විශේෂ පොතක් වීමට හේතු පහක් මේ සඟරාවේ විස්තර කරනවා. ඒ වගේම අපිටත් බයිබලයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද කියලත් මේකේ තියෙනවා.”
පිබිදෙව්! ජූනි
“හැම අවුරුද්දේම ලෝකේ පුරාම මිලියන ගණන් මිනිස්සු ඒගොල්ලෝ කන කෑම නිසා ලෙඩ වෙනවා. අපි කන කෑමෙන් අපිට කිසිම හානියක් වෙන්නේ නැහැ කියලා ඔයා හිතනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] කෑම නිසා ලෙඩ වෙන එක වළක්වන්න පුළුවන් විදි හතරක් ගැන මේ සඟරාවේ තියෙනවා. කෑම නිසා කවුරුත් ලෙඩ වෙන්නේ නැති කාලයක් එනවා කියලා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා.” ගීතාවලිය 104:14, 15 කියවන්න. “මේ සඟරාවෙන් ඒ ගැනත් ඔයාට දැනගන්න පුළුවන්.”