ඔබේ දරුවෝ සූදානම්ද?
1. ඔබේ දරුවන් සූදානම්ව සිටිය යුත්තේ ඇයි?
1 දරුවන් ටිකෙන් ටික වැඩෙද්දී පාසැලෙන් අලුත් අභියෝග හා පීඩන එල්ල වෙන්න පටන්ගන්නවා. එවැනි අවස්ථාවලදී “සත්‍යය ගැන සාක්ෂි දැරීමට” අවස්ථාද ඔවුන්ට උදා වෙයි. (යොහ. 18:37) ඔවුන් ඒ සඳහා සූදානම්ද?
2. සූදානම්ව සිටීමට ඔබේ දරුවන් දැන සිටිය යුත්තේ කුමක්ද?
2 යම් නිවාඩු දිනයක්, උත්සවයක් හෝ සැමරීමක් ජාතිවාදයට නැත්නම් මිථ්‍යා ආගම්වලට සම්බන්ධද නැද්ද කියා හඳුනාගැනීමට දරුවන්ට පුළුවන්ද? ඒවාට අදාළ දේවල් මොනවාද කියාත් වැළකිය යුත්තේ කුමන දේවලින්ද කියාත් හඳුනාගැනීමට ඔවුන්ට අවබෝධයක් තිබෙනවාද? උසස් අධ්‍යාපනය ලැබීම, පෙම් සබඳතා ඇති කරගැනීම හා මත්පැන් හෝ මත් ද්‍රව්‍යය භාවිතය සඳහා එල්ල විය හැකි පීඩනයට මුහුණ දීමට ඔවුන් සූදානම්ද? එවැනි අවස්ථාවලදී ඔවුන් කෙසේ ප්‍රතිචාරය දක්වයිද? එය ‘අපේ ආගමට අනුව වැරදියි’ කියා නිකම්ම පවසයිද නැත්නම් ඒවා වැරදි වීමට හේතුව බයිබලයෙන් පැහැදිලි කිරීමට ඔවුන්ට පුළුවන්ද?—1 පේතෘ. 3:15.
3. දරුවන්ව සූදානම් කිරීමට නමස්කාරයට වෙන් කළ රාත්‍රිය යොදාගන්න පුළුවන් කොහොමද?
3 නමස්කාරයට වෙන් කළ රාත්‍රිය යොදාගන්න: දරුවන්ට පාසැලේදී මුහුණ දීමට සිදු වන විවිධ අභියෝග ගැන පාසැල් කාලය පුරාම නිතර නිතර ඔවුන් සමඟ සාකච්ඡා ඔබට සිදු වෙයි. එසේ කිරීමට විශේෂ වෑයමක් දැරීමෙන් ඔවුන්ගේ බිය සැක දුරු කළ හැකියි. නමස්කාරයට වෙන් කළ රාත්‍රිය ඊට හොඳ අවස්ථාවක්. පාසැලේදී වැඩි පීඩනයක් එල්ල වෙන්නේ මොකක් නිසාද කියා දරුවන්ගෙන් ඇසිය හැකියි. කලින් අවුරුදුවල පහදා දුන් දේවල් දරුවන් වයසින් හා අවබෝධයෙන් වැඩෙද්දී නැවත මතක් කර දිය හැකියි. (ගීතා. 119:95) බයිබලය හා යෞවන අය අසති වැනි පොත් යොදාගෙන උත්තර දීමට ඔබේ දරුවන්ව පුහුණු කරන්න. ඒ සඳහා ගුරුවරයෙක් හෝ ශිෂ්‍යයෙක් වගේ රඟපාමින් පෙරහුරු කරන්න ඔබට හැකියි. එක් මවක් එසේ කළා. සෑම වසරකම තම දරුවන් අලුත් පන්තියකට මාරු වන විට එහි ගුරුවරුන්ට තමා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් කියා පැවසීමට ඇය ඔවුන්ව පුහුණු කළා.—වර්ෂ 2010 දෙසැම්බර් 15 මුරටැඹ සඟරාවේ 3-5 පිටු බලන්න.
4. ඥානවන්ත දෙමාපියන් කරන්නේ කුමක්ද?
4 මෙම අවසාන කාලයේදී අපේ යෞවනයන්ට “ඉතා අසීරු” අභියෝගවලට මුහුණ දෙන්න සිදු වෙනවා. (2 තිමෝ. 3:1) ඥානවන්ත දෙමාපියන් කල් තියා ඒවා හඳුනාගෙන ඒ සඳහා ඔවුන්ව පුහුණු කරනවා. (හිතෝ. 22:3) පාසැලේදී මුහුණ දීමට සිදු වන අභියෝග හා පීඩන සාර්ථකව ජය ගැනීමට ඔබේ දරුවන්ව පුහුණු කිරීමට ඔබට හැකි සියල්ල කරන්න.