දරුවෙනි, සාක්ෂි දැරීමට පාසැල කදිම තැනක්!
1. පාසැල් යන දරුවන්ට තිබෙන විශේෂ අවස්ථාව මොකක්ද?
1 ඔබ පාසැල් යන දරුවෙක් නම් ඔබ සාක්ෂිකරුවෙක් නිසා ඔබේ වයස කීය වුණත් ඔබට විවිධ පීඩා හා අභියෝගවලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒත් පාසැල කියන්නේ ‘සත්‍යය ගැන සාක්ෂි දරන්න’ කදිම ප්‍රස්තා උදා වෙන තැනක්! (යොහ. 18:37) පාසැලේදී සාක්ෂි දරන්න ඔබ හොඳින් සූදානම් වී සිටිනවාද?
2. විශ්වාසවන්ත දාසයා ඔබට ලබා දී තිබෙන වටිනා මෙවලම් මොනවාද?
2 ඔබේ ජීවිතය සාර්ථක කරගන්න ඔබට යෙහෝවා දෙවිගෙන් හා දෙමාපියන්ගෙන් හොඳ පුහුණුවක් ලැබී තිබෙනවා. (හිතෝ. 1:8; 6:20; 23:23-25; එෆී. 6:1-4; 2 තිමෝ. 3:16, 17) ඒ වගේම ඔබ සාක්ෂිකරුවෙක් නිසා පාසැලේදී මුහුණ දෙන්න සිදු වන අභියෝග මොනවද කියා ඔබ දැනටමත් දන්නවා ඇති. පාසැලේදී හොඳ සාක්ෂියක් දරන්න එම දැනුම හා ලැබී තිබෙන පුහුණුව ඔබට උපකාරවත් වෙයි. (හිතෝ. 22:3) ඊට අමතරව විශ්වාසවන්ත නුවණ ඇති දාසයා ලබා දී තිබෙන යෞවනයන් අසන ප්‍රශ්න නමැති පොත හා පිබිදෙව්! සඟරාවේ යෞවනයන් සඳහා පළ වන ලිපි ඔබට බොහෝ සේ ප්‍රයෝජනවත් වෙයි.
3. පාසැලේදී සාක්ෂි දරන්න මොන වගේ අවස්ථා උදා වෙයිද?
3 පාසැලේදී සාක්ෂි දරන්න ඔබට විවිධ අවස්ථා උදා වෙනවා. ඔබේ ආදර්ශවත් හැසිරීම, කතා විලාශය, පිරිසිදු ඇඳුම්, හිසකේ විලාසිතා, මිතුරන්ට සහ ගුරුවරුන්ට ගෞරවයෙන් සැලකීම හා දක්ෂ ලෙස ඉගෙනගැනීම වැනි දේවල් දකින ළමුන් ඔබේ වෙනස ගැන යමක් ඇසීමට ඉඩ තිබෙනවා. ඒ වගේම ‘මේ ළමයා අනිත් ළමයි වගේ නෙමෙයි’ කියා ගුරුවරුන් කියන්නත් ඉඩ තිබෙනවා. (මලා. 3:18; යොහ. 15:19) සාක්ෂි දරන්න එය හොඳ අවස්ථාවක්. (1 තිමෝ. 2:9, 10) තවත් අවස්ථාවලදී ජාතික උත්සවවලට හෝ යම් සිරිත් විරිත්වලට සහභාගි නොවන්නේ ඇයි කියා ඔබෙන් ඇසිය හැකියි. “මං යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්නෙ. ඒක අපේ ආගමට විරුද්ධයි” කියා පවසනවා වෙනුවට ඔබේ ආදරණීය දෙවි පියාණන් වන යෙහෝවා ගැන කතා කරන්න එය අවස්ථාවක් කරගන්න. මිතුරන්ටත් ගුරුවරුන්ටත් හැකි සියලුදෙනාටමත් සාක්ෂි දැරීමට නිතරම සූදානමින් සිටින්න.—1 පේතෘ. 3:15.
4. ඔබට නිර්භීතව සාක්ෂි දරන්න පුළුවන් කියා නිසැක විය හැක්කේ ඇයි?
4 පාසැලේදී මුහුණ දෙන්න සිදු වන අභියෝග ගැන සිතද්දී ඔබට භයක් දැනෙන්න ඉඩ තිබෙනවා. ඒත් ඔබට උපකාර කරන්න බොහෝදෙනෙක් කැමැත්තෙන් සිටින බව අමතක කරන්න එපා. දරුවෙනි, පාසැලේදී සාක්ෂි දැරීමේ අවස්ථාව තිබෙන්නේ ඔබටම විතරයි. ඒ ගැන ඔබට ලොකු සතුටක් දැනෙන්නේ නැද්ද! ඒ ගැන අපිත් සතුටු වෙනවා. ඒ නිසා නිර්භීතව පාසැලේදී සාක්ෂි දැරීමට සූදානමින් සිටින්න.