නොබියව සාක්ෂි දරන්න
1. සාක්ෂි දැරීමට අවශ්‍ය කුමක්ද? ඒ ඇයි?
1 විහිළු කරයි යන බිය නිසා පාසැලේදී සාක්ෂි දරන්න ඔබ අදිමදි කර තිබෙනවාද? ඒ සඳහා ධෛර්යය අවශ්‍යයි. ඔබ ලැජ්ජාශීලී කෙනෙක් නම් ඊටත් වඩා ධෛර්යයක් අවශ්‍යයි. එය වඩවාගන්නේ කෙසේද?
2. පාසැලේදී සාක්ෂි දැරීමට උදා වන අවස්ථා මොනවාද?
2 සුදුසු අවස්ථා හඳුනාගන්න: සාක්ෂි දැරීමට පාසැල කදිම ස්ථානයක් වුණත් ගෙයින් ගෙට සේවයේදී මෙන් ඔබට හමු වන සෑම කෙනෙකුටම සාක්ෂි දැරීමට අවස්ථාවක් නොලැබිය හැකියි. ඒ නිසා කතා කිරීමට සුදුසු අවස්ථා හඳුනාගන්න. (දේශ. 3:1, 7) පන්තියේ පැවැත්වෙන සාකච්ඡාවක් හෝ පැවරුමක් ඉදිරිපත් කිරීමට ලැබෙන අවස්ථාවක් සාක්ෂි දැරීමට මඟ විවෘත කළ හැකියි. ඒ වගේම සමහර ක්‍රියාකාරකම්වලට ඔබ සහභාගි නොවන හේතුව ශිෂ්‍යයෙක් විමසිය හැකියි. සමහර අය පාසැලට ඇතුළත් වූ විගස තමන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් බව හඳුන්වා දී තම විශ්වාසයන් පැහැදිලි කර තිබෙන ප්‍රකාශන ගුරුවරුන්ට දී තිබෙනවා. තවත් අය අනික් ශිෂ්‍යයන්ගේ අවධානය ගත හැකි සඟරා පොත් පත් ඔවුන්ගේ මේසය මත තබා තිබෙනවා.
3. පාසැලේදී සාක්ෂි දැරීමට සූදානම් වන්න ඔබට පුළුවන් කොහොමද?
3 සූදානම් වන්න: හොඳින් සූදානම් වීම ඔබේ විශ්වාසයන් ගැන කතා කිරීමට විශාල ශක්තියක්. (1 පේතෘ. 3:15) ඒ නිසා ඔබෙන් ඇසීමට ඉඩ තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු දීමට සූදානම් වන්න. (හිතෝ. 15:28) හැකි නම් බයිබලය, උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු, යොවුන් සිතේ ගැටලු වැනි පොත් සහ දෙවි කළ නිර්මාණ පිළිබඳව සකස් කර ඇති ප්‍රකාශන ඔබ ළඟ තබාගන්න. එවිට අවශ්‍ය අවස්ථාවලදී ඉන් ප්‍රයෝජන ගත හැකියි. ඒ වගේම පවුලේ නමස්කාරයේදී ශිෂ්‍යයෙක් අසන ප්‍රශ්නයකට පිළිතුරු දෙන ආකාරය පෙරහුරු කරන්න.
4. ඔබ අත් නෑර පාසැලේදී සාක්ෂි දැරීම අවශ්‍ය ඇයි?
4 උත්සාහය අත්හරින්න එපා: ඔබ සාක්ෂි දරන සෑම අවස්ථාවකම සෙසු ශිෂ්‍යයන් විහිළු කරයි කියා සිතන්න එපා. සමහර අය ඔබ කරන දෙය අගය කර ඇහුම්කන් දීමට ඉඩ තිබෙනවා. හොඳ ප්‍රතිචාරයක් නොලැබුණත් අධෛර්යය වෙන්න එපා. ඔබගේ උත්සාහය ගැන දෙවි සතුටු වෙනවා. (හෙබ්‍රෙ. 13:15, 16) ඒ නිසා ‘බියක් සැකක් නැතුව කතා කරන්න හැකියාව ලබා දෙන්න’ කියා යාච්ඤා කරන්න. (ක්‍රියා 4:29; 2 තිමෝ. 1:7, 8) දෙවි ගැන ඉගෙනගන්න ශිෂ්‍යයෙක් කැමති වුණොත් එය ඔබට මොන තරම් ප්‍රීතියක්ද! සමහරවිට ඔහු යම් දිනක ඔබත් සමඟ දෙවිට සේවය කරන කෙනෙක් බවට පත් විය හැකියි.