2002 වසර සඳහා දිව්‍යාණ්ඩු සේවා පාසැල
1 හුඟදෙනෙක් තමන්ට ලැබී තිබෙන කතා කිරීමේ හැකියාවේ වැදගත්කම ගැන එතරම් හිතන්නේ නැහැ. කෙසේවෙතත්, කතා කිරීමේ හැකියාව දෙවිගෙන් ලැබී තිබෙන තෑග්ගක්. අනිත් අය සමඟ අදහස් හුවමාරු කරගන්නත් අපේ හැඟීම් හා සිතුවිලි ප්‍රකාශ කරන්නත් එමගින් අපට හැකියි. වඩාත්ම වැදගත් දෙය වන්නේ දෙවිව පැසසුමට ලක් කරන්න අපට එමගින් හැකිවීමයි.—ගීතා. 22:22; 1 කොරි. 1:4-7.
2 යෙහෝවාගේ නාමය ජනයාට දැන්වීම සඳහා දිව්‍යාණ්ඩු සේවා පාසැල මගින් පුරුෂයන්ව, ස්ත්‍රීන්ව හා දරුවන්ව පුහුණු කරනවා. (ගීතා. 148:12, 13) අපට පෞද්ගලිකව ප්‍රයෝජන ගත හැකි මෙන්ම දේවසේවයේදී යොදාගත හැකි බයිබල් විෂයන් ගණනාවක් 2002 පාසැල් වැඩසටහනට ඇතුළත් කර තිබෙනවා. පාසැලට සූදානම් වීමෙන් හා සහභාගි වීමෙන් දෙවිගේ වචනය උගන්වන අය හැටියට අපේ දැනුම හා කුසලතා තවත් වර්ධනය කරගන්න අපට පුළුවන්.—ගීතා. 45:1.
3 බයිබලය දිනපතා කියවන්න: අපට පහසුවෙන්ම ගත හැකි තැනක බයිබලය තබාගන්නවා නම්, වැඩ නැති වේලාවට ඒක කියවන්න අපිට පුළුවන්. අපගෙන් හුඟදෙනෙකුට දවසේ වැඩ රාජකාරි කළාට පස්සේ මිනිත්තු කිහිපයක් ඉතුරු වෙන අවස්ථා තියෙනවා. ඒ අවස්ථාවලදී අපිට පුළුවන් බයිබලය කියවන්න. හැම දවසකම අඩුම තරමින් එක පිටුවක්වත් කියවනවා නම්, එයින් ලැබෙන ප්‍රයෝජන මොනතරම්ද! පාසැල් වැඩසටහනේ සඳහන් බයිබල් කියවීමේ කාලසටහනේ තිබෙන පරිච්ඡේද කිහිපය කියවා අවසන් කරන්න නම් අවශ්‍ය වෙන්නේ දවසකට පිටුවක් කියවීම පමණයි.—ගීතා. 1:1-3.
4 බයිබලය හොඳින් කියවීමේ හැකියාව තිබෙනවා නම් අපට සවන් දෙන අයගේ හදවතට කතා කරන්නත් යෙහෝවාට ප්‍රශංසා කිරීම සඳහා ඔවුන් තුළ පෙලඹවීමක් ඇති කරන්නත් අපට පුළුවන්. පැවරුම් අංක 2 ලැබී තිබෙන සහෝදරයන් තමන්ට පවරා තිබෙන කියවීමේ කොටස හඬ නඟා කියවමින් එක වතාවක් නොව කිහිප වතාවක් පුහුණු විය යුතුයි. පාසැල් අවේක්ෂක ශිෂ්‍යයාව පැසසීමෙන් පසු කියවීම දියුණු කරගැනීම සම්බන්ධයෙන් යෝජනා සපයයි.
5 පාසැලෙන් ඉගෙනගත් දේවල් දේවසේවයේදී භාවිත කරන්න: පැවරුම් අංක 3 සහ 4 පදනම් වී තිබෙන්නේ සාකච්ඡා කිරීම සඳහා බයිබල් විෂයන් නමැති පොත් පිංචය හා මගේ බයිබල් කතන්දර පොත මතයි. මෙම ප්‍රකාශනවලින් ඉගෙනගන්න තොරතුරු දේවසේවයේදී ප්‍රායෝගික ආකාරවලින් යොදාගත හැකියි. තමන්ගේ බලප්‍රදේශයට ප්‍රායෝගික වන පසුබිම් සහෝදරියන් තෝරාගත යුතුයි. ඔවුන් උගන්වන ආකාරය හා ශුද්ධ ලියවිල්ල යොදාගන්න ආකාරය කෙරෙහි පාසැල් අවේක්ෂක විශේෂ අවධානයක් දිය යුතුයි.
6 ශුභාරංචිය ප්‍රකාශ කිරීම සඳහාත්, අපේ ශ්‍රේෂ්ඨ දෙවි යෙහෝවාව පැසසුමට ලක් කිරීම සඳහාත්, දෙවිගෙන් ලැබී තිබෙන තෑග්ගක් වන කතා කිරීමේ හැකියාව දිගටම පාවිච්චි කිරීම සඳහා දිව්‍යාණ්ඩු සේවා පාසැල අප සැමටම මහත් රුකුලක් වේවා!—ගීතා. 34:1; එපී. 6:19.