දිව්‍යාණ්ඩු සේවා පාසැල අපට ප්‍රයෝජනවත් වන අයුරු
1 යෙහෝවා දෙවිගෙන් ඉගෙනගැනීමේ මහඟු වරප්‍රසාදය ඔහුගේ සෙනඟට ලැබී තිබෙනවා. (යෙසා. 54:13; යොහ. 6:45) එයින් අප කොතරම් ප්‍රයෝජන ලබනවාද යන්න බොහෝ සෙයින් රඳා පවතින්නේ අප ගන්නාවූ වෑයම මතයි. ඔබේ ඇදහිල්ල ශක්තිමත් කිරීමට දිව්‍යාණ්ඩු සේවා පාසැල කොතරම් ප්‍රයෝජනවත් වී ඇද්ද කියා ඔබ අවබෝධ කරගෙන තිබෙනවාද?
2 අගය දැක්වීම: බොහෝ පාසැල් අවේක්ෂකයන් නිරීක්ෂණය කර තිබෙන්නේ කථික ගුණාංග ගැන පුළුල් අධ්‍යයනයක යෙදීමෙන් ඔවුන්ගේ සභාවන් ක්ෂේත්‍ර සේවයේදී හොඳ දියුණුවක් ලබා ඇති බවයි. මීට අමතරව බයිබල් කියවීමේ විශේෂාංග කොටසට සබයේ සිටින අයටත් සහභාගිවීමට ලැබෙන නිසා වැඩිදෙනෙක් බයිබලය කියවීමේ වැඩසටහනට ඇලී සිටින බව පාසැල් අවේක්ෂකයෙකුට පෙනී ගියා. පැවරුම් අංක 2දී හැඳින්වීමක් හා අවසානයක් සූදානම් කිරීමට අවශ්‍ය නොවන නිසා පවරා ඇති කොටසට වැඩි අවධානයක් දීමට හැකිවීමෙන් තමන්ට ප්‍රයෝජන ලැබී ඇති බව බොහෝ සහෝදරයන් පවසා තිබෙනවා. මෙම කොටස පවරා ඇති අය කියවීමේ හැකියාවන් දියුණු කිරීම කෙරෙහි වැඩි අවධානයක් දෙමින් සිටිනවා.—1 තිමෝ. 4:13.
3 සැමට ප්‍රයෝජන ලැබිය හැකියි: රැස්වීම්වලදී අදහස් දැක්වීම සතුටක් විය හැකියි. (හිතෝ. 15:23) වාචික පුනරීක්ෂණ ප්‍රශ්න අපට කලින්ම ලැබෙන නිසා එයට සූදානම් වී සහභාගි වීමට හැකියාවක් ලැබෙනවා. මීට අමතරව 2004 ජනවාරි 1 මුරටැඹ සඟරාවේ සිට දිව්‍යාණ්ඩු සේවා පාසැලේ බයිබල් කියවීමේ කොටසට අදාළ බයිබල් පොත්වල විශේෂාංග පළ වෙනවා.
4 මෙම පාසැලට ඇතුල් වෙන සෑම කෙනෙකුටම පැවරුම්වලට සුදානම් වී ඒවා ඉදිරිපත් කිරීමට විශේෂ ප්‍රස්තාවක් තිබෙනවා. වේදිකාවේ සිට පාසැල් අවේක්ෂක කරනු ලබන ප්‍රශංසාවෙන් අප සැමට ප්‍රයෝජන ලබාගන්න පුළුවන්. රැස්වීමෙන් පසුව ඔහු ශිෂ්‍යයන්ට පෞද්ගලිකව දෙන උපදෙස්වලින් තවදුරටත් ප්‍රයෝජන ලැබෙයි. දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු යන පොතේ කථික ගුණාංග ගැන සාකච්ඡා කරන සෑම පරිච්ඡේදයකම අවසානයේ තිබෙන අභ්‍යාස අමතර උපකාරයක් වෙයි.
5 පාසැල අතරතුරේදී සහ අවසානයේදී ප්‍රායෝගික මෙන්ම ශුද්ධ ලියවිල්ලේ තිබෙන කරුණු ඔබේ අවධානයට හසුවන විට ඒවා ඔබේ සේවා පාසැල් පොතේ සටහන් කරගන්න. ඔබ ඉගෙනගත් දේ ගැන මෙනෙහි කරන්න. ඒවගේම දෙවිගෙන් ලබන මෙම අධ්‍යාපනය ඔබේ ඇදහිල්ල ශක්තිමත් කිරීමට බලපාන්නේ කෙසේද කියා සලකා බලන්න.