අපේ සඟරා සැමගේ සිත් දිනාගනියි
1. විශ්වාසවන්ත නුවණ ඇති දාසයා පාවුල්ව ආදර්ශයට ගෙන තිබෙන්නේ කෙසේද?
1 පාවුල් ‘සෑම තරාතිරමකම පුද්ගලයන්ගේ’ සිත් දිනාගැනීමට ශුභාරංචිය ඉදිරිපත් කළා හා සමානව විශ්වාසවන්ත නුවණ ඇති දාසයාත් අපේ ප්‍රකාශන යොදාගන්නේ විවිධ පසුබිම් හා විශ්වාසයන් ඇති පුද්ගලයන්ගේ සිත් දිනාගන්නා ආකාරයටයි. (1 කොරි. 9:22, 23) මුරටැඹ හා පිබිදෙව්! සඟරා සකස් කර තිබෙන්නේ කවරෙකුටද යන කාරණය මතක තබාගන්නවා නම් ඒවා පලදායී ලෙස බෙදාහරින්න අපිට හැකි වෙයි.
2. පිබිදෙව්! සඟරාව සකස් කර තිබෙන්නේ කවර පසුබිමක සිටින අයටද?
2 පිබිදෙව්!: පාවුල් කතා කළ ‘ඇතන්ස්හි පුරුෂයන්ට’ තිබුණේ ක්‍රිස්තියානි නොවන පසුබිමක්. (ක්‍රියා 17:22) ඔවුන්ට ශුද්ධ ලියවිලි ගැන එතරම් අවබෝධයක් තිබුණේ නැහැ. පිබිදෙව්! සඟරාව සකස් කර තිබෙන්නෙත් එවැනි පසුබිමක සිටින අයටයි. බයිබලයේ සඳහන් ඉගැන්වීම් ගැන ඔවුන් කිසිම දෙයක් නොදන්නවා විය හැකියි. ආගම් ගැන ඔවුන්ට යම් සැක තිබෙනවාත් ඇති. බයිබල් ප්‍රමිති අදාළ කරගැනීමේ ඇති ප්‍රායෝගික වටිනාකම ඔවුන් නොදන්නවාද විය හැකියි. පිබිදෙව්! සඟරාවේ මූලික පරමාර්ථය සැබෑ දෙවිකෙනෙක් සිටින බව වටහාගැනීමට පාඨකයන්ට උපකාර කිරීමයි. මෙම සඟරාව සකස් කර තිබෙන්නේ බයිබලය ගැන අවබෝධයක් ලබා දී එය දෙවිගේ වචනය බව තේරුම් කර දීමට හා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෙනත් ආගමික කණ්ඩායම්වලට වඩා වෙනස් බව පාඨකයාට අවබෝධ කර දීමටයි.
3. මුරටැඹ සඟරා සකස් කර තිබෙන්නේ කවුරුන් සඳහාද?
3 මුරටැඹ: පොදු කලාපය සකස් කර තිබෙන්නේ දෙවිට හා දේවවචනයට යම් දුරකට ගෞරව කරන අයටයි. ඔවුන්ට බයිබලය ගැන දැනුමක් තිබුණත් එහි ඉගැන්වීම් ගැන නිවැරදි අවබෝධයක් නැහැ. ඔවුන් සමාන වන්නේ පාවුල් සඳහන් කළ “දෙවිට ගරුබිය දක්වන” සෙනඟටයි. (ක්‍රියා 13:14-16) නමුත් මුරටැඹ පාඩම් කලාපය ලියා තිබෙන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ටයි. පාවුල් කියා සිටියේ ඔහුගේ ලිපි කියවන අය ශුද්ධ ලියවිල්ල ගැන දැනුමක් මෙන්ම සත්‍යය ගැන නිවැරදි දැනුමක් තිබුණු අය බවයි. (1 කොරි. 1:1, 2) ඒ අනුව පාඩම් කලාපය සකස් කර තිබෙන්නේ අපේ රැස්වීම්වලට පැමිණෙන, අපේ ඉගැන්වීම් ගැන දන්නා අයටයි.
4. අපි සෑම කලාපයක් ගැනම හොඳින් දැනුවත් විය යුත්තේ ඇයි?
4 අපි සාමාන්‍යයෙන් සඟරා දෙකක් ඉදිරිපත් කළත් හඳුන්වා දෙන්නේ එක සඟරාවයි. එමනිසා සෑම කලාපයක් ගැනම හොඳින් දැනුවත් වෙන්න. එවිට ඔබට මුණගැසෙන අයට සුදුසුම සඟරාව ඉදිරිපත් කිරීමට හැකි වෙයි.