අවශ්‍යතාව වැඩි ප්‍රදේශයකට ගොස් සේවය කරන්න ඔබට හැකිද?
1. පාවුල්ව හා ඔහුගේ සහයට ගිය අයව මැසිඩෝනියාවට යන්න පෙලඹුවේ කුමක්ද?
1 ක්‍රිස්තු වර්ෂ 49දී පමණ තම දෙවන මිෂනාරි සංචාරය සඳහා පාවුල් සිරියාවේ අන්තියෝකියෙන් පිට වුණා. ඔහු තීරණය කර තිබුණේ එෆීසයට හා සුළු ආසියාවේ අනිකුත් නගරවලට යෑමටයි. නමුත් ‘මැසිඩෝනියාවට යන්න’ කියා දෙවිගේ බලයෙන් ඔහුට මඟ පෙන්වීමක් ලැබුණා. ඔහුත් ඔහුගේ සහයට ගිය අයත් ඒ ඉල්ලීම සතුටින් භාරගෙන එම ප්‍රදේශයේ අලුතෙන්ම සභාවක් පිහිටුවීමේ වරප්‍රසාදය ලැබුවා. (ක්‍රියා 16:9, 10; 17:1, 2, 4) අදත් ලෝකයේ සමහර ප්‍රදේශවල අස්වැන්න නෙළීම සඳහා වැඩකරුවන් බොහෝදෙනෙකුගේ අවශ්‍යතාවක් පවතිනවා. (මතෙ. 9:37, 38) ඒ සඳහා ඉදිරිපත් වෙන්න ඔබට පුළුවන්ද?
2. සේවය සඳහා වෙනත් ප්‍රදේශයකට යෑම ගැන සමහරු එතරම් නොසිතන්නේ ඇයි?
2 සමහරවිට පාවුල් මෙන් මිෂනාරිවරයෙක් වීමට ඔබ තුළත් ආශාවක් ඇති. නමුත් ඔබේ වයස හෝ ඔබ අවිවාහක සහෝදරියක් වීම හෝ ඔබට කුඩා දරුවන් සිටීම වැනි හේතු නිසා අවශ්‍යතාව වැඩි ප්‍රදේශයකට ගොස් සේවය කිරීම ගැන ඔබ එතරම් සිතා නැතුව ඇති. ඊට හේතුව මිෂනාරිවරයෙක් වීම සඳහා පුහුණුවක් එවැනි අයට ලබා නොදීමයි. වෙනත් තැනකට ගොස් සාර්ථකව එම සේවය කළ හැකි වෙයිදෝ යන භය නිසාත් ඔබ ඒ ගැන එතරම් සිතා නැතුව ඇති. නමුත් උනන්දුවෙන් යාච්ඤා කර උපකාර පැතුවොත් ඒ එක හේතුවක්වත් අවශ්‍යතාව වැඩි ප්‍රදේශයකට ගොස් සේවය කිරීමට බාධාවක් නොවන බව ඔබට පෙනේවි.
3. වෙනත් ප්‍රදේශයකට ගොස් සාර්ථක ලෙස සේවය කිරීමට මිෂනාරි පුහුණුව අත්‍යවශ්‍ය නැහැ කියා පවසන්නේ ඇයි?
3 මිෂනාරි පුහුණුව අත්‍යවශ්‍යමද? පාවුල්ටත් ඔහුගේ සහයට ගිය අයටත් සාර්ථක වීමට හැකි වූයේ ඇයි? ඔවුන් දෙවි හා ඔහුගේ බලය කෙරෙහි පූර්ණ විශ්වාසය තැබූ නිසයි. (2 කොරි. 3:1-5) කලින් ඡේදයේ සඳහන් හේතු නිසා ඔබට මිෂනාරිවරයෙකු වීම සඳහා ලැබෙන පුහුණුව ලැබිය නොහැකි වුණත් වෙනත් ප්‍රදේශයකට ගොස් සාර්ථක ලෙස සේවය කිරීමට හැකියි. ඔබ සේවා පාසැලෙන් හා සේවා රැස්වීමෙන් දිගටම පුහුණුව ලබමින් සිටින බව අමතක කරන්න එපා. විශේෂ පුහුණුවක් සඳහා පසු කාලයක ඔබට ආරාධනා කළොත් සේවය සඳහා වෙනත් ප්රදේශකට ගොස් ලැබූ අද්දැකීම් බොහෝ සේ ප්‍රයෝජනවත් වන බවට සැකයක් නැහැ.
4. මහලු අය අවශ්‍යතාව තිබෙන ප්‍රදේශයක සේවය කිරීමේ අදහස බැහැර නොකළ යුත්තේ ඇයි?
4 මහලු අය: අද්දැකීම් ඇති අවබෝධයෙන් ක්‍රියා කරන මහලු වුණත් හොඳ සෞඛ්‍යයකින් පසුවන අයව අවශ්‍යතා ඇති ප්‍රදේශවලට බොහෝ සේ ප්‍රයෝජනවත්. ඔබ රැකියාවෙන් විශ්‍රාම ගිය කෙනෙක්ද? වෙනත් ප්‍රදේශයකට ගොස් සේවය කිරීමට, සාමාන්‍ය විශ්‍රාම වැටුපක් හෝ ආදායමක් තිබෙන කෙනෙකුට වුණත් පුළුවන්.
5. අවශ්‍යතාව වැඩි රටක සේවයට ගිය සහෝදරියකගේ අද්දැකීම විස්තර කරන්න.
5 අවිවාහක සහෝදරියන්: අවශ්‍යතාව තිබෙන ප්‍රදේශවල සේවය කිරීමට දෙවි සහෝදරියන්ව බහුල ලෙස යොදාගෙන තිබෙනවා. (ගීතා. 68:11) එක් තනිකඩ සහෝදරියක් වෙනත් රටකට ගොස් වැඩි සේවයක් කිරීමට තීරණය කළා. එවිට ඇගේ දෙමාපියන් ඇගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වුණේ නිතැතින්මයි. ඇය දේශපාලනික හා ආර්ථික ප්‍රශ්න අඩු රටක් තෝරාගත්තා. ශාඛා කාර්යාලයට ලිවූ ඇයට ඉතා වටිනා මඟ පෙන්වීම් රැසක් ලැබුණා. ඇය එම රටට ගොස් සේවය ඇරඹුවා. එහි ගත කළ අවුරුදු හය තුළ ඇය බොහෝ ආශීර්වාද භුක්ති වින්දා. ඒ ගැන ඇය පවසන්නේ මෙසේයි. “මම මගේ රටේ හිටියා නම් එතරම් බයිබල් පාඩම් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒත් අවශ්‍යතාව වැඩි රටක සේවය කළ නිසා පාඩම් ගොඩාක් කරන්න වගේම මගේ ඉගැන්වීමේ හැකියාව දියුණු කරගන්නත් පුළුවන් වුණා.”
6. අවශ්‍යතාව වැඩි ප්‍රදේශයක සේවයට ගිය පවුලකගේ අද්දැකීම සඳහන් කරන්න.
6 පවුල් වශයෙන්: ඔබට දරුවන් සිටිනවා නම් අවශ්‍යතාව වැඩි ප්‍රදේශයක සේවය කිරීමට එය බාධාවක් කරගත යුතුද? වයස අවුරුදු අටක හා දහයක දරුවන් සිටින යුවළක් එසේ කිරීමට තීරණය කළා. ඔවුන්ගේ අද්දැකීම ගැන මව පවසන්නේ මෙවැනි දෙයක්. “අපේ දරුවන්ට විශේෂ පුරෝගාමීන්ව හා මිෂනාරිවරුන්ව නිතරම ඇසුරු කරන්න ලැබෙන එක අපිට ලොකු සතුටක්. අවශ්‍යතාව වැඩි ප්‍රදේශයක සේවය කරන්න තීරණය කිරීම නිසා අපිට ගොඩාක් ආශීර්වාද ලැබිලා තියෙනවා.”
7. තමා සිටි රටෙන් වෙනත් රටකට ගොස් ජීවත් වන අයට කල්පනා කර බැලිය හැක්කේ කුමක්ද? ඒ ඇයි?
7 එක් මිනිසෙක් සරණාගතයෙක් ලෙස ඇල්බේනියාවේ සිට ඉතාලියට ආවා. එහි හොඳ රැකියාවක් සොයාගෙන ඇල්බේනියාවේ පදිංචි තම පවුලේ අයට මුදල් පවා යැව්වා. ඔහු සත්‍යය ඉගෙනගත් පසු ඇල්බේනියාවේ සේවය කිරීමට යන ඉතාලි ජාතික විශේෂ පුරෝගාමීන් කණ්ඩායමකට ඇල්බේනියානු භාෂාව උගන්වන්න පටන්ගත්තා. ඒ ගැන එම සහෝදරයා එදා මෙසේ ලිව්වා. “මේ පුරෝගාමීන් යන්නේ මම අත්හැර ආ රටටයි. ඔවුන් එහි භාෂාව දන්නේ නැති වුණත් එහි යන්න පුදුමාකාර ආශාවකින් ඉන්නේ. මම ඇල්බේනියානු සංස්කෘතිය හා භාෂාව හොඳින් දන්නා කෙනෙක්. මම ඉතාලියේ ඉඳන් ‘මොනවද කරන්නෙ’ කියලා මට හිතෙනවා.” නැවත ඇල්බේනියාවට ගොස් ශුභාරංචිය ප්‍රකාශ කරන්න ඔහු තීරණය කළා. ඔහු දැන් මෙසේ පවසනවා. “ඉතාලියේදී හම්බ කළ මුදල් ගැනවත් රැකියාව ගැනවත් මම මොහොතකටවත් දුක් වෙන්නේ නැහැ! ජීවිත ගැලවීමේ කාර්යය තරම් සතුටක් හා තෘප්තියක් ලබා දෙන වැදගත් කාර්යයක් තවත් නැහැ.”
8, 9. අවශ්‍යතාව වැඩි ප්‍රදේශයකට යෑමට බලාපොරොත්තු වන අය කළ යුත්තේ කුමක්ද?
8 කළ හැකි දේවල්: මැසිඩෝනියාවට යෑමට පෙර, පාවුල් හා ඔහු සමඟ ගිය අය බටහිර දෙසට වෙන්න තිබූ ප්‍රදේශවලට යමින් සිටියත් ඒ ප්‍රදේශවලට ගොස් ශුභාරංචිය ප්‍රකාශ ‘නොකරන ලෙස දෙවි තම බලය මාර්ගයෙන් ඔවුන්ට මඟ පෙන්නුවා.’ (ක්‍රියා 16:6) ඒ නිසා ඔවුන් උතුරු ප්‍රදේශයට ගියා. ඔවුන් බිතිනියට ළඟා වී සිටියදී එහි යෑමෙන්ද යේසුස් ඔවුන්ව වැළැක්වුවා. (ක්‍රියා 16:7) යෙහෝවා දෙවි යේසුස් මාර්ගයෙන් දේශනා සේවය සඳහා මඟ පෙන්වමින් සිටියා. (මතෙ. 28:20) එලෙසම වෙනත් ප්‍රදේශයකට ගොස් සේවය කිරීම ගැන ඔබ කල්පනා කරමින් සිටිනවා නම් දෙවිගේ මඟ පෙන්වීම ඉල්ලා යාච්ඤා කරන්න.—ලූක් 14:28-30; යාකො 1:5.
9 ඒ ගැන වැඩිමහල්ලන්ගෙන් හා අද්දැකීම් ඇති වෙනත් අයගෙන් විමසන්න. (හිතෝ. 11:14; 15:22) ඔබ යෑමට බලාපොරොත්තු වන ප්‍රදේශයට ගොස් ටික දවසක් එහි රැඳී සිටින්න පුළුවන්ද? අවශ්‍යතාව වැඩි ප්‍රදේශයකට ගොස් සේවය කිරීම ගැන ඔබ තීරණයක් ගත් පසු තව තොරතුරු ලබාගැනීමට ශාඛා කාර්යාලයට ලියා විමසන්න. නමුත් කෙළින්ම එසේ කරනවා වෙනුවට මුලින්ම සභාවේ වැඩිමහල්ලන්ට ඒ ලිපිය භාර දෙන්න. එය ශාඛා කාර්යාලයට යැවීමට පෙර ඒ පිළිබඳ ඔවුන්ගේ අදහස්ද ඊට එකතු කරයි.—වර්ෂ 2007 මාර්තු රාජ්‍ය සේවාවේ 4-5 පිටු බලන්න.
10. ශාඛා කාර්යාලය ඔබට උපකාර කරන්නේ කෙසේද? ඔබේ පෞද්ගලික වගකීම කුමක්ද?
10 තීරණය ගැනීම සඳහා ඔබට උපකාර කිරීමට ශාඛා කාර්යාලයට හැකි වුණත් එම ප්‍රදේශයට ගිය පසු ඔබේ නවාතැන් සැලසුම් කිරීමට ශාඛා කාර්යාලයට හැකියාවක් නැහැ. එමනිසා එහි යෑමට පෙර නවාතැන් ඇතුළු අනිකුත් පෞද්ගලික කාරණා ගැන හොඳින් සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට ඔබට සිදු වෙනවා.—ගලා. 6:5.
11. වෙනත් ප්‍රදේශයකට යෑමට නොහැකි අයට තම සේවය වැඩි කරගැනීමට කළ හැක්කේ කුමක්ද?
11 වෙනත් ප්‍රදේශයකට යෑමට ඔබට නොහැකි නම්: අධෛර්යය වෙන්න එපා. ඊට හේතුව ‘සේවය කිරීම සඳහා වෙනත් විශාල ප්‍රස්තාවක් ඔබට විවෘත’ විය හැකි නිසයි. (1 කොරි. 16:8, 9) ඔබේ නිවසේ සිටම උපකාර කිරීමට යා හැකි අවශ්‍යතාව වැඩි සභාවන් ඔබේ චාරිකා සේවක දන්නවා විය හැකියි. ළඟ පාත තිබෙන වෙනත් භාෂාවක් කතා කරන සභාවකට හෝ කණ්ඩායමකට සහාය වීමට ඔබට පුළුවන්ද? ඔබ සිටින සභාවේම රැඳී ඔබ කරන සේවය තවත් වැඩි කරගන්න ඔබට පුළුවන්ද? ඔබේ තත්වය කුමක් වුණත් වඩා වැදගත් දෙය නම් ඔබ දෙවිට කරන සේවය “මුළු හදවතින්ම” කිරීමයි.—කොලො. 3:23.
12. වෙනත් සභාවක සේවය කිරීම සඳහා යෑමට කැමති අය ගැන අපට තිබිය යුතු ආකල්පය කුමක්ද?
12 වෙනත් ප්‍රදේශයකට ගොස් සේවය කිරීමට කැමැත්තෙන් සිටින දෙවි සමඟ ශක්තිමත් බැඳීමක් ඇති අවබෝධයෙන් කටයුතු කරන ක්‍රිස්තියානියෙකුව ඔබ දන්නවාද? ඔහුට හෝ ඇයට අවශ්‍ය උපකාරය හා දිරිගැන්වීම ලබා දෙන්න! දේශනා සංචාර සඳහා පිට වීමට පෙර පාවුල් සේවය කරමින් සිටියේ එදා රෝම අධිරාජ්‍යයේ තිබූ තුන්වන විශාලම නගරය වන සිරියාවේ අන්තියෝකියෙයි (රෝමය හා ඇලෙක්සැන්ඩ්‍රියාවට පසු). එවැනි විශාල ප්‍රදේශයක දේවසේවකයන්ගේ අවශ්‍යතාව වැඩියෙන් තිබියදීත් ඔහු පිට වී යෑම සභාවට දරාගන්න බැරි පාඩුවක් වෙන්න ඇති. නමුත් පාවුල් වෙනත් ප්‍රදේශයකට ගිය නිසා අන්තියෝකියේ සහෝදරයන් අධෛර්යය වූ බවක් බයිබලයේ පවසා නැහැ. ඔවුන් තමන්ගේ සභාවට අයත් ප්‍රදේශය ගැන පමණක් සිතනවා වෙනුවට ‘කෙත කියන්නේ ලෝකය’ කියා තේරුම්ගත් බව පැහැදිලියි.—මතෙ. 13:38.
13. අවශ්‍යතාව වැඩි ප්‍රදේශයකට ගොස් සේවය කිරීමට තිබෙන හේතු මොනවාද?
13 පාවුල් හා ඔහුගේ සහායට ගිය අය මැසිඩෝනියාවේ සේවය කිරීමට ඉදිරිපත් වීමෙන් බොහෝ ප්‍රයෝජන ලැබුවා. මැසිඩෝනියාවේ ෆිලිප්පි නගරයේදී ලිදියා නම් කාන්තාවක් මුණගැසුණු අතර ‘පාවුල් පැවසූ දේ පිළිගැනීමට යෙහෝවා දෙවි ඇගේ හදවත තුළ මහත් පෙලඹීමක් ඇති කළා.’ (ක්‍රියා 16:14) ලිදියා හා ඇගේ නිවසේ සිටි සියලුදෙනාම බව්තීස්ම වූ විට පාවුල්ටත් ඔහු සමඟ සංචාරය කළ අයටත් දැනුණ සතුට ගැන ඔබට සිතාගත හැකිද! අදත් දෙවි ගැන දැනගැනීමට ආශාවකින් සිටින ලිදියා හා සමාන අය බොහෝදෙනෙක් සිටිනවා. ‘මැසිඩෝනියාවට ඇවිත් උපකාර කරන්න’ යන ආරාධනාව පිළිගැනීමෙන් ඔවුන් ප්‍රීතියක් ලැබුවා හා සමානව ඔබත් අවශ්‍යතාව වැඩි ප්‍රදේශයකට ගොස් සේවය කළොත් එවැනි අයව මුණගැසීමෙන් ලැබෙන ප්‍රීතිය අද්දකින්න ඔබටත් හැකි වන බව නිසැකයි.
[5වන පිටුවේ කොටුව]
ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවක් තිබෙන ප්‍රදේශ ගැන දැනගන්න
• තව එක පවුලක් හෝ තම සභාවට එකතු වෙනවාට කුඩා සභාවන් ආශාවෙන් සිටිනවා.
• කාලාතුරකින් සේවය කරන ප්‍රදේශයක තාවකාලික විශේෂ පුරෝගාමීන් ලෙස මාස තුනක් සේවය කිරීමට කැමති අයට එසේ කිරීමට අවස්ථාව තිබෙනවා.
• චාරිකා සේවකගෙන් හෝ ශාඛා කාර්යාලයෙන් යෝජනා ලබාගන්න.
• කුඩා සභාවන් සමඟ සේවය කරන විශේෂ පුරෝගාමීන්ගෙන් අදහස් විමසන්න.