අත්හදා බැලීමට යෝජනා
දෙසැම්බර් මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කරමු
“යාළුවෝ ඇති කරගන්න අපි කවුරුත් කැමතියි. ඔයා හිතන විදිහට හොඳ යාළුවෙක් කියන්නේ මොන වගේ කෙනෙක්ටද? [ප්‍රතිචාරයට ඉඩහරින්න] යාළුවන්ව තෝරාගනිද්දී අපි සැලකිලිමත් වෙන්න ඕනේ ඇයි කියලා මේ සඟරාවේ විස්තර කරලා තියෙනවා.” දෙසැම්බර් 1 මුරටැඹ කලාපයක් නිවැසියාට දී 16වන පිටුවේ ඇති උපමාතෘකාවක් යටතේ තිබෙන කොටසක් හා එහි ඇති එක බයිබල් පදයක් හෝ ඔහු සමඟ කියවා සාකච්ඡා කරන්න. ඉන්පසු සඟරාව ඉදිරිපත් කර ඊළඟ ප්‍රශ්නය සාකච්ඡා කිරීමට තවත් දවසක් සැලසුම් කරගන්න.
මුරටැඹ දෙසැම්බර් 1
“ස්වභාවික විපත් සිදු වෙන ප්‍රමාණය දවසින් දවස වැඩි වෙනවා. ඔබ හිතන විදිහට එහෙම වෙන්නේ ඇයි? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] දරුණු විපත් ඇති වන කාලයක් එනවා කියලා බයිබලයේ සඳහන් වෙනවා. [මතෙව් 24:7, 8 කියවන්න.] ඒ වගේ දේවල් වෙන්නේ ඇයි, ඒවා සිදු වෙන්නේ දේවශාපයක් නිසාද කියන ප්‍රශ්නවලට පිළිතුරු මේ සඟරාවේ තියෙනවා. ඒ වගේම දෙවි ඉතා ඉක්මනින් මේ විපත්වලට අවසානයක් ගෙනෙනවා කියලත් ඒක විශ්වාස කරන්න තියෙන හේතු ගැනත් මේ සඟරාවේ සඳහන් වෙනවා.”
පිබිදෙව්! දෙසැම්බර්
මුලින්ම 2 තිමෝති 3:16 කියවා මෙසේ පවසන්න. “බයිබලය ලියවුණේ දෙවිගේ මඟ පෙන්වීමෙන් කියලා සමහර අය විශ්වාස කරනවා. ඒත් තවත් අය ඒක විශ්වාස කරන්නේ නැහැ. ඔබ හිතන්නේ මොකක්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] විරෝධතා මැද බයිබලය තරම් ආරක්ෂා වුණ පොතක් තවත් නැහැ කියලා හුඟක් අය පිළිගන්නවා. බයිබලය විනාශ කරන්න, කියවන එක තහනම් කරන්න ගත් උත්සාහයන් ගැනත් ඒක ආරක්ෂා වුණේ ඇයි කියලත් මේ සඟරාවේ විස්තර කරලා තියෙනවා.”