ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 7/12 4-7 පි.
  • සේවයේ යන්න කලින් සොයන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවයේ යන්න කලින් සොයන්න
  • 2012 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවි ඔවුන්ට දයාව පෙන්වා තිබෙනවා
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබේ බලප්‍රදේශයේ සිටින බිහිරි අයව සොයාගැනීමට වෑයම් කරන්න
    2001 අපගේ රාජ්‍ය සේවාව
  • බිහිරි සහෝදර සහෝදරියන්ට ප්‍රේමය පෙන්වමු
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවියන් බිහිරි අයට ආදරෙයි
    තවත් ලිපි
තව තොරතුරු
2012 අපගේ රාජ්‍ය සේවාව
km 7/12 4-7 පි.

සේවයේ යන්න කලින් සොයන්න

1. සභාවලට ඒ ඒ භාෂා කතා කරන ප්‍රදේශ වෙන් කරලා දෙන්නේ ඇයි?

1 ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේදී යේසුස්ගේ ගෝලයන්ට දෙවිගේ බලය ලැබුණා. ඒ නිසා ලෝකයේ එක එක පැතිවලින් ආපු අයට ‘විවිධ භාෂාවලින් කතා කරන්න’ එයාලට පුළුවන් වුණා. (ක්‍රියා 2:4) එදා 3,000ක් විතර බව්තීස්ම වුණා. එතනට ඇවිල්ලා හිටපු අය එක එක භාෂාවලින් කතා කළත් එයාලා හෙබ්‍රෙව් හෝ ග්‍රීක වගේ ඒ කාලේ මිනිස්සු පොදුවේ කතා කරපු භාෂාවකුත් දැනගෙන ඉන්න ඇති. ඒ වුණත් එයාලගේ භාෂාවෙන්ම දෙවිගේ පණිවිඩය දැනගන්න දෙවි එයාලට අවස්ථාව දුන්නා. දෙවි එහෙම කරන්න ඇත්තේ තමන්ගෙම භාෂාවෙන් ශුභාරංචිය අහන්න ලැබෙද්දී මිනිස්සු හොඳ ප්‍රතිචාරයක් දක්වන නිසා වෙන්න ඇති. අද කාලෙත් සභාවලට ඒ ඒ භාෂා කතා කරන ප්‍රදේශ වෙන් කරලා දෙන්නේ ඒ නිසයි. (km 2/07 7 පි. 2-3 ඡේ.) වෙනත් භාෂාවක් කතා කරන කණ්ඩායමකට සේවය කිරීම සඳහා වෙනම ප්‍රදේශයක් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට තමන් අයත් සභාවට අයත් ප්‍රදේශයේ තමන්ගේ භාෂාව කතා කරන අයට දේශනා කරන්න ඔවුන්ට පුළුවන්. ඒ වගේම ඒ අවට තියෙන සභාවලට අයත් ප්‍රදේශවල ඉන්න තම භාෂාව කතා කරන අයට දේශනා කරන්න පුළුවන්.

2. (අ) මේ තොරතුරු අදාළ වෙන්නේ මොන වගේ ප්‍රදේශවලටද? ඒ වගේ ප්‍රදේශවල ඉන්න සහෝදරයන්ට තියෙන වගකීම මොකද්ද? (ආ) ඒ වගේ ප්‍රදේශවල තියෙන සභාවන් එකිනෙකාට උදව් කරන්නේ කොහොමද? (ඇ) අපි සේවයේ යද්දී වෙනත් භාෂාවක් කතා කරන කෙනෙක්ව හම්බ වුණොත් අපිට කරන්න පුළුවන් මොකද්ද?

2 ඔයාලගේ ප්‍රදේශයේ හැමෝම කතා කරන්නේ එක භාෂාවක් නම් ගෙයින් ගෙට සේවයේ යන එක අමාරු දෙයක් නෙමෙයි. ඒත් ඔයාලා ඉන්න ප්‍රදේශයේ විවිධ භාෂා කතා කරන අය ඉන්නවා නම් ඒක අභියෝගයක් වෙන්න පුළුවන්. ඔයාලා සේවයේ යන ප්‍රදේශයේම වෙනත් භාෂාවක් කතා කරන සභාවකුත් සේවයේ යනවා ඇති. ඒ සභාවේ සහෝදරයන්ට ඔයාලගේ භාෂාව කතා කරන අයව හම්බ වුණාම ඒ අයගේ තොරතුරු ඔයාලට දෙනවත් ඇති. එත් ඔයාලගේ භාෂාව කතා කරන අයව හොයන එක ඔයාලට තියෙන වගකීමක්. (“එකිනෙකාට උදව් කරන්න” යන කොටුව බලන්න.) ඒ නිසා ඔයාලගේ භාෂාව කතා කරන අයව හොයන්න සැලැස්මක් ඔයාලට අවශ්‍යයි. සිංහල භාෂාව කතා කරන සභාවලට අයිති ප්‍රදේශ බොහොමයක දෙමළ සහ ඉංග්‍රීසි භාෂා කතා කරන අය ඉන්නවා. නැත්නම් ඉංග්‍රීසි හෝ දෙමළ භාෂා කතා කරන සභාවලට අයිති ප්‍රදේශවල සිංහල භාෂාව කතා කරන අය ඉන්නවා. ඒ ප්‍රදේශවලට අයිති සිතියම් කාඩ්පත් අදාළ සභාවලට යම් කාලයකට භාර දෙන්න පුළුවන්. එතකොට ඒ සභාවල ප්‍රචාරකයන්ට අදාළ භාෂාව කතා කරන අය ඉන්න තැන් හොයලා නැවත ඒ කාඩ්පත් භාර දෙන්න පුළුවන්. ඒ කාඩ්පත් ස්ථිරවම ඒ සභාවලට භාර දෙන්නත් පුළුවන්. ඒක කරන්නේ කොහොමද?

3. යම් භාෂාවක් කතා කරන අයව හොයද්දී හිතන්න ඕනේ මොන වගේ දේවල්ද?

3 සොයන්නේ කොහොමද? ඔයාලගේ භාෂාව කතා කරන අයව හොයන්න කොච්චර කාලයක් වෙන් කරනවද කියලා තීරණය කරද්දී මේ දේවල් ගැන හිතන්න. ඔයාලගේ ප්‍රදේශයේ ඒ භාෂාව කතා කරන අය කීදෙනෙක් ඉන්නවද? ඒ භාෂාව කතා කරන ප්‍රචාරකයන් කීදෙනෙක් ඉන්නවද? ඒ භාෂාව කතා කරන කීදෙනෙක්ගේ ලිපින දැනටමත් සභාවේ හරි කණ්ඩායමේ හරි තියෙනවද? ඊට පස්සේ සභාවට අයිති ප්‍රදේශයේ සහ අවට ප්‍රදේශවල ඒ භාෂාව කතා කරන අය වැඩිපුර ඉන්න පැති තෝරගන්න. ඒ වගේම හොඳින් සැලසුම් කරන එක හරි වැදගත්. එහෙම කරනවා නම් යෙහෝවා දෙවි ගැන දැනගන්න හුඟදෙනෙක්ට අවස්ථාව ලැබෙයි.—රෝම 10:13, 14.

4. (අ) මේ වැඩේ සංවිධානය කරන්නේ කොහොමද? (ආ) ඔයාලගේ භාෂාව කතා කරන මිනිසුන්ව හොයාගන්න පුළුවන් ක්‍රම මොනවද?

4 වැඩිමහල් මණ්ඩලය විශේෂයෙන්ම සේවා සංවිධායක හැම දෙයක්ම හොඳින් සැලසුම් කරලා ඒක බලාගන්න ඕනේ. (1 කොරි. 9:26) යම් සභාවක් යටතේ වෙනත් භාෂාවක් කතා කරන කණ්ඩායමක් තියෙනවා නම් ඒ භාෂාව කතා කරන අයව හොයන වැඩේට මූලිකත්වය ගෙන කටයුතු කරන්න ඕනේ කවුද? ඒ සභාවෙන් තෝරාගත් සුදුසුකම් ලත් සහෝදරයෙකුයි. ඔහු වැඩිමහල්ලෙක් හෝ සහායක සේවකයෙක් නම් හොඳයි. ගොඩක් සභා හා කණ්ඩායම් මුලින්ම කරන්නේ දුරකථන නාමාවලිය හෝ අන්තර්ජාලය පාවිච්චි කරලා ඒ භාෂාවට ආවේනික නම් හොයන එකයි. ඊටපස්සේ දුරකථන ඇමතුම් දීලා හරි ඒ ලිපින තියෙන ගෙවල්වලට ගිහිල්ලා හරි ඒ භාෂාව කතා කරන අය ඉන්නවද කියලා බලනවා. මුළු සභාවම මේ වැඩේට සහභාගි කරගන්නවාද නැද්ද කියලා කණ්ඩායම බලාගන්න සභාවේ ඉන්න වැඩිමහල්ලන්ට තීරණය කරන්න පුළුවන්.—“ඔබේ භාෂාව කතා කරන අයව හොයන විදිහ” කියන කොටුව බලන්න.

5. (අ) අපිට දීලා තියෙන යෝජනා මොනවද? (ආ) අපි හොයන භාෂාව කතා කරන කෙනෙක් හම්බ වුණාම කියන්නේ මොකද්ද?

5 මේ වැඩේට සහභාගි වෙද්දී අපේ අරමුණ වෙන්නේ නිශ්චිත භාෂාවක් කතා කරන අයව හොයන එකයි. ඒක අපි මතක තියාගන්න ඕනේ. මේක දේවසේවයේ එක අංගයක් නිසා සුදුසු විදිහට ඇඳ පැළඳගෙන ඉන්න එක වැදගත්. ඒ වගේම කියන්න ඕන දේ පෙරහුරු කරනවා නම් සහ ඒ වැඩේ කරද්දී ඒ භාෂාවෙන්ම කතා කරනවා නම් උද්‍යෝගයෙන් ඒක කරන්න අපිට පුළුවන් වෙයි. ඒ වගේ අයව හොයන්න අපි ගත කරන වෙලාව වාර්තා කරන්න පුළුවන්. ඒත් සිතියම් හෝ නම් ලැයිස්තු හදන වෙලාව අපිට වාර්තා කරන්න බැහැ. ඒ වගේ කෙනෙක්ව හම්බ වුණොත් අපි එයාට ශුභාරංචිය කියන්න ඕනේ. ඊටපස්සේ එයාගේ තොරතුරු සේවා සංවිධායකට හරි එයා පත් කරලා තියෙන වෙනත් සහෝදරයෙක්ට හරි භාර දෙන්න පුළුවන්. එයා ඒ තොරතුරු වාර්තා කරලා තියාගනියි. ගෙහිමියා උනන්දුවක් දැක්වුවත් නැතත් අපි ඒක කරන්න ඕනේ. ඒක වැදගත් දෙයක් වගේම අපි දේවසේවයේ අනික් අංගවලත් හවුල් වෙන එක වැදගත්.—“කියන්නේ මොකක්ද?” කියන කොටුව බලන්න.

6. බිහිරි අයව හොයන එක අභියෝගයක් වෙන්නේ ඇයි?

6 බිහිරි අයව සෙවීම: බිහිරි අයව හොයාගන්න එක අභියෝගයක්. දුරකථන නාමාවලියකින්වත් ඒ අයගේ පෙනුමෙන්වත් එයා බිහිරි කෙනෙක්ද කියලා හොයාගන්න බැහැ. සමහරවිට බිහිරි කෙනාගේ පවුලේ සාමාජිකයන් එයා ගැන තොරතුරු හෙළි කරන්න අකමැති වෙන්නත් පුළුවන්. ඒ නිසා බිහිරි අයව හොයාගන්න යෝජනා කිහිපයක් ඔයාලට දෙන්න කැමතියි. මේ යෝජනා වෙන භාෂාවක් කතා කරන අයව හොයන්නත් ප්‍රයෝජනවත් වෙයි.

7. (අ) ජනාකීර්ණ ප්‍රදේශවල බිහිරි අයව සෙවීම සඳහා මොන වගේ දේවල් කරන්න පුළුවන්ද? (ආ) ගෙහිමියාගේ බිය සැක දුරු කරන්න අපිට කරන්න පුළුවන් මොනවද?

7 ජනාකීර්ණ තැන්වලට ගිහිල්ලා බිහිරි අය ගැන විමසීමෙන් ඒ අය ගැන තොරතුරු දැනගන්න සංඥා භාෂාව කතා කරන සභාවලට සහ කණ්ඩායම්වලට පුළුවන් වෙලා තියෙනවා. සමහර අයට බිහිරි ඥාතීන් ඉන්නවා. එහෙමත් නැත්නම් අසල්වැසියෙක්, රැකියා ස්ථානයේ වැඩ කරන කෙනෙක්, පාසැල් දරුවෙක් සංඥා භාෂාව පාවිච්චි කරනවා එයාලා දැකලා ඇති. හැබැයි අපි ඒ වගේ අයව හොයන්නේ ඇයි කියලා සමහර අය අපිව සැක කරන්න පුළුවන්. ඒ තත්වය මඟහරින්න මිත්‍රශීලී වීම, අපි ආපු හේතුව කෙටියෙන්, අවංකව හා ගෞරවනීයව පැහැදිලි කිරීම වගේ දේවල් ප්‍රයෝජනවත්. ඒ වගේම සංඥා භාෂාවෙන් තියෙන DVD තැටි පෙන්වීමෙනුත් සමහර අයට හොඳ ප්‍රතිඵල ලැබිලා තිබෙනවා. බයිබලයේ පොරොන්දු වෙලා තියෙන දේ බිහිරි අයට කියලා දෙන්න අපි කැමතියි කියලා අපිට කියන්න පුළුවන්. සමහරවිට ගෙහිමියා බිහිරි අයගේ තොරතුරු දෙන්න අදිමදි කරයි. ඒ වුණත් ඔයාලගේ ලිපිනය හරි රැස්වීම් ගැන සඳහන් කරලා තියෙන ආරාධනා පත්‍රයක් හරි බිහිරි කෙනෙකුට දෙන්න එයා කැමති වෙයි.

8. සංඥා භාෂාව කතා කරන සභාවකට උදව් කරන්න ළඟපාත තියෙන සභාවකට පුළුවන් කොහොමද?

8 සංඥා භාෂාව කතා කරන සභාවකට පුළුවන් තමන්ට සේවය කරන්න තියෙන ප්‍රදේශයේ ජනාකීර්ණ පැතිවල ඉන්න බිහිරි අයව හොයන්න ළඟපාත තියෙන වෙනත් සභාවකට අවුරුද්දකට වතාවක් හෝ දෙවතාවක් ආරාධනා කරන්න. ඒක සැලසුම් කරලා තියෙන දවසේ පවත්වන රැස්වීම මෙහෙයවන්නේ සංඥා භාෂාව කතා කරන සභාවයි. ඒ රැස්වීමට ප්‍රචාරකයන්ට අවශ්‍ය මඟ පෙන්වීම් වගේම නිරූපණයකුත් ඇතුළත් කරන්න. සහෝදරයන්ව කණ්ඩායම්වලට වෙන් කරද්දී ඒ හැම කණ්ඩායමකටම සංඥා භාෂාව කතා කරන සභාවෙන් කෙනෙක්ව හා එයාලා යන්න ඕන පැත්ත ලකුණු කරලා තියෙන සිතියමක් දෙන්න.

9. බිහිරි අය හුඟදෙනෙක් ගැවසෙන තැන්වලදී ඒ අයගේ විස්තර ලබාගන්නේ කොහොමද?

9 බිහිරි අය ආශ්‍රයට, විනෝදයට යන තැන්වලට එහෙම නැත්නම් යම් යම් සේවාවන් ලබාගන්න යන තැන්වලට ගියොත් ඒ වගේ අයව හොයාගන්න අපිට පුළුවන්. නමුත් ඒ වගේ තැන්වලට යද්දී ඒ තැනට ගැළපෙන විදිහට ඇඳගෙන යන්න ඕනේ. ඒ වගේ තැනක බිහිරි අයව හම්බ වුණාම ඒ හැමෝම ඉස්සරහ කතා කරනවා වෙනුවට එක් කෙනෙක් දෙන්නෙක් එක්ක කතා කරන එක ඥානවන්තයි. ඒ කෙනා මිත්‍රශීලී කෙනෙක් නම් දුරකථන අංකය, ලිපිනය වගේ දේවල් හුවමාරු කරගන්න පුළුවන්.

10. ව්‍යාපාරික ස්ථාන මාර්ගයෙන් බිහිරි අයව හොයාගන්නේ කොහොමද?

10 බිහිරි අයව හොයාගන්න කරන්න පුළුවන් තවත් දෙයක් තමයි සුපිරි වෙළඳ සැල්, කෑම කන තැන්, ෆාමසි, වෛද්‍ය පහසුකම් ලබා දෙන තැන් වගේ බිහිරි අය ගැවසෙන ස්ථාන වෙන වෙනම සිතියම්වල ලකුණු කරගන්න එක. උදාහරණයකට ඒ ප්‍රදේශයේ තියෙන සුපිරි වෙළඳ සැල් හැම එකක්ම එක සිතියමක ලකුණු කරන්න. තවත් සිතියමක ෆාමසි හැම එකක්ම ලකුණු කරන්න. ඊටපස්සේ සුදුසු වෙලාවක ඒ තැන්වලට යන්න. එකම වර්ගයේ ව්‍යාපාර ස්ථානවලට යද්දී ප්‍රචාරකයෙක් ඒ තැනට ගැළපෙන විදිහට කතා කරන්න හුරු වෙනවා. සමහර රටවල තරු පහේ හෝටල්වල බිහිරි අය සඳහා වෙනමම පහසුකම් සපයනවා. ඒ වගේ තැන්වලට ගිහිල්ලා පිළිගැනීමේ නිලධාරියාට අපි කරන දේ විස්තර කරන්න. ඊටපස්සේ බිහිරි අය ආවොත් ඒ අයට දෙන්න කියලා අපේ රැස්වීම් සඳහා ආරාධනා පත්‍රයක් සහ සංඥා භාෂාවෙන් තියෙන DVD තැටියක් ඇතුළත් ලියුම් කවරයක් එයාට දෙන්න. සමහර ව්‍යාපාරික ස්ථානවලට ගියාම එතන බිහිරි අය වැඩ කරනවද කියලා හෝ එතැනට බිහිරි අය එනවද කියලා අපිට කෙළින්ම අහන්න පුළුවන්. අපි සේවය කරන ප්‍රදේශයේ බිහිරි අයගේ පාසැලක් තියෙනවා නම් එයාලගේ පුස්තකාලයට සංඥා භාෂාවෙන් තියෙන DVD තැටි දෙන්න අපිට පුළුවන්.

11. මේ වැඩේ අපේ සේවයේ වැදගත් අංගයක් කියලා කියන්න පුළුවන් ඇයි?

11 වැදගත් වැඩක්: යම් භාෂාවක් කතා කරන අයව හොයන එක ලේසි නැහැ. සමහර පැතිවල ඉන්න අය නිතරම ගෙවල් මාරු කරන නිසා යම් භාෂාවක් කතා කරන අයගේ තොරතුරු ගැන වාර්තාවක් තියාගන්න එක අභියෝගයක් වෙන්න පුළුවන්. ඒ කොහොමවුණත් මේ වැඩ පිළිවෙළ කරගෙන යන එක අපේ සේවයේ වැදගත් අංගයක්. ඒකට හේතුව දේශනා කිරීමේ පැවරුම අපිට දීලා තියෙන යෙහෝවා දෙවි හැමෝටම සලකන්නේ එක හා සමානවයි. (ක්‍රියා 10:34) ‘ඔහුගේ කැමැත්ත වෙන්නේ හැම තරාතිරමකම ඉන්න මිනිස්සු ගැලවීම ලබාගන්න එක සහ සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගන්න එකයි.’ (1 තිමෝ. 2:3, 4) ඒ නිසා හැම ජාතියකටම අයත් ‘අවංක මෙන්ම යහපත් සිතක්’ තියෙන අයව හොයාගන්න අපි යෙහෝවා දෙවිටත් අපේ සෙසු සහෝදරයන්ටත් උදව් කරමු!—ලූක් 8:15.

[5වන පිටුවේ කොටුව]

එකිනෙකාට උදව් කරන්න

වෙනත් ප්‍රදේශවල ඉන්න ඔයාලගේ භාෂාව කතා කරන ජනයාට උදව් කරන්න ඔයාලා කැමති ඇති. එහෙමනම් සේවා සංවිධායකට ඒ සභාවල වැඩිමහල්ලන්ගෙන් ඒ ගැන අහන්න පුළුවන්. දුර ගැනත් සැලකිලිමත් වෙන්න. ඒ වගේම ඒ භාෂාව කතා කරන අය සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්නවද කියලත් බලන්න. ඒ ඒ ප්‍රදේශවල සභාවල වැඩිමහල්ලන්ට පුළුවන් ප්‍රචාරකයන්ට කියන්න එයාලා සේවයේ යද්දී අදාළ භාෂාව කතා කරන අයව මුණගැහුණොත් ඒ අයගේ නම් සහ ලිපින ලියාගෙන සේවා සංවිධායකට දෙන්න කියලා. සේවා සංවිධායක ඒවා අදාළ සභාවට ලබා දෙයි. උනන්දුව දක්වන අයව ඒ අයගේ භාෂාව කතා කරන සභාවට යොමු කරන එක වැදගත්. ඒ නිසා යම් ප්‍රදේශයක විවිධ භාෂා කතා කරන සභා තියෙනවා නම් ඒ සභාවල සේවා සංවිධායක සහෝදරයන් එකතු වෙලා ඒ මුළු ප්‍රදේශයෙම ඉන්න ඒ ඒ භාෂාව කතා කරන අයව හොයන්න පුළුවන් පහසු විදිහක් සාකච්ඡා කරන්න ඕනේ.

උනන්දුවක් දක්වන වෙන භාෂාවක් කතා කරන කෙනෙක්ව (හෝ බිහිරි කෙනෙක්ව) හම්බ වුණොත් නැවත ගොස් බලන්න (S-43) කියන පෝරමය පුරවා සභාවේ ලේකම්ට හැකි ඉක්මනින් දෙන්න. අපි එහෙම කරනවා නම් ඉක්මනින්ම දෙවි ගැන දැනගන්න ඒ කෙනාට පුළුවන් වෙයි.—km 5/11 3 පි. බලන්න.

[6වන පිටුවේ කොටුව]

ඔබේ භාෂාව කතා කරන අයව හොයන විදිහ

• බයිබලය පාඩම් කරන අය, පවුලේ සාමාජිකයන්, රැකියා ස්ථානයේ ඉන්න අයගෙන් අහන්න.

• දුරකථන නාමාවලියකින් ඒ භාෂාවට ආවේණික නම් තියෙන අයව හොයාගන්න. යම් ප්‍රදේශයක ඉන්න ඔයාලා හොයන භාෂාව කතා කරන අයගේ ලිපින හොයාගන්න සමහරවිට අන්තර්ජාලයෙන් හෝ දුරකථන ආයතනවලින්ද පුළුවන්.

• පුස්තකාල, රජයේ කාර්යාල සහ පාසැල් වගේ පොදු ජනයාට සේවාවන් ලබා දෙන තැන්වලින් අහන්න. හැබැයි එහෙම කරද්දී ඥානවන්ත වෙන්න.

• ඒ භාෂාව කතා කරන අයට සංවිධානය කරලා තියෙන උත්සව වගේ දේවල් ගැන පුවත්පත්වල තියෙනවා.

• යම් භාෂාවක් කතා කරන අය නිතරම යන කඩ සාප්පු හා ව්‍යාපාරික ස්ථානවලට ගිහින් අහන්න.

• ඒ භාෂාව කතා කරන අය ගැවසෙන ව්‍යාපාරික ස්ථාන, අධ්‍යාපන ආයතන, බස් නැවතුම් පොළවල් හෝ දුම්රිය පොළවල් හඳුනාගන්න. ඒ වගේ තැනක අපේ සඟරා පොත් පත් මේසයක තබා ප්‍රදර්ශනය කිරීමට අවසර ලබාගන්න.

• සමහර රටවල එක එක භාෂා කතා කරන අයගේ තොරතුරු තියෙන නාමාවලියක් හෝ අන්තර්ජාලයෙන් ඒ තොරතුරු ලබා ගන්න පුළුවන් පරිගණක වැඩසටහනක් මිල දී ගන්න පුළුවන්.

[7වන පිටුවේ කොටුව]

කියන්නේ මොකක්ද?

අපි කාරුණිකව මිත්‍රශීලීව හා අවංකව කතා කරනවා නම් අන් අය අපි ගැන වැරදි වැටහීමක් ඇති කරගන්නේ නැහැ. හොඳම දේ තමයි ඉස්සෙල්ලාම ඒ භාෂාවට අදාළ සඟරා පොත් පත් ඒ අයට පෙන්වන එක.

කෙනෙක්ට ආචාර කළාට පස්සේ මෙහෙම කියන්න පුළුවන්: “අපි ______ භාෂාව කතා කරන අයව හොයනවා. අපිට ඕනේ බයිබලයේ තියෙන පණිවිඩයක් ඒ අය එක්ක කතා කරන්න. ඔයා දන්න කවුරු හරි ඉන්නවද?”

ඔයාලා හොයන්නේ බිහිරි අයව නම් මෙහෙම කියන්න: “කොහොමද? අපි බිහිරි අයට දෙවියන් ගැන ඉගෙනගන්න උදව් කරනවා. අපි ළඟ මේ වගේ දෙයක් තියෙනවා. මේ තමයි සංඥා භාෂාවෙන් හදලා තියෙන බයිබලය. [DVD එකක් පෙන්නන්න පුළුවන් උපකරණයක් පාවිච්චි කරලා සංඥා භාෂාවෙන් තියෙන නව ලොව පරිවර්තනයෙන් පදයක් ඔවුන්ට පෙන්නන්න] බිහිරි අයට මේ වගේ තවත් DVD තැටි අපි ළඟ තියෙනවා. මේවට අපි කිසිම මුදලක් අය කරන්නේ නැහැ. ඔයා දන්න අඳුරන බිහිරි කෙනෙක් එහෙම ඉන්නවද?” එහෙම කෙනෙක්ව ගෙහිමියාට මතක නැත්නම් ඒ වගේ කෙනෙක්ව එයා සමහර විට දැකලා තියෙන්න පුළුවන් කියලා ඔයා හිතන තැනක් එයාට මතක් කරලා දෙන්න. උදාහරණයකට රැකියා ස්ථානය, පාසැල, එයාගේ ගෙවල් ළඟ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න