ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 1/13 5 පි.
  • සේවයේදී පාවිච්චි කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවයේදී පාවිච්චි කරන්න
  • 2013 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • වෙන භාෂාවක් කතා කරන අයට උදව් කිරීමට පාවිච්චි කරන්න
    2013 අපගේ රාජ්‍ය සේවාව
  • පෞද්ගලික අධ්‍යයනයට හා පවුලේ නමස්කාරයට ප්‍රයෝජනවත්
    2013 අපගේ රාජ්‍ය සේවාව
  • “බයිබලයෙන් උත්තර”දෙන්න සේවයේදී අපේ වෙබ් අඩවිය පාවිච්චි කරමු
    2014 අපගේ රාජ්‍ය සේවාව
  • jw.org වෙබ් අඩවිය - “සියලු ජාතීන්ට සාක්ෂියක්”
    2014 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
තව තොරතුරු
2013 අපගේ රාජ්‍ය සේවාව
km 1/13 5 පි.

සේවයේදී පාවිච්චි කරන්න

වෙබ් අඩවිය පාවිච්චි කරන්න උනන්දු කරන්න: සේවයේදී අපිත් එක්ක කතා කරන්න හෝ ප්‍රකාශන ගන්න අකමැති අය jw.org වෙබ් අඩවියෙන් අපි ගැන හොයලා බලන්න කැමති වේවි. ඒ නිසා පුළුවන් හැම අවස්ථාවෙම වෙබ් අඩවිය ගැන මිනිස්සුන්ට කියන්න.

උත්තර දෙන්න පාවිච්චි කරන්න: නිවැසියෙක්, උනන්දුව දක්වන කෙනෙක් හෝ යාළුවෙක් අපි ගැන හරි අපේ විශ්වාසයන් ගැන හරි ප්‍රශ්න අහන්න ඉඩ තියෙනවා. ඔයාලා ළඟ අන්තර්ජාල පහසුකම් තියෙන ජංගම උපකරණයක් තියෙනවා නම් ඒ වෙලාවෙම වෙබ් අඩවියට ගිහින් උත්තරේ පෙන්වන්න. ඒත් බයිබල් පදයක් බයිබලයෙන්ම පෙන්නන එකයි හොඳ. ඒ වගේ උපකරණයක් ඔයාලා ළඟ ඒ වෙලාවේ නැත්නම් අපේ වෙබ් අඩවිය පාවිච්චි කරලා උත්තරේ දැනගන්න, එයාට කියලා දෙන්න.—“බයිබල් ඉගැන්වීම්” යටතේ “බයිබල් ප්‍රශ්නවලට උත්තර” (ළඟදීම සිංහලෙන් එනවා.) හෝ “අපි ගැන” යටතේ “නිතරම අසන ප්‍රශ්න” යන ස්ථාන ක්ලික් කරන්න.

දන්නා කෙනෙක්ට ලිපියක් හෝ ප්‍රකාශනයක් යවන්න: ඩවුන්ලෝඩ් කරගත්ත PDF එකක් ඊ මේල් මගින් යවන්න හෝ පටිගත කළ ප්‍රකාශනයක් ඩවුන්ලෝඩ් කර CD එකකට කොපි කර දෙන්නත් පුළුවන්. මේ විදිහට බව්තීස්ම නොවූ කෙනෙක්ට සම්පූර්ණ ප්‍රකාශනයක් ලබා දෙන විට එය මාසෙ අන්තිමට වාර්තා කරන්න. ඔබේ නම සඳහන් නොකර හෝ තොරතුරු විශාල ප්‍රමාණවලින් හෝ යවන්න එපා. එය වෙනත් වෙබ් අඩවියකට දමන්නත් එපා.—“ප්‍රකාශන” යටතේ බලන්න.

අපි ගැන අලුත්ම පුවත් පෙන්වන්න: සාක්ෂිකරුවන් ලොව පුරා කරන වැඩ ගැනත් ඔවුන්ගේ එකමුතුකම ගැනත් අවබෝධයක් ලබාගන්න බයිබල් ශිෂ්‍යන්ට ඒක උදව් වෙයි. (ගීතා. 133:1)—“පුවත්” යටතේ බලන්න. දැනට සිංහලෙන් නැත.

[5වන පිටුවේ රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

කරලා බලන්න

1 “ප්‍රකාශන” යටතේ අවශ්‍ය ප්‍රකාශනය සොයාගන්න. එය කියවීමට හෝ ඇහුම්කන් දීමට ඔබට පුළුවන්. ඒ සඳහා අදාළ බොත්තම ක්ලික් කරන්න.

2 “MP3” බොත්තම ක්ලික් කළාම ප්‍රකාශනයේ මාතෘකා ලැයිස්තුව එනවා. එය ඩවුන්ලෝඩ් කරගැනීමට මාතෘකාව මත ක්ලික් කරන්න. ඒ වෙලාවෙම ඇසීමට ▸ ක්ලික් කරන්න.

3 ඔබට වෙනත් භාෂාවකින් ප්‍රකාශනයක් ඩවුන්ලෝඩ් කරගන්න ඕනෙ නම් “පෙන්වා ඇත්තේ” යන ස්ථානයෙන් අවශ්‍ය භාෂාව තෝරගන්න පුළුවන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න