වෙන භාෂාවක් කතා කරන අයට උදව් කිරීමට පාවිච්චි කරන්න
වෙබ් අඩවිය පෙන්වන්න: තමන්ගේ භාෂාවෙන් වෙබ් අඩවිය බැලීම සඳහා “භාෂාව” කියන ලැයිස්තුව පාවිච්චි කරන විදිහ ඔහුට පෙන්වන්න. (සමහර භාෂාවලින් තියෙන්නේ වෙබ් අඩවියේ කොටසක් විතරයි.)
ඔහුගේ භාෂාවෙන් තියෙන වෙබ් පිටුවක් පෙන්වන්න: බයිබල් ඉගැන්වීම් පොත හෝ ඔබත් මේ ප්‍රශ්න ගැන කල්පනා කර තිබෙනවාද? කියන පත්‍රිකාව වගේ ප්රකාශනයකින් පිටුවක් ඔහුට පෙන්වන්න. ඊටපස්සේ “කියවන්න” කියන ස්ථානයෙන් ඒ කෙනාගේ භාෂාව තෝරාගන්න.
ලිපියකට සවන් දෙන්න : ඒ කෙනාගේ භාෂාවෙන් හඬ කැවූ ලිපියක් එයාට අහන්න දෙන්න. ඔබ වෙනත් භාෂාවක් ඉගෙනගන්නවා නම් ඒ භාෂාවෙන් ඇති ලිපියකට සවන් දීමෙන් එය ප්‍රගුණ කරගන්න ඔබට පුළුවන් වෙයි.—“ප්‍රකාශන” යටතේ “පොත්/මාසික නොවන සඟරා” හෝ “සඟරා” යන ස්ථාන ක්ලික් කරන්න.
බිහිරි අයට: බයිබලයෙන්, පොතකින්, මාසික නොවන සඟරාවකින් හෝ පත්‍රිකාවකින් කොටසක් සංඥා භාෂාවෙන් විස්තර කරන වීඩියෝ දර්ශනයක් ඔහුට පෙන්වන්න.—“ප්‍රකාශන” යටතේ “සංඥා භාෂාව” යන ස්ථානය ක්ලික් කරන්න.
[6වන පිටුවේ රූප සටහන]
(මුද්‍රිත පිටපත බලන්න)
කරලා බලන්න
1 ප්රකාශනය පටිගත කර තිබෙනවා නම් එය ඩවුන්ලෝඩ් කරගැනීමට, “ඩවුන්ලෝඩ් කළ හැකි ෆෝමැට්” යන ස්ථානයේ ඇති අදාළ බොත්තම ක්ලික් කරන්න.
2 එම පිටුවෙම ඇති “කියවන්න” යන ස්ථානයෙන් වෙනත් භාෂාවක් තෝරාගැනීමට පුළුවන්.
3 ඊළඟ ලිපිය හෝ පරිච්ඡේදය කියවීමට “ඊළඟ ලිපිය” හෝ “පටුන” යන ස්ථාන ක්ලික් කරන්න.