මේ සඟරාව ගැළපෙන්නේ කාටද?
1. සඟරා කියවද්දී අපි සැලකිලිමත් වෙන්න ඕනෙ මොකක් ගැනද? ඒ ඇයි?
1 මුරටැඹ සහ පිබිදෙව්! සඟරා සකස් කරලා තියෙන්නෙ ලොව වටා ඉන්න හැම කෙනෙක්ටම ගැළපෙන විදිහට. විවිධ මාතෘකා යටතේ ලිපි තියෙන්නෙ ඒ නිසයි. ඒ ලිපි කියවද්දී ඒවා ගැළපෙන්නෙ කොයි වගේ අයටද කියලා හිතලා බලන්න අපිට පුළුවන්. ඊටපස්සේ අපිට පුළුවන් ඒ ඒ අයට අදාළ සඟරා ලබා දෙන්න.
2. අපේ සඟරාවල තියෙන මොන වගේ ලිපි අනිත් අයගේ උනන්දුව ඇද ගනියිද?
2 වැඩපොළේ කෙනෙක් එක්ක කතා කරපු, බයිබලේට අදාළ විෂයක් ගැන මෑත සඟරාවක පළ වුණාද? නෑදෑයෙක්ට ගැළපෙන පවුල් ජීවිතේට අදාළ ලිපියක් තියෙනවද? යාළුවෙක් පිටරටකට යනවා නම් ඒ රට ගැන ලිපියක් තියෙන පිබිදෙව්! සඟරාවක් එයාට දෙන්න පුළුවන්ද? සභාවට අයිති ප්‍රදේශයේ තියෙන ආණ්ඩුවේ හෝ පෞද්ගලික ආයතනයකට ගැළපෙන සඟරාවක් තියෙනවාද? උදාහරණෙකට මහලු අය මුහුණ දෙන අභියෝග ගැන සඳහන් සඟරාවක් සාත්තු නිවාසවල ඉන්න අය වැඩි උනන්දුවක් දක්වන්න පුළුවන්. නීතිය ක්‍රියාත්මක කරන කාර්යාලයක ඉන්න අය අපරාධ ගැන සඳහන් සඟරාවකට වැඩි උනන්දුවක් දක්වන්න ඉඩ තියෙනවා.
3. සමහර සඟරා ප්‍රයෝජනවත් වෙන අය ගැන කලින් හිතලා ඒ අයට ඒවා ලබා දීමෙන් ලැබුණු හොඳ ප්‍රතිඵල මොනවද?
3 ප්‍රතිඵල: දකුණු අප්‍රිකාවේ යුවළක් “දරුවාගේ අනාගතය ඔබේ අතේ!” කියන 2011 ඔක්තෝබර් පිබිදෙව්! සඟරාව එයාලගේ ප්‍රදේශයේ පාසල් 25කට බෙදා දෙන්න සැලසුම් කෙරුවා. එයින් පාසල් 22ක්ම සඟරා ලබාගෙන ළමයින් අතරේ බෙදාහැරියා. ඒ රටේ තවත් යුවළක් තම ප්‍රදේශයෙත් ඒ විදිහටම බෙදාහැරියා. එයින් එක පාසලක් සතිපතා කියවීමේ වැඩසටහනට ඒ සඟරාව යොදාගත්තා. මේ යුවළ එයාලගේ අද්දැකීම චාරිකා සේවකට කිව්වම ඔහු තම චාරිකාවේ අනිත් සභාවලටත් දිරිගැන්නුවා තමන්ගෙ ප්‍රදේශයේ තියෙන පාසැල්වලට සඟරා ලබා දෙන්න කියලා. ඒ සඟරාවේ තවත් පිටපත් ඉල්ලා ශාඛා කාර්යාලයට ලිපි ලැබුණ නිසා සඟරාව නැවත මුද්‍රණය කරන්න පවා සිදු වුණා.
4. මේ සඟරාව වැඩිදෙනෙක් අතර බෙදා දෙන්න ඕනෙ ඇයි?
4 බයිබලය සහ දේවරාජ්‍ය ගැනත් අද සිදු වෙන දේවලට හේතුව මොකක්ද කියලත් අපේ සඟරාවලින් පැහැදිලි කරලා දෙනවා. මේ සඟරාවලින් විතරයි ‘ගැලවීම ගැන ප්‍රකාශ කරන්නේ.’ (යෙසා. 52:7) ඒ නිසා පුළුවන් තරම් දෙනෙකුට මේ සඟරා ලබා දෙමු. ‘මේ සඟරාව ගැළපෙන්නේ කාටද’ කියලා හිතලා බැලුවොත් ඒක කරන්න අමාරු නෑ.